Panettone/ඉතාලි නත්තල් කේක්
ඉතාලි ඉන්න ඔයාලා අනිවාර්යෙන්ම ජීවිතේ එක පාරකට හරි පනෙත්තෝනෙ කෑල්ලක් කාලා ඇති..
ඉතාලි ජාතිකයන්ගෙ නත්තල හා බැඳී පවතින කේක් එක තමයි මේ.
මෙම කේක් නිෂ්පාදනය සඳහා ප්‍රසිද්ධිය උසුලන්නේ verona නගරයයි..
මිලාන් වල ඉන්න ඔයාලට මම මේ කියන්න යන්නේ අලුත්ම විස්තරයක්.
මිලාන් වල තියෙන හොදම රසකැවිලි වෙළඳ සැල්(Pasticceria) 10 අතර ඉහලින් නම රන්දන් සිටින වෙළදසැලක් තමයි 'Martesana' කියන්නෙ.
ඒක තියෙන්නෙ මම රැකියා කරන ස්ථානයට යාබදවයි.
Viale Gioia පාර අසල පිහිටා ඇති මේ රසකැවිලි හලට මේ නම තියන්න ඇත්තෙත් ඒ අසලින්ම ගලා යන පුංචි ඇල පාර නිසා වෙන්නැති..
ඉතාලියේ ජීවත් වූ මුළු කාලයටම මම කාලා තියෙන රසම Panettone තමයි Martesana රසකැවිලි සැලෙහි හදන පනෙත්තෝනය.. ඒක එයාලගෙම නිෂ්පාදනයක්.
ගිය අවුරුද්දෙ නත්තලට අප ආයතනයට පැමිණි ආගන්තුකයකුට සංග්‍රහ කිරීමට ගත් මෙම Panettone එක ගැන ආගන්තුකයා ඇතුළු සියලු දෙනාම ඉතා ඉහළින් කතා කරන අතර මට මේ රසකැවිලි වෙළඳසැල ගැනත් ඔවුන්ගෙන් අසන්නට ලැබුණා..ඉතාලි ජාතිකයන් අතර බොහොම ප්‍රසිද්ධ වෙළඳසැලක් වන මෙහි සාදන සියලුම රස කැවිලි ඉතා උසස් ප්‍රණීත මට්ටමේ ඒවායි. ඉතිං එදා මටත් කේක් කෑල්ලක් රස විඳීමට අවස්ථාව ලැබුණා.
හරිම මෘදු මෙම කේක් කැබැල්ලක් කටට ගත් සැනින් දියවෙන තත්ත්වයේ තියෙන්නේ, හරිම සුවඳයි එහි රස ගැන ලියන්න අමුතුවෙන් වචන උවමනායි..
ඒ නිසා අපි මේ පාර නත්තලට මේ කේක් එකක් ගත්තා.
ඇත්තටම අති ප්‍රණීතයි..
500g කේක් එකක් € 22 වෙනවා..
සාමාන්‍ය කිලෝ එකේ කේක් එකක් € 4.50 -5 ත් අතර මුදලට ගැනීමට තියෙද්දි මේ වගේ ග්‍රෑම් 500 ක කේක් එකක් එච්චර මිල අධික වීම පුදුමයට කරුණක් වුනත් එහි ප්‍රනීත බවත් සමග සසඳන කොට එම මුදල අයකිරීම කිසිදු අසාධාරණයක් නැහැ..
රසවත්ම දේ සොයන ඔබටයි මේ මග පෙන්වීම, රසවත්ම පනෙත්තෝනෙ කෑල්ලකින් දිව පිනවා ගැනීමට..
Panettone di verona මොනවද කියල හිතෙයි මේ කේක් කෑල්ලක් කෑවොතින්,
වචනයේ පරිසමාප්තයෙන්ම මිලාන් වල පනෙත්තෝනෙ නම් Martesana ය..
👌👌👌
ගයානි සුධීරා ලියනගේ
No comments:
Post a Comment