Thursday, April 11, 2019

ISEE 2019

ISEE 2019


  (මෙය මගෙ පෞද්ගලික අදහසක් මිස ඉතාලි ලියවිල්ලක සිංහල පරිවර්තනය නොවේ,සරලව තේරුම් ගැනීම සදහාම පමනකි.)


මොකක්ද මේ ISEE කියන්නෙ. ඉතාලි වලින් කියනවා නම්,

l'Indicatore della Situazione Economica Equivalente..

සරලව කියනවනන් ධනවත් නොවන මධ්‍යම පාන්තික හෝ අඩු ආදායම්ලාභී  ඒක පුද්ගල හෝ පවුලක ආදායම වර්ග කර මනිනු ලබන දත්තයක්.


~ ඉතාලි ජනරජය මගින් ලබාදෙන පහසුකම්,දිරි දීමනා, සහනාධාර, වෛද්‍ය, අධ්‍යාපන, නිවාස, වැනි විවිධ මූලික අවශ්‍යතා සඳහා වන සේවාවන් ලබා ගැනීමේදී අදාල ලියකියවිලි ඉදිරිපත් කිරීම මගින් ආර්ථික වාසීන් රැසක් ලබා ගත හැක..


~ මෙය ඉදිරිපත් කිරීම මගින් ගෙවිය යුතු මුළු මුදලින් අඩක් හෝ ඊටත් වඩා අඩුවෙන් (ඔබගේ ISEE අගය මත මෙය වෙනස් වේ)

 මුදල් ගෙවා ඔබට විශේෂ සේවා හා පහසුකම් රැසක් ලබාගත හැක.

 

මින් කිහිපයක් නම්,

~පාසල් ළමුන්ගේ දිවා ආහාරය 

~උසස් අධ්‍යාපනය සදහා විශ්ව විද්‍යාල අයදුම් ප්‍රවේශයට

~කෘෂිකාර්මික හා ස්වයං රැකියාවල යෙදෙන්නන් හට අවශය දිරි දීමනා

~ ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් උදෙසා පහසුකම් ලබා ගැනීමට

~වෛද්‍ය ක්ෂේත්‍රයේ සමහරක් සහනාදාර සඳහා..


මෙවැනි සහ තව බොහෝ අවස්ථාවන් සඳහා අදාල ලියවිල්ල ඉදිරිපත් කිරීම තුලින් ආර්ථික වාසීන් රැසක් ලබාගත හැක.


~මෙම ලියවිල්ල තුළ අන්තර්ගත වන විශේෂ කරුණ වන්නේ

-පවුලක ආදායම

- ඔබට අයිති දේපලමය වටිනාකම

-ආබාධිත හෝ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයකු සදහා වෙන් කරන මුදල

-කුළී පදනම මත ජීවත්වන නිවාස හෝ මිලදීගත් නිවාස සඳහා ගෙවන මුදල්මය වටිනාකම

යන දෑ වේ.

 

මෙම ලියවිල්ල වලංගු වන්නේ එය සාදන දින සිට වසරක් සඳහා පමණි. 

බොහෝ විට සෑම වසරකම අවසානයේ මෙය කල් ඉකුත් වන අතර නව වසර මුල මෙය අලුත් කරගත යුතුය..


මෙය සෑදීම සඳහා ඔබ යා යුතු වන්නේ.,

-centro assitenza fiscale

-patronato

වැනි ජනතා සේවා සපයන ආයතන වෙතයි.


ISEE සෑදීම සඳහා ඔබට අවශ්‍ය කරන ලියවිලි වන්නේ:


~අයඳුම් කරන්නාගෙ ජාතික හැඳුනුම්පත - Carta d'identità 


~ අයදුම් කරන්නාගේ ෆිස්කල්/ටැක්ස් කාඩ්පත - Codice Fiscale


~පවුලේ අනිකුත් සාමාජිකයන්ගේ ෆිස්කල් කාඩ් පත්- codice fiscale


~ ඔබ කුලී පදනම මත ලබාගත් ගෙදරක ජීවත්වෙනවා නම් අදාල නිවසෙහි කොන්ත්‍රාත්තුව හා ලියාපදිංචි කළ සහතිකය


~ මිලදීගත් නිවසක ජීවත් වනවා නම් අදාල ලියකියවිලි -certificati/visura catastale


~ ඔබ ඇතුළු රැකියාවෙහි නියුතු අනිකුත් සාමාජිකයන්ගේ ගෙවුන වසරෙහි ආදායම් වාර්තාවන් - Modello 730/Unico,Cud


~ඔබ පදිංචි නගර සභාව තුළ ලියාපදිංචි වී ඇති බවට තමා විසින්ම පුරවා අත්සන් කරන ලද  ලියාපදිංචි සහතිකය - Autocertificazione

 della residenza 


~ පවුලෙහි ආබාධිත පුද්ගලයන් ඇත්නම් ඔහු /ඇය ආබාධිත බව සහතික කර ඇති ලියවිල්ල (certificazione della disabilita)


~ ඔබ ජීවිත රක්ෂණයක් ලබාගෙන ඇත්නම් එහි සහතික පත්‍ර - contratto di assicurazione sulla vita 


~ගෙවුන වසරෙහි අවසාන දින දක්වා පවත්වාගෙන ආ බැංකු ගිණුමෙහි තොරතුරු සහ ශේෂය ලබාදෙන ලියවිල්ල - Giacenza media annua riferita a depositi bancari e/o postali


~ ඔබට හෝ පවුලේ සාමාජිකයෙකුට රථවාහන ඇත්නම් එහි ද ලියාපදිංචි  අංකය

(Targa di registrazione di autoveicoli )


~ මෙම ISEE ලියවිල්ල සෑදීම අනිවාර්ය නොවන අතර මෙය ඉදිරිපත් කිරීම තුළින් කලින් සඳහන් කළ සේ ගෙවිය යුතු මුදලින් කොටසක් පමණක් ගෙවීමේ පහසුකම ලැබෙන අතර මෙය සාදා නැති පුද්ගලයන් හට ගෙවිය යුතු මුළු මුදලම ගෙවීමට සිදුවේ.


අඩුපාඩු ඇතොත් නිවැරදි කරන්න.

ස්තූතියි.


ගයානි සුධීරා ලියනගේ

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link