Wednesday, April 17, 2019

විඩාබර සිතුවිලි

--- විඩාබර සිතුවිලි ---


උදේ ඉදලම හිත තැන තැන දුවන්නට ගත්තෙ හිත හීලෑ කර ගන්නටත් බැරි ලෙස...වෙනදා අශ්ව වේගයෙන් ගමන් කරන ශරීරය දැන් ඉබි ගමනට හුරු වෙලා...


හිත රිදීමක් නම් නොවේ...ඒත් ශරීරය අඩපණ වීමක් වගේ...ඉතිං හිතද ඉබේම මේ ශරීරයට නතුවෙලා...හැමෝම නිතරම කීවේ "වැඩ කරනවා වේගය වැඩී"

" සුපර්මාර්කට් ගිහින් මෙච්චර ඉක්මනින් ආවද"

"ඔක්කෝම අයන් කලාද"

"දවසට තැන් දෙක තුනක වැඩ කරනවාද" 

කොහොමද මේ හැමදේම කරන්නේ...

ඔවු වේගයෙන් ඉතාමත් පිලිවෙලක් ඇතිව හැමදේම කලා...


 ඒ අතරතුර ෆ්බි එකටත් එබුනා...වෙනදා වගේම හිනාවෙලා විහිලු කර කර කතා කරකර ගියා...ඉඩ ලැබෙන සැනින් යමක් ලීවා...මහන්සි වුනත් ඒක නොදැනෙන්නට හිනාවෙලා හිටියා...ඒත් මොකක්දෝ දෙයක් තැනක නතර වෙලා කියලා දැනෙනවා...?


ගහක මුදුන් මුලක් ටිකක් හරි කැඩිලා තියෙනවා  දැක්කාම හිතට දුක හිතෙනවා...ඒත් අත තියන්න බැරි දුරකින් ඒ ගස තියෙනවානම් "අනේ" කිය කිය ඒ දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න එතනට ලංවෙලා තුවාල වුණ තැනට ප්‍රතිකාර කරන්න බැ...ඉතිං හිත විශාල කනස්සල්ලකින් නොපෙලෙනවා කියලා හිතන්න පුලුවන් ද...?


 ජිවතය මෙයයි...තම දේශයෙන් ඈතට ගිහින් ඉද්දි අපිට බොහෝ දේ දරාගන්න වෙනවා...රැකියාවෙ වෙහෙස එක්කම...හිතේ ගුලිවෙලා තෙරපෙමින් එළියට පනින්නට සුදානම් වන අකීකරු සිතුවිලි එක්ක දවස පුරාම ගැටෙමින් ඉදිරියට පය තබන්න අපිට සිදු වෙනවා...ඉතිං

"බැ දැන් මහන්සි "කියලා  සුවසේ  වි⁣වේකය ගන්නට අපිට බැ...විශේෂයෙන්ම කාන්තාවකට ( තනියෙන් ජිවන බර අදින කෙනෙකුට ) හීනයක් විතරයි "මහන්සි" කියන ලාමක සිතුවිල්ල...!


එසේනම් අශ්ව ගමනින් දවස පටන් ගෙන අශ්වයන් 25 කගේ වේගයෙන් වැඩ කරමින් දවස නිමා කරන කෙනෙකුගේ මනස කුමනාකාර එකක් විය යුතුද...???

**දුර්ගා**

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link