Wednesday, April 10, 2019

අපි වෙනුවෙන් අපි

--- අපි වෙනුවෙන් අපි ---


ජිවිතයේ පැටලිලි සහගත අවස්ථාවන් වලදි...අනිවාර්යයෙන්ම අනිත් අයගෙ සහය අපිට අවශ්‍යමය...නැතිනම් අපගේ වටිනා ජිවිතය දවල් කාළයේ එළියට බසින වවුලන් හා සමානය...කොතරම් පරිස්සමෙන් යන්න තීරණය කලත් යන්නේම වැරදි මාර්ගයේය...මගේ ජිවිතය අත්දැකීම් එක්ක බලද්දී...යම් යම් අවස්ථාවන්හීදි මම බොහෝ අයගෙ උදව් බලාපොරොත්තු වුවෙමි...මම තනියම යනවා කියලා හිතේ ශක්තිය සමඟ එළියට බැස්සද...අනිවාර්යයෙන්ම මට තව කෙනෙකුගෙ සහය අවශ්‍යම විය...තාමත් එසේමයි...?


   මනුෂ්‍ය ආත්මයන් ලැබූ අපි අතින් බොහෝ වැරදි සිදුවන්නේ ඒ මනුෂ්‍ය ගතිය නිසාමය...ඔබත් මාත් අතින් වැරදි බොහෝ සිදු විය...ඉදිරියටත් සිදුවිය හැකිය...අඬන්නට ගිය දෙනෙතක කඳුළු වලකාලීමට හැකි වීම ගැන මම හදවතින්ම සතුටු වෙමි...එහෙත් රැවටීමට...රැවැට්ටීමට සීමාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතුමය...මුහුණු පොතින් හදුනා ගන්නා සිත් විටක හරිම සුන්දරය...තවත් විටක චන්ඩ මාරුතයක් වගේ දරුණුය...?


   අපේ සැබෑ ජිවිත දිහා මොහොතක් හැරි බලද්දී අපි කී දෙනෙකුට නම් රැවටිලා ඇද්ද...ගැහැනියක, පිරිමියකු ලෙස...පෙම්වතිය, පෙම්වතා ලෙස මොන තරම් කඳුළු හෙලා ඇද්ද...ඒත් ජිවිතයේ කවදාවත් තවත් කෙනෙකුගෙ හැගුම් දැනීම් සමඟ සෙල්ලම් කරන්න කවදාවත් හිතන්න එපා...තමන්ගේ අම්මා අප්පා කියලා තවත් අයව විකුණලා ජිවත් වෙන්න එපා...ආදරය ලබා ගන්න බොරු කියලා රවට්ටලා ලබන සතුට කුමක්ද...?


   ඔබට මට අපි හැමෝටම ආදරය අවශ්‍යයි...එය වයස් බේදයකින් තොරව අපිට ලබා ගැනිමට...ලබා දීමට අයිතියක් අනිවාර්යයෙන්ම තියෙනවා...ඒත් අවසානයේ ඇස් දෙකකට කඳුළු උරුම කරන්න බලාගෙන ආදරයෙන් මුලා කිරිමට අයිතියක් අපි කාටවත් නැ...!


    මුහුණු පොතින් හමුවුනේ අපිට ආදරය කරුණාව දක්වන සුන්දර හදවත් ගොඩාක්...අපි වඩා ශක්තියමත් වැඩිහිටියන් පිරිසක් ඉන්නවා...ඒ අයට හැමදාම අපි ගෞරවණීය ලෙස සලකන්නේ පුංචි කාලේ ඉදලා අපි ඉගෙනගත් හොද ගතිගුණ වල ප්‍රතිඵලය හැටියටයි...ඒ වගේම අක්කා නංගී කියලා හදවත පුරා ආමන්ත්‍රණය කරන සුන්දර හදවත් වලට දැන දැන වරදක වැටෙන්නට ඉඩ දෙන්නෙ නැ...පුංචි කාලෙ ඉදලා හැමෝවම පරිස්සමෙන් ආදරෙන් බලා ගන්න මම පුරුදු වුණා...ඉදිරියටත් ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැ...සතුටින් ඉන්න හැමදාම...!!!

**දුර්ගා**

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link