එකමත් එක රටක මනුස්සයෙක් ගියාලු දුර ගමනක්..මිනිහ ගිය වැඩේ කරගත්තලු..ඒ උනාට ගොඩාක් රෑ උන නිසා ගෙදර එන්න විදිහක් නෑලු.මිනිහට දැන් මාර අප්සට් ඒ වගේම අම්බානෙකට මහන්සියිලු. මිනිහ ඉතින් අමාරුවෙන් ඇවිදල ඇවිදල ගමකට ආවලු...
ඉට පස්සෙ ඉතින් නිදාගන්න තැනක් හොයාගන්න එපැයි... ඒක නිසා මිනිහ ගියා ලගම තිබ්බ ගෙදරට.ඒ ගිහින් දොරට තට්ටු කරල ඇහුව,
"මට අද රෑට මේ ගෙදර නිදාගන්න දෙන්න පුළුවන්ද..."
ඒ ගෙදර හිටිය මිනිහ ගත් කටටම කිව්වලු,
"බෑ බෑ..මේ ගෙදර ගෑණු ළමයි ඉන්නව"
මේ මනුස්සය ඉතින් ආයෙත් අමාරුවෙන් ඇවිදගෙන ගියාලු තවත් ගෙදරකට..ඒ ගිහින් ඇහුවලු...
"මට අද රෑ මෙහෙ නිදාගන්න දෙන්න පුළුවන්ද.."
ඒ ගෙදර හිටිය මිනිහත් කිව්වලු,
"අපොයි බෑ මේ ගෙදර ගෑණු ළමයි ඉන්නව.."
මේ විදිහට මේ මිනිහ ගෙවල් තුන හතරකටම ගියාලු..ඒ හැම ගෙදරකම ගෑණු ළමයි ඉන්නව කියල නිදාගන්න දුන්නෙ නෑලු..ඉතින් ගෑණු ළමයි නැති ගෙදරක් හොයාගන්න ඕනෙ නිසා මේ මිනිහ ඊළඟට ගියපු ගෙදරින් ඇහුවලු,
"මේ ගෙදර ගෑනු ලමයි ඉන්නවද.."
ඒ ගෙදර මනුස්සය මේ මිනිහගෙ මූණ දිහා හොඳට බලල ඇහුවලු,
"ඔව්...ඇයි.."
"මට අද රෑට නිදාගන්න.."
(ඉට පස්සෙ වෙච්ච දේ හිතාගන්නකො ඉතින්)
සැ.යු. - ඉහත සඳහන් ගම කොහෙද යැයි ඇසීමෙන් වළකින්න..
පෝස්ට් එක චතිනි ප්‍රනාන්දු
No comments:
Post a Comment