Wednesday, April 10, 2019

අනේ අම්මේ

____ අනේ අම්මේ ___

 

අම්මා නැමැති නාමය කාන්තාවකට ලැබුණා කියන්නේ...ඇ මේ මුලු ලෝකයම පාලනය කරන රැජිනක් වුවා හා සමානයි....ඒ තරම් ගෞරවණීය නාමයක් මේ තුන් ලොවේ නැ කියලයි මම හිතන්නේ....නොයෙකුත් දුක් වේදනාවන් විද ගනිමින් ඒ හැම අමාරුවක් පාසා...දුකක් හිතට නොගෙන සතුටින් ඒ හැමදේම දරාගන්න එකම එක ජිවිතය අභියෝග මවු පදවිය ලබන්නට සුදානම් වන කාළ වකවානුවයි.....


  මම ඊයේ යාලුවෙක් දාපු කොමෙන්ට් එකක් දැක්කා ඒකේ මෙන්න මෙහෙම තිබුණා "මම දන්න ගැහැණු කෙනෙක් දරුවෙකුට මවු කිරි දෙන්න වෙයි කියලා බබාලා හදන්නේ නැ කියලා කිවුවා ...අනේ මවු කිරි දෙන කොට මොනවා හරි අනර්ථයක් වෙනවද කාන්තාවකගේ ලස්සනට" 

   මමත් අම්මා කෙනෙක් හැටියට මේ ප්‍රශ්නයට මොකක්ද දෙන පිළිතුර.... "වෙඩි තියලා දාමු ඒ නංගීට" කියලා තමයි මම පිළිතුරු දුන්නේ...වෙන මොනා කියන්නද....?


     මුහුණු පොතේ විවාහයට සුදානම් වන නංගිලා මල්ලිලා ගොඩාක් ඉන්නවා....දරුවන්ගේ හුරතල් බලන්න ආශාවෙන් ඉන්න විවාහක නංගිලා ගොඩාක් ඉන්නවා....දෙයියනේ අම්මා කෙනෙකු වෙනවා කියන්නේ සුලු පටු දෙයක් නෙමෙ...ඒ උතුම් මවු පදවියට අපි සුදානම් වෙන්න ඔනේ....මනමාලියෙක් වෙන්න සුදානම් වන කාලයට වඩා වැඩි කාලයක්....මේ මවු පදවිය ලබන්නට සුදානම් වෙන්න ඕනේමයි....මොකද මේ ලෝකෙට නිරෝගිමත් මල් කැකුළක් ගේන්න යන නිසා..!!!


   මොහොතක් හිතන්න අපේ පුරුෂ පක්ෂය....තමන්ගේ නෝනව උපරිමයෙන් සතුටින් තියන්න තමුන්නැහැලාට උදා වෙන මේ මාස නවයේ කාල සිමාව තූල තමන්ගේ යුතුකම් ගැන...කැම බි්ම...ඇදුම් පැළඳුම් අරන් දුන් පමණින්ම සියලුම වගකීම් කලා කියන මතයෙන් බැහැර වෙලා...තමන්ගේ දරුවගේ අම්මව හැම තප්පරක් පාසාම සතුටින් තියන්න උත්සහ කරමු....!!...ආදරණීය අයියේ...මල්ලියේ දරුවෙකු ලැබෙන්නට ඉන්න මේ පුංචි කාලය තුළ තමන්ගේම නෝනව උපරිමයෙන් සතුටින් තියන්න උත්සහ කරන්න...නිරෝගිමත් දරුවෙකුගේ ආරම්භය අම්මාගේ කුසයි.....


   ආදරණීය නංගියේ දරුවෙකු කුස තුළ මොරා වැඩෙද්දි....මොන ප්‍රශ්නයක් ආවත් සතුටින් ඉන්න උත්සහ කරන්න...මවු පදවිය ලබන්නට හැමෝටම උරුම නැ...ගොඩාක් දේවල් කියන්න හිතෙනවා ඒත් ලියා ගන්න බැ...හෝ ගාලා කදුලු එනවා...?


  පවුල් ජිවිතය තුළ මොන ප්‍රශ්න ආවත් දරුවෙකු කුස තුළ තියාගෙන ප්‍රශ්න වලට මුන දුන්නොත්...ඒ මල් කැකුළ මේ ලෝකයට ආවට පස්සේ අපි විදපු දුක් වල ප්‍රතිඵලය අපේ ඇස්වලින්ම  බලා ගන්න පුලුවන්....ඒ නිසා...මේ උතුම් මවු පදවිය සතුටින් බාරගෙන....ලස්සනම නිරෝගිමත් දරු පැටියෙක් මේ ලෝකෙට දායාද කරමු....


  දරුවෙකුට කිරි දිලා රුපයට හානියක් වෙනවා කියලා හිතන සුකිරි මැණිකෙලා...අසරණ පුරුෂ පක්ෂයට වද නොදි....පවුල් අවුල් නොකර තනිකඩ ජිවිතයක හිටියොත් නේද හොද....අනේ මෙහෙමත් ගෑනු කියලා කම්මුලේ අත තියාගෙන ඉමු....


  අපේ මවුවරුන්ට දිනෙන් දිනම දරාගැනීමට, ශක්තිමත්ව හැමදේමටම මුහුණ දි්මට,ජිවිතයේ දොම්නස් දුරලා සොම්නසින් ලෝකය දිනන්නට ශක්තිය ලැබේවා ......!!!

**දුර්ගා**

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link