---රට රැකියා කරන සියලුම අපි ---
අප අපගේ දේශයෙන්...දෙමාපියන්ගෙන් දරුවන්ගේන් ඈත් වෙලා සත්සමුදුරෙන් එපිට නන්නාඳුනන දේශයක...අරුම පුදුම භාෂාව...වෛර්ණ මිනිස්සුන් මැද තනිවෙලා...දෑසේ කඳුළු සමඟ මුදලට රැකියාව කරන්නේ මාසේ අන්තිමට අපගේ අතට එන මුදල් ඉදිරියේ...අපගේ දෙමාපියන්ගේ දරුවන්ගේ සිනහව මැවී පෙනෙන නිසාමය...
රට රැකියාවට පැමිණි අලුත අපි මොන තරම් නම් අඬනවාද...මේ හුරතල් කඳුළු රට රැකියා කරන ඔබත් මමත් ඉතාමත් හොදින් අත්විඳ තිබෙනවා නේද...විටක ගෙදර ප්‍රධානියා...වැඩපලේ ප්‍රධානියා කියන දෙය තේරුම් ගන්න නොහැකිව අපි අසරණ වුණ අවස්ථා කොපමණද...දැන් මතක් වෙද්දී නිතැතින්ම සිනහාවක් නොනැංගේද...
රට ජිවිතය ගැන මොනතරම් නම් අත්දැකීම් අපි සතුද...ඉවසීමෙන් අවධානයෙන්...අවබෝධයෙන් රට රැකියා කල යුතු යුගයක් දැන් දැන් උදාවෙමින් පවති...ඒ මන්දයත් මීට වසර කීපයකට පෙර අපි නිදහසේ රැකියාවේ නිරතවුයෙමු...වැඩ කරන තැන ප්‍රධානීන් සමඟ ඉතාමත් සුහදශීලිව රාජකාරියේ නිරත වූවෙමු...
මහළු අය බලා ගැනීමේදි හොද ඉවසීමෙන් කටයුතු කලෙමු...එහෙත් අද අපිට ඉවසීමෙන් කටයුතු කල නොහැකි තත්ත්වයට පත්වී ඇත...අප සිත් කලබලය...කලහාකාරීය...වේදනාකාරීය...එහෙම කියලා අපි රැකියාව කරන තැනට අවංකව වැඩ කල යුතු මිසක...අපි යැපෙන තැනට අවැඩක් කිසිසේත්ම නොකල යුතුමය...
විශේෂයෙන්ම මහළු අය බලාගන්න හා කුඩා දරුවන් බලාගන්න අය ඉතාමත් ඉවසීමෙන් කටයුතු කල යුතුමයි...ගෙදර දොර ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න අපගේ හිසටත් ඉහලින් බව දනිමු...එහෙම වුණා කියලා වැඩ කරන තැන අයගෙන් පලි ගන්න යන්න එපා කවදාවත්...
විශෙෂයෙන් මහළු අය බලාගන්න...කුඩා දරුවන් බලාගන්න අය කවදාවත් ඒ අයට ශාරිරික වදහිංසා දෙන්න යන්න එපා...කිසියම් කෙනෙකුට ඔබ ගැන සැක සිතුණහොත් ඒ පසුපස ලුහුබදින පිරිසක් දැන් සිටිනවා...ඔබට නොදැණුනාට ඔබ කරන අඩම්තේට්ටු තව කෙනෙකු කෙසේවත් බලාගෙන ඉන්නේ නැ...
අපිට රැකියාව දෙන්නෙ ඔවුන්ව ආදරෙන් රැකබලා ගනීවි කියන විශ්වාස සමගයි...විශෙෂයෙන්ම ශ්‍රී ලංකාවේ කියපුහම අපිට මේ රටවල ලොකු ගෞරවයක් තියෙනවා...ඒ ගෞරවය රැක ගෙන වැඩ කරමු...මා මෙසේ ලිවීමට හේතුව අද you tube එකේ දැකපු විඩියෝ එකක් නිසා...
ඉතාමත් විශ්වාසවන්ත ලෙස මහළු අයකුව බලාගන්න දෙපලක් විසින් එම මහළු කතට කරන අඩම්තේට්ටු විඩියෝ ගත කර නීතියට බාර දී ඇත...එහිදි ඔවුන් පවසන්නේ " ඔර්ජිනල් ශ්‍රී ලංකාවේ පුරවැසියන් " කියලයි...
මහළු අය සමඟ වැඩ කරන්න ගොඩාරියක් අමාරුයි කියලා අත්දැකීමෙන් මමත් කියනවා...මම අවුරුදු හතරාමාරක් ආච්චි කෙනෙක්ව බැලුවා...ඇයට ඉතා ඉක්මනින් තරහා යන රෝගය තියෙන බව රැකියාවට මාව ගද්දිම ඇගේ දරුවන් මට කීවා...ඉතාමත් ඉවසීමෙන් අම්මාව බලාගන්න මට බාර දුන්නා...හරියට භාෂාව නොදැන සිටි මම උදේ හවා අඩමින් වැඩ කලා ආච්චි ඒ තරම් නපුරුයි...ඒත් මට රැකියාවක් තියෙනවා හොද පඩියක් සමඟ ඉතිං අවශ්‍ය වුනේ ඉවසීමයි ආත්ම ශක්තියයි...
අපිට මෙසේ ඉවසීමෙන් වැඩ කරන්න බැරිනම් හොදම දේ රැකියාවේන් සමු ගන්න එක නොවේද...කවදාවත් කන්න දෙන අත හපා කන්න එපා...දැන් නිතිය වැඩ කරන අප පසුපස ඉන්නවා...ඒ නිසා දුක් කරදර ඉවසීමෙන් දරාගෙන අපිට හිමි වැඩ කොටස කරන්න තරම් හොද මානසිකත්වයක් නැතිනම් හොදම දේ අතහැර යාමයි... විශේෂයෙන් මනුෂ්‍යත්වයට මුල් තැන දෙමින් මුදල් උපයමු...!!!
**දුර්ගා**
No comments:
Post a Comment