Wednesday, April 10, 2019

සුදු පණ

ඔහු : "සුදු පණ" කොහොමද ඔයාට..

ඇය: හොඳින් ඉන්නවා පැටියෝ...ඔයා ඩ්‍රැයිවින් කරන ගමන් නේද 

ඔහු: ඔ⁣වුනේ පණ

ඇය: අනේ එහෙනම් මම  පස්සේ ගන්නම් 

ඔහු: අනේ කමක් නැ පණ ඔයා එක්ක කතා කර කර යද්දී පාර හොදට පේනවා😜

ඇය: ඔයා අර ඉල්ලපු සල්ලි එක මට දෙන්න පුළුවන්, 

ඔහු: මම ඉක්මනින්ම ඔයාට ඒ ණය බේරනවා පණ

( මුදල් ඔහුගේ නංගී කෙනෙකුගේ ගිනුමට බැර කර සතියක්වත් නැත)

ඇය: ඔයා කොහද පැටියෝ ඉන්නෙ.ඇත්තටම ඇයි දැන් මට කතා කරන්නේ නැත්තේ 

ඔහු😜 තමුසෙලට මොලේ නැද්ද ,මම ඩ්‍රැයිවු කරන ගමන් ඉන්නෙ 

ඇය: ඉතිං ඔයා ඉස්සර කීවේ මම එක්ක කතා කර කර ඉද්දි ඩ්‍රයිවු කරන්න ලේසියි කියලා 😥😥😥

ඔහු: මේ මල විකාර කියවන්නේ නැතිව ඉන්නවා.

ඇය: මේ ඔයාට පඩි ලැබුණා නේද,  මගෙ සල්ලි එක ගන්න පුළුවන්ද

ඔහු: තමුසෙගෙ සල්ලි එක අරගෙන මම දිව්‍ය ලෝකෙට යන්නේ නැ අයිසේ...

සැ:යු: තාමත් නොහදුනන ඔහුගේ දුරකතනය නිහඬය...

....................................................

**දුර්ගා**

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link