Wednesday, April 10, 2019

නිසි පෞරුෂයත්වයකින් හෙබි සැබෑ පිරිමින්

🧑 .. නිසි පෞරුෂයත්වයකින් හෙබි සැබෑ පිරිමින්..🧑


යුරෝපයේ ජීවත් වන මා ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් රටවල් දෙකක වෙසෙන පිරිමින්ගේ වෙනස මෙලෙස දකිමි.


~ඉතාලියෙහි  රැකියාව කරන, ඉතාලියේ ජීවත් වෙන  ඉතාලි ජාතිකයන්ගෙන් ඉගෙන ගන්න පුලුවන් උසස්ම ගුණාංගය තමයි ඉවසීම..

~විදේශිකයන්ගේ බොහොමයක් අශීලාචාර ක්‍රියාවන් හමුවේ(හොරකම්, වංචා, මත්කුඩු, ස්ත්‍රී දූෂණ, අපචාර, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය) මෙතරම් ඉවසීම ප්‍රගුණ කර ගත්තු මිනිස්සු කොට්ඨාසයක් මිහිමත තවත් නම් නැති තරම්.


~ඉතාලි ජාතික පිරිමින් යනු උපතින්ම  ඉවසිලිවන්ත පිරිසක්.

~මෙය ලංකාවේ උපත ලබා ලංකාවේ හැදී-වැඩුන මා දැක්ක පලමුවෙනිම විශේෂිත කරුනයි.

~බොහොමයක් ඉතාලි කාන්තාවන් ආවේගශීලීයි,ස්වාධීනයි.

~තම සැමියාට වත් හිස නොනමන බොහොමයක් කාන්තාවන් හරිම ආඩම්බර, උද්දච්ච ගති පැවතුම් ඇත්තියන්.

~මීට ප්‍රධානම හේතු ලෙස, 

-බොහොමයක් කාන්තාවන් උපතින්ම ධනවත් වීම හෝ රැකියාවන් වල නියුතුවූවන් වගේම ඔවුන් ජීවත් වන යුරෝපීය සංස්කෘතිය තුළින්  ඉගෙනගත්,බාලවිය සිටම හුරුවන සමාජ වටපිටාවත් මෙයට බලපාන කරුණු ලෙස මම දකිමි.

~පවුලෙහි ප්‍රධානියා පුරුෂයා වුවත් මෙහි ස්වාමි පුරුෂයන් හෝ පුරුෂාධිපත්‍ය පතුරවන පිරිමින් අතීතයේ ජීවත් වී ඇති බවට  සාක්ෂි ඇතිමුත් පසුකාලීනව වදවී ගොස් ඇතිබව පමණක් පැහැදිලිය.

~ඉතාලි ජාතික පිරිමින් උපතින්ම චීත්තය හදුනන්නේ නැත.

~මෙහි රැකියාවන් කරන ශ්‍රී ලාංකික ජාතිකයෙක් ලංකාවෙන් ගෙනා චීත්තයක් ඔවුනට පෙන්වුවද එය හුදෙක් ගැහැනුන් අඳින ඇඳුමක් මිස පිරිමින්ට නොගැලපෙන ඇඳුමක් බව තේරුම් ගැනීමට හැකි  බුද්ධිමය හැකියාවක් ඔවුනට ඇත.

~මන්දයත් ඉතාලි පිරිමින්

නිවටවුන් නොවන අතර කශේරුකාව වඩාත් ශක්තිමත්ව පිහිටන බවත් ඔවුන් වැදගත් මහත්වරු පමණක් අදින කළිසම අදින්නේ හුදෙක් විළිවසා ගැනීමට පමණක්ම නොවන බවත් එය පිරිමින්ටම උචිත වන ඇදුම බව තම ක්‍රියා වලින්ද ඔප්පු කර පෙන්වයි.

-මක්නිසාදයත් මෙහි

පිරිමින්

~ගැහැනුන් මෙන් ඕප-දූප සොයන්නේ නැත.

~කාන්තාවන්ට නිග්‍රහ කරන්නේ නැත.

~තම අසරණකම හෝ තම බිරිඳගේ වැරදි කියා පෙන්වා අන් ස්ත්‍රීන්ගේ අවධානය තමා වෙත යොමු කර ගන්නේ නැත.

~සෑම අවස්ථාවකදීම ගැහැණුන් ප්‍රථමයෙහි ලා සැලකේ.

~පෙම්වතිය තමාව අතැර ගියත් පසුපස කදුළු පෙරාගෙන අඩායන්නෙ නැත.

~ඇය බිය කර තමා වෙතට නැවත නොපැමිණිය හොත් අරවා,මේවා ප්‍රසිද්ධ කරන්නේ යැයි කියන්නෙ නැත.

~නැවත අලුත් පෙම්වතෙකු සමග ඇය සබදකමක් ඇති කර ගත හොත් මහමග ගැටුම් ඇති කර ගන්නේ නැත.

~තම සහකාරිය තමා ඇතැර ගියත්  තත්වය එයම වන අතර සමහරක් පිරිමින් තම සහකාරිය වශයෙන් තෝරාගත් කාන්තාවට පෙර විවාහයකින් දරුවන් සිටී නම් ඔවුන්වද නඩත්තු කරන අතර අවම වශයෙන් සුළු පියාගෙන් අතවරයට ලක්වු ගැහැණු ළමුන් ගැන වාර්තා නොවන තරම්ය.

~ඉතින් උත්තරීතර පීත්තෘත්වය ගැන මෙහි කරුණු දැක්වීම අනවශයය.

~පවුලක මව මෙන්ම පියාද සම වගකීම් දරයි.

~දරුවන් කැවීම පෙවීම නෑවීම නිදිකරවීම වගේම පාසලට ගෙන යාම පවා බොහෝවිට සිදුවන්නේ පියාගේ අතිනි.

~බොහොමයක් ළදරුවන් මව(mamma) යැයි ඇමතීමට ප්‍රථම පියා(papa) කියා අමතයි.

එහි වරදක් මා නොදකින අතර දරුවන් හා  පියා අතර ඇති බැඳීම  මොනවට විදහාපායි.

~පවුල් වල රන්ඩු දබර සාමාන්‍ය වන නමුත් පහරදීම හෝ ම්ලේච්ඡත්වය විදහාපාන ක්‍රියාවන් ඇසීමට හෝ දැකීමට නොලැබේ.

~එක්ව පවුල් කෑම නොහොත් එක්වවිසීම වැඩි වශයෙන් වාර්තා වන රටක නීත්‍යානුකූල විවාහය අවම අගයක් ගැනීම සාමාන්‍ය කරුණකි.

~එය එලෙස සිදුවී ඇත්තේ පුරුෂයා මෙන්ම ගැහැනිය ද තම ස්වාධීනත්වයට,

වඩා ඇලුම් කරන නිසාත් බැඳීම් කොළ කැබැල්ලක ලියා තහවුරු කරගැනීමට තරම් ඔවුන්ට අවශ්‍ය නැති නිසාත් බව මම සිතමි.

~කෙටියෙන්ම පවසනවා නම් මෙම ජාතිකයින් සිතින් බැද තබා ගත නොහැකි බැදීම් අතින් අල්ලා තබා ගන්නට උත්සාහ කරන්නේ නැත..

~මෙවන් වූ මනා හික්මීමක් ඇති කාරුණික පිරිමින් ඇස ගැටෙන සමාජයක ජීවත්වීමට වරම් ලබා ඇති මුත් ඔවුන්ගේ යහපත් ගතිගුණවලින් අල්පයක් තරම්වත්

ප්‍රමාණයක්  ඔබ උගත්තේ නැතිනම් ඔබ උපන් පොළවට මෙන්ම ඔබ පය ගසා සිටින මහ පොළොවටද  බරකි.නිගාවකි.

~ඇද අරින්න බැරි බලු නකුටට සම හැකි මෙවැන්නවුන් ලක් දෙරණෙහි උපත ලැබීමද අප රටේ මෙන්ම ජාතියෙහි ද  අභාග්‍යක් ලෙස මම දකිමි.


~ලංකාවේද බොහොම සුළුතරයක් පිරිමි හැරුණුකොට බහුතරයක් පිරිමි ඉහත කී අකාරුණික, ප්‍රචණ්ඩ,අශීලාචාර ගණයට ඇතුලත්ය.

~යුරෝපයේ ජීවත් වන ඔබට යුරෝපීය පිරිමින්ගෙන් උගත යුතු දෑ බොහෝය.

~ඉහත සඳහන් කළ කාංඩයට ඇතුලත් නොවන,..

යහපත්,කාරුණික,..තම මවට මෙන් සෑම කාන්තාවකටම ගරු කරන පිරිමින් මේ මුළු මහත් පොළවටම ආශිර්වාදයක් වන අතර ඔබට දාව උපත ලබන පුතනුවන්ද ඔබ මෙන්ම මඩ මතින් නැගී හිනැහෙන නෙළුමකට මම සම කරන්නෙමි..


ගයානි සුධීරා ලියනගේ

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link