--- පිම්බා පිබිල්ලක් ---
හැමදාමත් තනියම ඉන්නෙ නැ හැමෝමවම වට කරගෙන ඉන්න තමා හීන මැවුවේ...ඔවු හැමදාමත් තනියම කොහේවත් ගියෙ නැ...අඩුම තරමේ වත්තෙන් පිට ගියේ නැදෑ ගෙදරකට විතරයි ඒත් ගේ අවට තියෙන...
ඉතිං දවසක් පාසලේ යාලුවො එක්ක ගියා විනෝද චාරිකාවක්...ගුරුවරුන් නිතරම කීවේ කවුරුත් තනියම ඈතට යන්න එපා...ඉතිං නිතරම රොත්තක් වගේ ගුරුවරුන් වඩා රොක් වුනේ...!
කාළය ටිකෙන් ටික ගෙවුණි...අපේ හිත තාරුණ්‍යයට අත වැනුවේ පුංචි මල්වැනි සිත් තුළ දස දහසක් හැගීම් මිරිකා තබමින්...කවදාවත් තනියම ඉදිරියට යන්න හිතුවෙ නැ...කාගේ හරි අතින් හෝ ඇදුමෙන් කෑල්ලක් හරි අල්ලාගෙන තමා ගමන ගියේ...!
මොකද තනියම ලෝකයක් ඉදිරියට යන්න බැරි නිසා...!
ඒත් එකම එක මොහොතක කාත් කවුරුත් නැතිව ඝණ වනාන්තරයේ තනි වෙනවා...ඇත්තටම කොහොමද මේ වනාන්තරයට ආවේ කියලා තාම හිතාගන්න බැ...මහා භයංකාර ශබ්ද කන් දෙවොනත් කරනවා...හුස්ම ගන්නා වේගය ඉස්සර හදිසියේ මුට්ටු කරන්න අරගෙන එන සරමක් මහනවා වගේ වේගයෙන් හදවත ගැහෙනවා...ඇත්තටම කොහේද මේ ඉන්නෙ...?
උඩ බිම බල බල කැරකි කැරකි ඉස්සරහට යනවද කැරකි කැරකි යන නිසා ඒ ආපු පැත්තකට නැවත යනවද කියලා හිතාගන්න බැ...ඒත් ඉදිරියටම යනවා...?
එක පාරටම විශාල ගිණි ජාලයක් ඇවිත් ඉදිරියෙ තිබුණා ගස ගිණි ගන්නා සැටු දැක ගල් ගැසී බලා සිටියෙමි...කොහොමද මේ ගහ ගිණි ගත්තෙ...? නැවතත් කකුල් දෙක ලඟටම ගිණි වරුසාවක් පතිත විය...? මේ මොන හෙනයක්ද...?
ඒ සමඟම ගස් දෙබෑකරගෙන තඩි මකරන් දෙදෙනෙකු එන බව දුටිමි...ටික වෙලාවක් අවසිහියෙන් මෙන් සිට නැවත ඔලුව ගසා සිහි අවදිකර ගතිමි... මකරන් දෙදෙනා රංඩු වන ආකාරයක් තමා පෙන්නුම් කරන්නම්...ඉතිං ඇයි දෙයියනේ මට ගිණි වරුසා එවන්නේ...?
ඉවසීමේ සීමාව පැන..."මොන කෙහෙල් මලක් ගත්තාටද මට ගිණි පුප්පන්නේ" මම ඇසිමි...තේරුම් ගත්තා නොගත්තා ඇසිය යුතුදේ ඇසුවෙමි...!
දෙයියනේ මෙන්න කියාපිය" තී මක්කටෙයි මෙහෙ ආවේ...මේ කැළෑ අයිති අපටයි තොපිලට නෙමේ...තොපිලා මෙහෙට ඇවිත් අපේ පිරිමින්වත් විනාශ කරන්නද යන්නේ"...?
"ආ මේ තීගේ මහත්තයාද "
"දැන් මම මොනවද කරපු වරද"
මේ මකරන් දෙදෙනා එකාට එකා ගිණි වරුසා ගසා ගන්නට විය...මෙලෝ දෙයක් තේරුම් ගන්නට නොහැකිව මම ගස් දෙබයක සැගවුණි...එසැණෙන්ම එක මකරකු පැමිණ මා ඔසවාගෙන යන්නට විය...?
" ඇයි මට මෙහෙම කරන්නේ...මම කරපු වරද මොකක්ද...ඇයි මාව දමා යන්නේ පහල සිටින්නේ ගැහැනු සතා බව ඇගෙ කතාවෙන් තේරුම් ගතිමි...මගේ පපුව හෝස් ගා යන්නට විය...එසැණෙන්ම මම මකරාගේ පාදය තදින් හපන්නට විය...ඌගෙ ග්‍රහණයෙන් මිදුණු මා තඩි කල් තලයකට වැටෙන්නට විය...මකරා සිනාමුසු මුහුණින් මා දෙසට එන්නට විය...මම වෙර යොදා ඌට පිම්බෙමි...හුරේ මටත් පිඹින්නට පුලුවන්...පිරිමි මකරා තව තව වේගයෙන් මා දෙසට එන්නට විය...
මූට අල්ලා ගන්න ඉඩ දෙන්නේ නැ මම කොහොම හරි බේරෙන්නට ඕනෙ...මම තව තවත් වෙර යොදා පිම්බෙමි...මීට වඩා බැ...දෙයියනේ මාව බේරාගන්නැයි දෙවියන්ට කන්නලවු කෙලෙමි...!!!
එසැනින් මා ගැස්සී ගියේය...ඇත්තටම සිදුවුයේ කුමක්දැයි තාම වටහාගත නොහැකිය...ඇද උඩ ඉදගෙන තාමත් කල්පනා කරමි...කෙසේ හෝ මමත් ගිණි පිම්බෙමි...හුරේ...🤣🤣🤣
**දුර්ගා**
No comments:
Post a Comment