Wednesday, April 17, 2019

ෆේස් බුක් ආදරය කෙල්ලෝ කොල්ලෝ ඒ වගේම කසාද බැඳපු ගැහැණු පිරිමි

ෆේස් බුක් ආදරය කෙල්ලෝ කොල්ලෝ ඒ වගේම කසාද බැඳපු ගැහැණු පිරිමි බහුතරයක් facebook එකට එන්නේ ආදරය හොයාගෙන.

facebook profile එක බලලා මනුස්සයෙක්ගේ ජීවිතයක් තේරුම් ගන්න අමාරුයි.


කොල්ලො තමන් දන්න තමන් දැකලා තියෙන තමන්ට පේන්න ඉන්න ගොඩක් ගෑනු ළමයි අතරේ ඊට වඩා හොඳ කෙනෙක් , හරියටම කිව්වොත් princess කෙනෙක් හොයාගෙන ෆේස්බුක් එකට එනවා.


කෙල්ලෝ තමන් දන්න, තමන් දැකලා තියෙන, තමන්ට පේන්න ඉන්න ගොඩක් කොල්ලෝ අතරේ ඊට වඩා හොඳ රොක්ස්ලා,මැක්ස්ලා,ප්‍රින්ස්ලා

හොයාගන facebook එකට එනවා.


facebook ඉන්න ගොඩක් කොල්ලන්ට ඔය ගෙවල් වල වැඩකරන සාමාන්‍ය විදිහට ජීවත්වෙන අහිංසක කෙල්ලන්ට වඩා ඩී.එස්.එල්.ආර් කැමරා

වලින් ෆොටෝ ගහලා එහෙට මෙහෙට නැවිච්ච, ඇඟිලි දික් වෙච්ච කෙල්ලන්ව ගොඩක් ලස්සනට පේනවා.


ඒ වගේම facebook කෙල්ලන්ට, මහන්සි වෙලා දුක් විඳලා හම්බ කරන, හැමදාමත් රස්සාවට යන දාඩිය සුවද ගහන, අහිංසක කොල්ලන්ට වඩා ඇඟිලි  තුනහතරක් දික්කරගෙන සග දාල රගන, එහෙට මෙහෙට නැමිලා පොෂ් එකට ෆොටෝ දාන කොල්ලන්ව වටිනවා.


facebook එකේ කොටු පනින කසාද බැඳපු පිරිමින්ට තමන්ගෙ ගෙදර හැම වැඩක්ම කරන තමන්ව ආදරෙන් බලාගන්න, තමන්ගේ දරුවන් ආදරයෙන් බලාගන්න, මහන්සිවෙන, දුක්විඳින තමන් කසාද බැදපු ගෑනි ට වඩා

facebook එකේ එහෙට මෙහෙට ඇඹරිල මේකප් අට්ටි පිටින් උලාගෙන දගලන අම්මන්ඩිලා වටිනවා.


ඒ වගේම ගෙදර වැඩක් පලක් කරන්න නැතුව,ගෙවල් කුණු වෙන්න ඇරලා පැය 24ම ෆේස්බුක් එකේ දඟලන සමහර අම්මන්ඩිලාට,

තමන්ගෙ කසාද බැඳපු 

තමන් වෙනුවෙන් දුක් මහන්සි වෙන 

තමන්ගෙ දරුවො වෙනුවෙන් තමන්ගෙ පවුල වෙනුවෙන් කැප වෙලා මහන්සි වෙලා වැඩ කරලා හෙම්බත් වෙලා ගෙදර එන තමන්ගෙ කසාද බැඳපු මිනිහට වඩා facebook එකේ කොටු පනින්න ඇවිල්ලා ගෑනුන්ට සුරන්ගනා කතා කියන , පැණි හලාගෙන රගන  සමහර පිරිමි වටිනවා.


මම දන්න හැටියට කිසිම කෙනෙක්ට ෆේස්බුක් එක වගේ දෙයකින් සැබෑ ආදරයක් හොයාගන්න අමාරුයි මොකද ඒකෙ අපිට බලන්න තියන අවකාශය ගොඩක් සීමිතයි


ඒ වගේමයි photo කෑල්ලකින් මනුස්සයෙක්ගේ සම්පූර්ණම ජීවිතේ ,

ඒ මනුස්සයාගේ සම්පූර්ණ හැසිරීම,  සම්පූර්ණ ක්‍රියාකලාපය

විග්‍රහ කරන්න අමාරුයි.


මේවා තේරුම් ගන්නෙ නැති නිසා මේ වෙනකොට ගොඩක් අයගේ ආදර සම්බන්ධතා කැඩිල බිඳිල ගිහිං තියෙනවා 

ගොඩක් අයගේ පවුල් කැඩිල බිඳිල ගිහිං තියෙනවා 

ඒ වෙන මුකුත් නිසා නෙමේ, මිනිස්සු තමන් ලබාගෙන තියන දේට වඩා,

තමන්ට ලැබිලා තියෙන දේට වඩා හොඳ දෙයක් තමන්ගෙ ඔලුවෙන් නෙමෙයි 

මේ වගේ සමාජ මාධ්‍ය වලින් හොයන්න ගිය නිසා.


ඩිෂාන් ලියනගේ.

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link