--- කඳුළු කැට හෙට මිණිකැටය ---
දවසින් දවස අපි මොනතරම් කඳුළු බොනවද...ජිවතය ජය ගන්න, හැම උදයකම සිතනවා...ඒත්....ඒ එක්කම මහා විශාලතම චන්ඩ මාරුතයකින් මුලු සිතම...මුලු ශරිරයම වෙලා ගන්නවා...අපි පොළවට පාත් වෙන්නේ, බලාගෙන ඉද්දි, එක පාරම වාල්කඩ කඩා බිදගෙන එන ජල පහරක් වගේ...
නොසිතූ මොහොතක කඩාගෙන එන මේ ජල කදේ ,එහාට මෙහාට පෙරලි පෙරලි ,ගල්පර වල හැප්පි හැප්පි, මේ කොහේද ඇත්තටම යන්නේ...ගල්පර වල හැප්පීමෙන් තුවාල වුනා නේද...??? අතේ සුලු වේදනාකාරී බවක් මතු වුවත් ,හිතේ ඇතිවු වේදනාව,ලැජ්ජාව කොපමනද...අතේ තුවාලයට වඩා වැඩි වේදිනාවක් ඇති වුණේ අපේ සිතේ බව...වැටහෙද්දි අපි ගොඩාක් ආපස්සට ගොස් ඉවරයි කියලා ඔබ දන්නවාද...
මේ ජිවතය දිනන්න අපිට කවදාවත්ම බැ...මේ සසර ගමනේ දිනා ගත යුත්තේ මොනවද කියලා අපි කවුරුත් තාම දන්නේ නැ...ආදරයක්, නිවසක්, හොඳ සැමියෙක්/ බිරිඳක් , යාන වාහන, දරුවන්ට හොඳ පාසලක්...මේවද අපි දිනා ගන්න මෙතරම් පොර කන්නේ... නැ අපි උදේ හවා මේ හැටි මහන්සි වී හොයන්නෙ...කුමක්දැයි මම දන්නේත් නැ....ඔබ දන්නේත් නැ...?
අද ගෙයක් ලැබුනොත්...හෙට ගෙදරට බඩු ගන්න වෙහෙසෙනවා...ලස්සන රෙද්දක් දුටු ගමන් ඒකෙන් ලස්සන ගවුමක් මහන්න / කමිසයක් මහන්න මෝස්තර හොයනවා...ඒත් කඳුළුකැට නෙතට ආපු ගමන් අපි මොකද කරන්නේ...???
ඔබයි මමයි මෙතෙක් මේ ආපු ගමන හරිම කටුකයි...ඒත් මිහිරියි...කුහක මිනිසුන් සමඟ යන මේ ගමන හරිම භයානකයි වගේම බුද්ධිමත්...ඉතිං තව ටික කාළයකට විතරයි අපි මෙතැන රැදෙන්නේ...හෙට අපේ දරුවන් මෙතනට ඒවි...අපි කියමු කඳුළු සමඟ අපි ආ මේ ගමනේ අරමුණ...ජය ගමු අද වගේම හෙටත්...!!!
කඳුළුකැට හෙට මිණිකැට වන්නේ...
බාධක අපහට හෙටත් ලැබෙන්නේ ...
ජය ගන්නට දෝ මාවතේ යන්නේ...
ආදරයක් හෙට නැතිද ලැබෙන්නේ...
**දුර්ගා**
No comments:
Post a Comment