❤ දෙවියනේ කොච්චර ලස්සන ආදරණිය හාදුවක්ද ඒක.ජීවිත කාලයම මේ විදියට ලස්සනට ඉන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන හදවතුයි ඕනි අපිට.
බයේ අහු මුලු වල හැංගි හැංගි සිප ගන්නවාට වඩා ඒ හාදුව මොනතරම් නම් නිදහස්ද ආදරණීය ද ලෝකයක් ලස්සන වෙන්නෙ ඇත්තම ආදරනීය මිනිස්සු ඉද්දි.ආදරය අපරාධයක් යැයි දකින රටවල්,ආදරය හැංඟිය යුතුයි කියලා සිතන රටවල් මොන තරම් නම් ලෝකයේ තියෙනවද
කණගාටුවට කරුණ නම් අප ජීවත් වන්නේ එලිපිට අපරාධ කරන නමුත් සැඟවිලා ආදරේ කරන ලොවකය.....
ආදරය නැතිව මිනිස්සු ජීවත් වෙන්නේ නැත .අපි මිනිස්සු වෙන්නෙම ආදරය කරන නිසාය....
සුබ දවසක් 💐
ප්‍රියංගි නිරෝෂා
No comments:
Post a Comment