Saturday, April 6, 2019

මං ඔයා වගේ අය දැකල තියනවා

එක කොල්ලෙක් හිටිය..මේ කොල්ල සාති ගානක් තිස්සෙ එකම කෙල්ලෙක් පස්සෙන් යනවලු..ඉතින් එක දවසක් මේ කොල්ල ඒ කෙල්ල පස්සෙන් ගිහින් ඒ කෙල්ලට කිව්වලු,

"අනේ මන් ඔයාට කැමතියි.."

ඒපාර කෙල්ල හිනාවෙලා කිව්වලු,

"අයියෝ මන් ඔයා වගේ අය ඕන තරම් දැකල තියෙනව" කියල..

මේ කොල්ල ඉතින් ඊළඟ දවසෙත් මේ කෙල්ල පස්සෙන් ගිහින් ඒ කෙල්ලට කිව්වලු,

"අනේ මට කැමති වෙන්නකෝ..මන් ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරන්නම්.."

"අයියෝ මන් ඔයාට කිව්වනෙ මන් ඔයා වගේ අය ඕන තරම් දැකල තියෙනව.."

මේපාරත් මේ කොල්ල මුකුත් නොකිය යන්න ගියාලු..

මේ කොල්ල ඉතින් මේ විදිහට දවස් ගානක්ම අර කෙල්ලට කැමතියි කියල කිව්වලු..ඒත් ඒ කෙල්ල හැමවෙලේම කියන්නෙ මන් ඔයා වගේ අය ඕන තරම් දැකල තියෙනව කියලලු..ඒක නිසා මේ කොල්ල එක දවසක් ඒ කෙල්ලගෙන් ඇහුවලු,

"ඇයි ඔයා හැමවෙලේම මන් ඔයා වගේ අය ඕන තරම් දැකල තියෙනව කියල කියන්නෙ.."

"මන් ඉතින් ඔයා වගේ අය ඕන තරම් දැකල තියෙනව.."

"ඒ කොහොමද අෆ්ෆ.."

"මන් මානසික රෝහලක නර්ස් කෙනෙක්නෙ.."

චතිනි ප්‍රනාන්දු

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link