මාතර පැත්තේ කොල්ලෙක් නුවර කෙල්ලෙක්ව බැඳලා කුලියාපිටිය පැත්තේ අලුත් ගෙදරක පදිංචියට ආවලු. ඉතින් දවසක් මහත්තයා වැඩ ඇරිලා ගෙදර එද්දී නෝනා මෙහෙම කියනවලු.
"බබා බාත්රුම් එකේ ටැප් එක ලීක් වෙනවා. පොඩ්ඩක් බලලා හදනවාද?
"ඇයි ඔයි තමුසෙට මාව පෙන්නේ පයිප්ප බාස් කෙනෙක් වගේද?" මහත්තයා සැරෙන් කීවා.
දවස් කිහිපයක් ගෙවුනා. මහත්තයා වැඩ ඇරිලා ගෙදර ආවලු. නෝනා හිමීට කිට්ටු කරල මෙහෙම ඇහුවලු.
"බබා මගේ ස්කුටිය ස්ටාර්ට් වෙන්නේ නෑ. මම හිතන්නේ බැටරියේ අවුලක්. පුලුවනිද මාරු කරලා දෙන්න?"
"මොන මගුලක්ද? තමුසේ හිතන්නේ මම ගරාජ් බාස් කෙනෙක් කියලාද?" මහත්තයා කෑගැහුවා.
ඔහොම ඉතින් තව ටික කාලයක් ගිහින් දවසක් මහත්තයා ආයෙමත් වැඩ ඇරිලා ගෙදර ආවලු.
"බබා අද දවල් වහද්දි වහලෙන් වතුර වැක්කෙරුනා. පොඩ්ඩක් බලලා හදන්න පුලුවනිද?"
"මම දැන් කීපාරක් කියලා තියෙනවද ඕයි. ඔහේට පේන්නේ මම වඩු බාස් කෙනෙක් වගේද?"
නෝනා මුකුත් නොකියා බිම බලා ගත්තා.
ඊළඟ දවසේ ගෙදර අවාම මහත්තයා පුදුම උනා. ගෙදර වහලේ හදලා. ඒ වගේම බාත්රූම් එකේ පයිප්පෙත් දැන් ලීක් නෑ. මහත්තයා නෝනාව හොයද්දි නෝනා ඉන්නවලු ස්කූටියත් ස්ටාර්ට් කරගෙන. එකත් හදලා.
"කොහොමද මේ ඔක්කොම හැදුවේ?" කලබලෙන් ආපු මහත්තයා නෝනගෙන් ඇහුවලු.
"අද කවුද මිනිහෙක් ගෙදරට ආවා. එයා තමා මේ ඔක්කොම හැදුවේ."
"අහ්හ් එක හොඳයි. එත් තමුසේ කීයක් මගේ සල්ලි නාස්ති කරාද?" මහත්තයා ඇහුවේ ටිකක් තරහෙන්.
"කීයක්වත් ගියේ නෑ. ඒ මනුස්සයා මට කිවා හැමදේම නිකන් කරලා දෙනවා එයා කියන දේවල් වලින් එකක් කලොත්"
"ඒ මොනවද?" මහත්තයා ඇහුවා.
"එක්කෝ එයාට රසට බුරියානි එකක් උයලා දෙන්න ඕනේ නැතිනම් එයා එක්ක නිදා ගන්න එන්න ඕනේ කියලා"
"එහෙනම් හොඳයි. එත් තමුසෙට බුරියානි එක හදන්න ගෙදර බඩු තිබ්බද?"
මද හිනාවක් පාලා නෝනා ඇඟටත් නොදැනී මෙහෙම කීවා.
"ඔහේට කවුරු වගේද මාව පෙන්නේ? තමුසේ හිතන්නේ මම කෝකියෙක් කියලද?".
ඩිලාන් ආසිරි
( උපුටාගන්නා ලද්දකි..)
No comments:
Post a Comment