Saturday, April 6, 2019

නොරැවටී තමන්ගේ වීසා ඩොක්යුමන්ට් සකසා ගන්නේ කොහොමද

නාපොලියේ ඉන්න මේ කාන්තාවට ඔබත් රැවටූනා ද?
වීශාල ප්‍රමානයකට පොලූ තබා මාරැවී ඇත..
පහතින් විස්තරේ..
🔴
🔴
🔴
🔴

අහ්හ් කියන්න යන්නෙ ගැනියෙක් ගැන නෙමේ..මෙහෙම දාපුවම පොස්ට් එක ගොඩාක් අය දකින නිසා දැන්මේ..😃😃😃😃
හොර එජෙන්සිකාරයන්ට හොර කන්ට්‍රැක්වලට අසූනොවී වීසා දික් කරගන්නෙ ( කොලේ රිනිවු කරන හැටි ) කොහොමද කියලා ..  කියවලා බලන්න.. අඩුපාඩුවක් ඇති නම් නිවැරදි කරන්න.
♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️

සොජෝර්නෝ ව අලුත් කරන අවස්ථාවේ දී රැකියා ගිවිසුමක් නොමැති නමි, පවුලේ  වෙනත් සාමාජිකයෙකු  ගේ ආදායම ත් පෙන්විය  නොහැකිනම්, කල යුත්තේ  centro per l'impiego හි Ex - ufficio collocamento- lista della mobilità හි  ලියාපදිංචි  වීම  රැකියා වක්  අපේක්ෂා කරන්නකු විදිහට.  එවිට attesa occupazione යටතේ   සොජෝර්නෝ ව  ඉල්ලුම් කල හැකි යි. හැමදාම නීතිය   තිබුනේ  මෙ ආකාරයට  තමයි. සොජෝර්නෝ ව අලුත්  කිරීමකදී  ෆැමිලියාරේ  එකක සිටින කෙනෙකු හැර  අනෙක්  සියළුම දෙනා ම mod. 209 කියන posta italiane ගන්න ඇප්ලිකේෂන් එකේ  modulo 1 හා modulo 2ම පිරවිය යුතුයි. modulo 2 තම රැකියාව වට අදාල  විස්තර ත් රැකියාවක්  නැත්නම්  centro per l'impiego  (Ex liste di collacamento) ලියාපදිංචි  විස්තර ත් ඇතුලත් කල යුතුයි.
කල් ඉකුත් වු සොජෝර්නෝ වට කොන්ත්‍රාත්  එකක් ආරම්භ කල නොහැකි අතර, නියමිත දින 60 අවසන්  වීමට පෙර mod. 209 (  ufficio postale ) ලබා ගෙන  නිවැරදි  පුරවා  poste italiane ට භාර දිය යුතුයි. එවිට ලැබෙන  ricevuto  della posta (  කොට කොලය ) මගින්  කොන්ත්‍රාත් එක  ආරම්භ කර හැකියි.
එසේම පලමු  වරට ෆැමිලියාරේ  මගින්  ඉතාලි යට පැමිණි  නියමිත දින 8 ඇතුලත අදාල  prefettura මගින් දිනයක් වෙන්  කරගෙන prenotazioni primo permesso  සදහා පෙනී සිට, එම mod.209 ජායා පිටපතක් සහ එය තැපැල් කල කොට කොලය  සමග රැකියා කොන්ත්‍රාත් එකකට පිවිසිය හැකියි.
මෙ දේවල්  ලග දී ආපු  නීතී නෙවෙයි, සොජෝර්නෝ ව තැපැල්  කන්තෝරුව හරහා තැපැල් කිරීමට  පටන් ගත් දින සිට තිබෙන  නිතී රීති. ඒකට හොදම සාක්ෂිය තමයි තැපැල් කන්තෝරුවෙන් ගන්නා  modulo 209  හා උපදෙස්  මාලා වෙහි මෙම අංගයන්   2005 සිට අවුරුදු  14 ක් නොකඩවා එලෙසම පැවතීමයි.
*********************
මෙම හැම ගැටළුවකට ම පුධාන හේතුව  සුදුසුකම්  නොමැති  පුද්ගලයන් ගේ සේවය  ලබා ගැනීම හා අපේ ලාංකිකයන් ගේ නොදැනුවත් කමයි.

ස්තුති ශාන්ත අයියා.

සෙරන්ත සචිත්‍ර පෙරේරා

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link