Wednesday, April 17, 2019

අපට අහිමි වුන දේවල් නෙමේ බන් ජිවිතේ කියන්නේ

අපට අහිමි වුන දේවල් නෙමේ බන් ජිවිතේ කියන්නේ..🤗😎


උඹට ලැබුන හැමදේමත් නෙමෙයි ජීවිතේ නෙවෙයි..

අපිට අහිමි වෙන්න දෙයක් තියෙනවනම් ඒක වෙනවමයි.. 

ඉතින් අර නැති වුන දේවල් ඇතුලේ තමයි ජීවිතේ තිබුනේ කියලා හිතන එක කොයි තරම් මෝඩයිද බොලදයිද? 🙃🙂


හිතට දරාගන්නම බැරි දුකක් ප්‍රශ්නයක් ආපුවම

රටට ලෝකෙට කියලා උන්ගෙන්  ප්‍රශ්නෙට උත්තර 

බලාපොරොත්තු වෙලා වැඩක් නෑ බන්

ඒකෙන් වෙන්නේ ප්‍රශ්නේ විසදෙන එක නෙමෙයි බන් 

උඹට කෙලවෙනකන් බලන් හිටපු උන් හිනා වෙන එක විතරයි..🤚✌️


ඒක උඹගේ මගේ වරදක් නෙවෙයි.. අපි සාමාන්‍ය  මිනිස්සු..

හැඟීම් දැනීම් සියල්ලම උඹට මට පොදුයි.. 

දෙයක් අපිට හිමි වෙද්දී අපිට සතුටුයි.. 

දෙයක් අහිමි වෙද්දී අපිට දුකයි..

ඒත් ජීවිතයේ අවසානය එතැන නෙමෙයි.. 😙🤗


මේ යථාර්ථය  තේරුම් ගන්න බැරි තැන උඹ තීරණය කරනවද, අහිමි වුන දෙයක් වෙනුවෙන්, ජීවිතයම අතහරින්න? 😌😌


ප්‍රශ්න දාහක් හිත් ඇතුලේ තියාගේන පිච්චෙන මිනිස්සු

හිනා වෙලා ඉන්න එක හේතුවක් හරි හදන් සතුටින් ඉන්නවා

මටනම් උන් පට්ටයි 😘😘


අහිමි වුනේ උඹ පන වගේ  කරපු ආදරය වෙන්න පුළුවන්, 

භොක්කක් දීගෙන එකට කාපු බීපු යාලුවො  වෙන්න පුළුවන් , පවුලේ අය වෙන පුළුවන්..  ජිවිතය උඹට  තිබුන සිහිනයක් වෙන්න පුළුවන්..ඒත් එතැනින් ජීවිතයම ඉවර වෙන්න ඕනද?🤚


මම කියන්නේ, උඹට හිත හදාගන්න බැරිම වෙන්න ඇති..

 ඒත් උඹට මට ඒ හිත දරාගන්න පුළුවන් වෙන්න ඕන...!

රොශ් ♥️❤️

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link