Sunday, April 14, 2019

ඊශ්‍රායලය නව කොරල් පරයක් ගොඩනගයි

ඊශ්‍රායලය නව කොරල් පරයක් ගොඩනගයි 😬


රතු මුහුදේ වසර දහදාහකටත් පෙර නිර්මාණය වි තිබූ බෙහෝ කොරල්පර 1990 අග භාගය වනවිට මිය ගොස් හෝ මිය යමින් තිබිණි. ඊට හේතුව ලෙස සාගර විද්‍යාඥයෝ පවසා සිටියේ ගල්ෆ් බොක්ක හරහා රතු මුහුදට කාන්දු වෙන බොර තෙල් නිසා කොරල් ආශ්‍රිත ඇල්ගී හා ඉකිරි පද්ධතිය විනාශ වීම නිසා මෙය සිදුවූ බවයි. එහෙත් සත්‍ය වශයෙන්ම බෙහෝ කොරල් පර විනාශ වී තිබුනේ රතු මුහුදේ අධික උෂ්ණතවය නිසාවෙනි.


රතු මුහුද විවිධ උෂ්ණත්ව කලාපයන් සහිත ලවන තටාකයකි. ග්‍රීෂ්ම සෘතුවෙහි එහි සමහර ස්ථාන පැරන්හයිටි අංශක 90 ක උෂ්ණතවයක් දරා සිටින විට Aqaba බොක්කේ ඡලය අධික ශිතලකින් යුක්තය.මෙහි කොරල් පර විනාශයට නිසා බොහෝ මත්ස්‍යයෝ රතු මුහුද හැර ගියහ. 


මෙයට පිලිතුරක් ලෙස ඊශ්‍රාලය සිය දකුණු කලාපීය සංචාරක නගරයක් වන EILAT වලට යාබදව රතු මුහුදේ උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි නව කොරල් පරයක් නිර්මාණය කිරීමට 2017 ඡුනි මස 12 වැනි දින පළමු පියවර තැබීය. එය පටන් ගනු ලැබුවේ ඊශ්‍රායල් සාගර විද්‍යාව පිළිබද අන්තර් විශ්වවිද්‍යාලිීය සහායෙනි. ඔවුහු පළමුව ඡලය මතුපිට සිට අඩි 28 ටකට යටින් යකඩ මැස්සක් ගැසූහ. 


එකී මැස්සේ සාගරික විශ්වවිද්‍යාලයේ වසර ගණනක්  පරීක්ෂනයට භාඡනය කල කොරල් සිටුවනු ලැබීය. ඒ අතර ඇල්ගී සහ ඉකිරි ඇතුරෑහ. දිනපතා කිමිදෙමින් සාගර විද්‍යාඥයෝ මෙකී කාර්යයයේ පරීක්ෂන කරමින් නිගමන වලට එළඹෙමින් ඡාත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගනිමින් එහි වර්ධනය හෝ අඩාලත්වය ගැන නිරන්තර අවධානයක සිටියහ. 


2019 වනවිට ඔවුහු සැතපුමි 7.5  ක් දිගැති ඊඡිප්තු මුහුදු කලාපයෙන් අවසන්වන නව කොරල් පරයක් නිර්මාණය කලහ. සැතපුම් 7.5 ක් ඈතින් ඊජිප්තු දේශසීමාව දක්වා දිවෙන ඊලට් කොරල් පරයේ මේ වනවිට  කොරල් විශේෂ සිය ගණනක් ජීවත් වන අතර එහි ඇති ජලජ සත්ව විශේෂ බොහොමයක් එහි ආහාර සහ නවාතැන සොයා ගෙන ඇත. 


විවධ ගල්මාලු වර්ග , මෝරුන් සහ හාව්ස්බිල් මුහුදු කැස්බෑවා මීට  ඇතුළත් වේ.ඊශ්‍රායල් බලධාරින්ගේ ප්‍රධාන ඉලක්කය මෙම කොරල් පරය මගින් දේශිය හා විදේශිය සංචාරයකින් Eilat නගරය සංචාරක ගමනාන්තයක් දක්වා ගෙන ඒමත් එහි ඡනගහණය දෙගුණකර නව සංචාරක නිකේතන 5000 ක් ඉදිකිරීමත්ය. 


දැනටමත් ඔවුහු කොරල් පරය සහ එහි විසිතුරැ මත්ස්‍ය සමිපත ප්‍රදර්ශනය වන පරිදි  මුහුද අභ්‍යන්තරයට යා හැකි කුටි නිර්මාණය කර මුලු කොරල් පරයම ස්වාභාවික රක්ෂිතයක් බවට පරිවර්තනය කර ඇත.


රතු මුහුදේ නව කොරල්පර නිර්මාණය

   (We Will Win )පිටුවේ තොරතුරු ඇසුරෙනි..

උ.ගැ

ඩිලාන් ආසිරි

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link