---- ජිවිතයට දෙයක් ---
පමාවී හෝ අරමුණක් කරා යන ගමනේ්දි අපිට විවිධාකාර පුද්ගලයන් මුණ ගැසෙන්නේ " විඩාබර මිනිත්තුවකට අහම්බෙන් ලැබෙන සෙවනැල්ලක්" වගේ...එතන මොහොතක් නතර වෙලා යන්න සුදානම් වෙන විට ඒ සෙවනැල්ල දමා යන්න බැරි තරමට සෙවනැල්ල අපි පසුපසින් එනවා...ඒ සෙවනැල්ල දන්නේ නැ එතන සෙවනැල්ල ලබන්න තව කොපමණක් ඉන්නවාද කියලා...ඒත් අපි දන්නවා නේද ඒ අපි නතර වී විඩාව නිවා ගත්තු තැන අපේ නෙමෙ කියලා...එහෙනම් අමාරුවේන් හෝ අපි එතනින් ඈතින් ඈතටම යන්න ඕනෙ නේද...?
ඔව් සමහර විට කියාවි " අපි අවස්ථාවාදී "කියලා...ඒත් තාවකාලික කිසිම තැනක සදාකාලිකව රැදෙන්න සිහිනෙන්වත් හිතන්න එපා...එහෙම වුනොත් ඔබටත් මටත් නැවතත් දරාගන්න බැරි කඳුළක් නොනැවතී
ගලා හැලෙන්නට පටන් ගනීවි...ජිවිතයට දවසින් දවස පාඩම් ඉගෙන ගන්න අපි...ඒ ලැබෙන අත්දැකීම් තුළින් පන්නරය ලබමින් අපේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් වැය වෙමු...!!!
ජිවිතය අපෙයි...
කලුගල් පරදා...
ජය ගන්න හැකිනම්...
දවසක ලොව හිනැහෙති
අප පාමුල...!!!
**දුර්ගා**
No comments:
Post a Comment