Wednesday, April 10, 2019

වරද ඔබෙයි

(සැ:යු: වසර 3 කට පෙර ලියුවක්...අදටත් ගැලපේ යැයි සිතූ නිසා මෙසේ පලකරමි...)


---වරද ඔබෙයි---


දරුවෙක් කුසට ආදා සිට...මොන තරම්  අාසාවක්, සෙනෙහසක් අපේ සිත් වල උපදිනවද...ඒ දුවෙක් නම් අනේ අපේ මහලුවියේ රැකවරණය ගැන බියක් නොදැනේ... යැයි දෙමාපියන් කියති...(සමාජයේ එක් පැතිකඩක් පමණයි)....දියණිය ටිකෙන් ටික ලොකු වෙයි...ලස්සන මලක් ලෙස ලොව සුන්දරත්වයෙන් බබළයි යි...සුවද විහිදුවාලයි...


ඈ ලොකු වෙන්න වෙන්න ගෙදර අගහිගකම් වලින් අසරණ වෙයි...(ගෙදර පිරිමියෙක් ඇතා හෝ නැතා) පවුලේ අනාගතය මේ දිරිය දියණිය බාර ගනි..."අම්මේ..තාත්තෙ ..හෝ සැමියා අමතමින් ...ඔයාලා/ඔයා.. අපි ගැන වෙන මේ දුක් වෙන තරම බලාගෙන ඉන්න බැ...අපිට මීට වඩා ලස්සනට ජිවත් වෙන්න ඕනේ...නංගි මල්ලිට / දරුවන්ට ...උගන්වන්න ඕනේ...අපිටත් අනාගතයක් තියෙන්න ඕනේ...ලංකාවේ ඉදන් රැකියාවක් කරලා ජිවත් වෙන්න අපිට බැ...ඒ නිසා මම රට යන්නම්...???????


   අකමැත්තෙන් හෝ දෙමාපියන්..ස්වාමි පුරුෂයන් තම දුවට/ බිරියට රට සල්ලි සොයා ඒරොප්පෙට පියාසර කිරිමට අවසර දෙයි...සිය නැදැ පරපුර සමග කටුනායක ගුවන්තොටුපළට ලොකු බස් එකකින් යයි...(අද මෙසේ නොයන බව දනිමි...අප කුඩා කල මගේ මාමා මුල් වර රට ගිය සැටි සිහියට පැමිණි නිසා මේසේ සටහන් කරමි)


   කඳුළු පිරි දෙනෙතින් කටුනායක ගුවන්තොටුපලින් සමු ගන්නා මේ දිරිය කත...නන්නාඳුනන රටක තනි වෙයි...භාසාව නොදැන..බතට පුරුදු වුන දිවට එරොප්පේ නුපුරුදු කෑම රස හදුනා ගැනිමට නොහැකි අසරණ වුන හැටි...එළිවෙනතුරු නිදා ගන්න පුරුදු වුන නෙත් දෙක, පාන්දර හතරට පහට ඇරෙන්න පුරුදු වෙන්න විදපු දුක...රැට කාලා ඉවර වුන ගමන්...ටිවි එකේ යන කඳුළු පෙර පෙර බලන්න පුරුදු වුණ වෛවර්ණ ටෙලි නාට්‍යය සිහි කර කර රැ දොලහා එක වෙන තුරු වැඩ කරපු හැටි මතකද....?????


    මේ හැම දුකක්ම අමතක වුනා මාසේ අන්තිමට ආපු මුදල දැක්කම...නිවාඩු දිනය ආවා...ලොකු සතුටක් දැනුණා...යාලුවො එක්ක එලියට ගියා...විනෝද වුනා...අපි නිදහස් කිරිල්ලියෝ වගේ...ටිකක් කෑ ගහලා හිනා වුනා...තට්ටු දෙක තුන තියෙන/ තඩි ගෙවල් ඇතුලේම හිර වුන සිතට පොඩි ආදර හැගිමක් දැනුණා...වටපිට බැලුවා...ඇසට ඇසක් යා වුනා...කාගෙන්වත් බලපැමක් නැති ඒරොප්පෙ නිදහස් ජිවිතය සතුටින් ගත කලා...???????


  මෙන්න මේ නිදහස් ආදර ජිවිතයේදි හෝ තම නිදහස වැරදි ලෙස පාවිච්චි කළ ...සොයුරියන් කීප දෙනෙකු නිසා...අද එරොප්පේ ජිවත් වන හැම සොයුරියක් දෙසම වගේ  මුලු සමාජයේම වපර ඇස් යොමු වුනා....දැන් වරද කාගෙද / කොතැනද...???????


    එක්කෙනෙක් දෙන්නෙක්ගේ වැරදි නිසා.... පිරිමියෙක්ගේ වගකිම් තම දෑතට....තම හිසට අරගෙන දිවා රැ වෙහෙසෙන හැම සොයුරියකටම....වචන වලින් දමා ගසන්නෙකු වන්න එපා....මේ සමාජයේ හොඳ නරක දෙකම ඇත.... එය තේරුම් ගත හැකි නිසා අපිට මනුෂ්‍යයන් යැයි කියනු ලැබේ....???????


    දිවා රෑ දුක් විද විද තම කඳුළු ශ්‍රී ලංකා මුදල් වලට හරවන සියලුම සොයුරු සොයුරියන්ට මාගේ ප්‍රනාමය...!!!

    **දුර්ගා**

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link