"අපි අද ගමනක් යමුද"
" කොහේද"
" ලුන්ගාර්නෝ ලඟට යමු"
" ඉතිං අපි නිතරම එතනට යනවානේ"
" හ්ම්ම්...ඒත් අද මට එතනට යන්න ලොකු ආශාවක් ආවා අපි යමු"
මමත් සහනුත් ලුන්ගාර්නෝ ලඟට යන්න හිමිහිට මහා මාර්ගයට අවතීර්ණ වුනේ මසිතේ දහසක් බලාපොරොත්තු පොදිබැඳ ගෙනය...
" අපි බහිමු"
සහන්ගෙ හඩින් මම නින්දේන් අවදිවුණාසේ වටපිට බැලීය... සැබෑය මට නොදැනිම නින්ද ගොස් තිබිණ...ඇත්තටම අද හරිම වැහිබර දවසක් වාගේ, හිතට හරිම අමුතුතක් දැනෙනවා...?
"බහින්න ළමයෝ"
සහන් ම'අතින් අල්ලාගෙනම කෝච්චියෙන් බිමට බැස්සේය...
"ඇත්තටම මලී ඔයා අද හරිම අමුතුයි...වෙනදා වගේ කතාත් නැ...මොකක් හරි ප්‍රශ්නයක්ද...?"
"අනේ නැ සහන්, ඇත්තටම ඔයා මට ආදරෙයි නේද...?
" අනේ වස්තුව මොනාද මේ අහන්නෙ, අපි දෙන්නා දැන් අවුරුදු කීයක්ද ආදරය කරන්න පටන් අරගෙන...! ඇයි එක පාරටම එහෙම ඇහුවේ...?"
" අනේ එහෙම කිසිම ප්‍රශ්නයක් නෙමේ සහන්...ඇත්තටම ආදරයද කියලා නැවත දැන ගන්න ආසා හිතුණා...!!!
සහන් හිමිහිට මගේ නළල සිප ගන්නට වුයේ උතුරා යන සෙනෙහසින් යැයි මම සිතුවේ ඉර හඳ සාක්ෂියට තියාගෙය...?
අපි කතා කරකර ලුන්ගාර්නෝ ලඟට එනතුරු මට නිච්චියක් නැති විය...එදා අප මුණ ගැසුණේ මෙතැනදීය...අපි හැමදාම හවසට මෙතැනට වී අයිස්ක්‍රීම් කන්නට විය...ඒ මීට අවුරුදු 2 කට ඉහතදීය...දෙමාපියන් අකමැති වුවද අවුරුදු දෙක අපිට ජය ගන්නට හැකිවිය...සහන්ගෙ මානසික ගතිගුණ වලට මගෙ දෙමාපියන් බොහෝ ප්‍රිය කරන්නට විය...ඇත්තටම ඔහු සැබැ ආදරණීය ස්වාමියෙකු වේයැයි මාව විශ්වාස කරමි...එතරම් ගුණ යහපත්ව විනීතව ඔහු මා මේ අවුරුදු දෙක ගෙවා දැමීය...
රත්තරන් බඩු කඩ පහුකර ගෙන අපි ඉදිරියට ඇදී ගියේ වංගුවෙ ඇති අයිස්ක්‍රීම් කඩය වෙතය...ලොකු අයිස්ක්‍රීමක් ගත් අපි ආ පසු හැරි පාලම් බැම්ම උඩ වාඩිවී ඈත පේන මයිකල් ඇන්ජෝලෝගේ රූපය ගැන කතා කරන්නට විය...
අයිස්ක්‍රීම් කා අවසන් වුණ අපි නැවත ලුන්ගාර්නෝ දිගේ ඇවිද යන්නට විය...ඇත්තටම අද මේ අපි යන්නේ අරමුණක් නැති ගමනක් යැයි මම සහන්ට කීය...?
"එහෙනම් අපි ස්ටේෂන් එක පැත්තට යමු...ඇත්තටම මලී අද ඔයා ගොඩාක් වෙනස්...?
"අනේ එහෙම නැ සහන් "
"පොඩ්ඩක් ඉන්න" යැයි කියා සහන් ලඟ තිබු පුංචි බඩු කඩයකට ගොස් යමක් ගන්නවා දුටිමි
"ලුන්ගාර්නෝ ලඟින් මිදීයාමට පෙර අපි මේ ඉබ්බාව දලා ලොක් කරමු...කිසිම බලපෑමකට අපිව වෙන් කරන්න ඉඩ දෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු මලී"
" ඉතිං සහන් අපිව ගෙවල් වලිනුත් හැමෝම කැමතියි...කවුද අපිව වෙන්කරන්නේ..." මම පෙරලා ප්‍රශ්න කලේමි..."
" මරණයට වුනත් අපිව වෙන් කරන්න දෙන්න එපා කියලා පතමු අපි..."
" අනේ මේ පිස්සු කතා නොකියා ඉන්න සහන් "
දසදහසක් බලාපොරොත්තු හිත්වල තබාගෙන අපි ලුන්ගාර්නෝ බැම්මමත තිබුණු කණුවක ඉබ්බා දමා ලොක් කර...මේ ඉර හඳ අපේ ආදරයට සාක්ෂි දිය යුතුයි කියා...යතුර වතුරට විසිකල අපි, යතුර ලුන්ගාර්නෝ වතුරේහි සැගවෙන තුරු අපි බලා සිටියෙමු...
සුලු මොහොතක් ජල කඳ දිහා බලා සිටී අපි පටු මාවත දිගේ එකා පස එකා ගමන් කිරිමට විය...මා ඉදිරියේනුත් මට පිටුපස සහනුත් ගමන් කෙලෙමි...පටු මාවත දිගෙ ටික දුරක් යන විට මහා විශාල ශබ්දයක් ඇසි මා පිටුපස හැරි බැලුවද සහන් පෙනෙන්නට නොවිය...සහන්...සහන්...යැයි මා කෑ ගැසුවද සහන් නොවීය...සෙනක පිරි සිටී නතර කර තිබූ වාහනය අසලට මා ගමන් කලා නොව කවුරුන් හෝ මාව ඇදගෙන යනවා සේ දැණින...?
" ස...හ...න්....යැයි කෑ ගසනවා පමණක් මට මතකය...තවමත් මා රෝහල් ඇද මතය...සහන් ගැන කිසිවක් කිසිවකු මට නොකියා ඉන්නේ ඇයි...???
**දුර්ගා**
No comments:
Post a Comment