Wednesday, April 10, 2019

ශු.සෙබස්තියන් මුනිතුමන්ගේ මංගල්‍යය දිව්‍ය පූජාව

~ශු.සෙබස්තියන් මුනිතුමන්ගේ මංගල්‍යය දිව්‍ය පූජාව ~


පහුගිය පොස්ට් එකෙන් මං ඔයාලව දැනුවත් කළා ජනවාරි විසි වෙනි(20)දින

ශු. සෙබස්තියන්  මුණිඳුන්ගේ මංගල්‍ය පැවැත්වෙන බව..

ඒ වෙනුවෙන් මිලානෝ නගරයෙහි (Via Torino) එතුමා වෙනුවෙන් කැපකර ඇති දෙව් මැදුරෙහි සිංහල බසින් මංගල්‍ය දිව්‍ය පූජාව ලබන ඉරු දින උදේ 10. 30 ට මිලානෝ කිතුනු සංඝය විසින්  සූදානම් කර ඇති  බව ඔබ සැමට සතුටින් දැනුම් දෙමි.

කතෝලික, කතෝලික නොවන ඔබ සැමට මම ඉතා ආදරයෙන් ගෞරවයෙන් මෙයට සහභාගි වන මෙන් ඇරයුම් කරමි.

තවද පෞද්ගලිකවම මම කිරිබත් සහ කිරි පැණි දිව්‍ය පූජාවෙන් අනතුරුව බෙදා දීමට කැමැත්තෙන් පසුවන බවත් ඉතාම සතුටෙන් ඔබට දැනුම් දෙමි.

ශ්‍රී ලාංකික කතෝලික වැසියන් වශයෙන් ඔබ සැමටත් තමුන්ට හැකි පමණින්, හැකි දේ (කිරිබත්,කිරිපැණි,බනිස් සහ හැකි ඕනෑම දෙයක්) සතුටින් සද්ධ්‍රාවෙන් පිළියෙල කරගෙන එතුමාට කරන තුති පිදීමක්, ගෞරවයක් වශයෙන් රැගෙන පැමිණීමට හැකි වේ  නම් එය මම මහත් සේ අගය කරමි..


ශු. සෙබස්තියන් මුනිතුමා බොහෝ බලසම්පන්න ප්‍රාතිහාර්ය පාන මුනිතුමකු බැවින් ඔබගේ සෑම යහපත් වූ ක්‍රියාවක්ම (ධාන, පඩුරු,සත් ක්‍රියා,යාච්ඤා) මේ සියල්ලක්ම තුළින් ඔබට, ඔබ පවුලේ සැමට උන් වහන්සේගේ ආදරය ආශිර්වාදය දෙව් මැදහත්කම විශේෂ ආකාරයෙන් ලැබෙන බව මම මතක් කර සිටිමි..


ඔබ සියලුම දෙනාට ශු.සෙබස්තියන් මුනිතුමාගේ පිහිට, ආශිර්වාදය ලැබේවා!..

දෙවි පිහිටයි 🙏


ගයානි සුධීරා ලියනගේ

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link