Wednesday, April 10, 2019

ඔබයි මමයි ඇයයි

---ඔබයි මමයි ඇයයි---


අනියම් පෙම යනු...විවාහකයෙකු තම සැමියාට හෝ බිරිදට හොරා තවකෙකු හා ඇතිකර ගන්නා සම්බන්දතවයකි...එය කායික මානසික හා අධ්‍යාත්මීක...අවශතාවයන් මත ඇතිකර ගනී...[ මට හැගෙන විදියට ]


        අද මුහුණු පොත් ජාලය තුළ මෙය විශාල වශයෙන් වර්ධණය වී ඇත.මුහුණු පොතේ සැරිසරන්නන් මෙම සම්බන්ධතාවයන්ට නිතැතින්ම ඇදී යාමක් පෙන්නුම් කරයි.බොහෝ පිරිසක් සමග කල කතා බහා මෙය ලිවීමට මුලික විය...අනියම් පෙමක හොද නරක දෙකම ඇත...අපි එය භාවිතාවේදී සිදුවන දේ අනුව එහි හොද නරක තීරණය වේ...


         මුදල්මය වාසි ලබා ගැනීම සදහාද, ලිංගික තෘප්තිමත්භාවය වෙනුවෙන්ද...මෙම සම්බන්ධතා වලට අත්තිවාරම ගොඩ නැගේ...මෙම කරුණ මත ගොඩ නැගුනු අනියම් පෙම නිසා, ඔවුන්ට හිමි සාමකාමී ජීවිතය කඩා බිද ගෙන,මුළු ජිවිත කාළයම අඩ අඩා ඉන්න පිරිසක්ද මුණ ගැසුණි...තම බිරිදට/ සැමියාට හොරෙන් මුදල් අන්අය වෙනුවෙන් / ආශාවන් වෙනුවෙන් වැයකර දුක් විද විද ඉන්නා චරිත හමුවිය...


       ඊට අමතරව තම පවුල තුළ ඇතිවන,[ සැමියාට බිරිදගෙන්/ බිරිදට සැමියාගෙන් ] තාඩන පීඩාන නිසා එයින් ඇතිවන මානසීක ආතතියෙන් මිදෙන්න, තම ජිවිතයේ තමන් ලැබූ ආදරය බිරිදගෙන්/ සැමියාගෙන් නොලබෙද්දී, පවුලේ දරුවන් වෙනුවෙන් සමගිය වෙනුවෙන් පවුල් ජීවිතය ලෝකයාට අපි හරි සතුටින් ඉන්නවා යැයි පෙන්වීමට මානසිකව මැරී මැරී ජිවත් වන පිරිස් ඔබත් මාත් අතර සිටිනවා නොවේද...?


       එවැනි පුදගලයන් ලිංගික ජීවිතය නොව මානසික ආතතියෙන් මිදීමට යාහලුවෙකු/ යෙහෙළියක සොයා ගනී.එහිදී ඇතිවන සම්බන්ධතාවය අනියම් යැයි කිවද,එය ඉතාමත් අධාත්මික බැදීමක් සේ දිස්වෙයි...එවැනි පුද්ගලයන් සමගද කතාකර ලබාගත් කරුණු අනුව එම මිතුරුකමට දිය හැකි නමක් සිතා ගැනීමට නුපුළුවන...එය අනියම් යැයි සමාජය හැදින්වුවද එය එසේ නොවන බව මම කියමි...!


       තම සැමියාට/ බිරිදට කොතරම් ආදරය කලද, කොතරම් ආදරණිය ලෙස සැලකුවද තමන්ට ඇයගෙන්/ ඔහුගෙන්, නොලැබෙන ඒ සෙනෙහස සිතේ සිර කර සිටීමට නොහැකි තැන එය තවත් කෙනෙකුගෙන් ලබා ගැනීමට මනු සිත බල කර සිටි...තව කෙනෙකුගෙන් එය ලබා ගැනීමට හෝ ලබා දීමට පෙලබෙන්නේ සිතේ උපදින අනුකම්පාව නිසාමය.


       මෙවැනි අසම්මත යැයි කියන්නන් ජිවිතයේ කිසිම දවසක මුහුණට මුහුණ මුණ ගැසීමට පෙරුම් නොපුරයි...ඒ මන්දයත් තමන් ලෝකයට පේන්න හෝ ජිවත්වන පවුලක් තිබෙන නිසාමය...ඔවුන් එකිනෙකාගේ ජිවිතයට[ මානසිකව ] අත්වැලක් වනවා මිස,හිත අමනාපකම් ඇතිවූ විට චරිතයට හානි නොකරයි...එම නිසාමයි මෙය අධාත්මික බැදීමක් කියලා මා කිවේ...


     උදේ සිට රැ වෙනතුරු දුක් මහන්සිවී නිවසට එන තම සැමියාට ආදරයෙන් තේ කෝප්පයක් හෝ දෙන්න බැරිනම්, උදේ සිට රැ වෙන දරුවන් වෙනුවෙන් ගේ දොර වැඩ වෙනුවෙන් වෙහෙසන බිරිදට එක ආදර වදනක් කියන්න බැරි ස්වාමිවරුන් අපි අතර කොතෙක් ඉන්නවද...


      ඉතාමත් ආදරයෙන් ඔබට කියමි,තම ස්වාමියාව/බිරිදව තමා ලගම රදවා ගත හැක්කේ ඔබටම පමණයි...එසේ නොමැති වුවහොත් ඔහු/ඇය ගැන දක්වන අඩු සැලකිල්ල නිසා ක්ෂනිකයකින් වෙනත් ග්‍රාහකයෙකු හා ඔහු/ඇය සම්බන්ධ විය හැක...එහි වරද ඔබගේමය...මෙවැනි  තනි වූ ඔහුව/ඇයව හසුකර ගැනීමට මාන බලන විශාල පාරිබෝගිකයන් මුහුණු පොතේ බොහෝසේ ඇත...එමනිසා ප්‍රවේසමෙන් ඔහුව/ඇයව රැක ගන්න...!


      පුළුල් මාතෘකාවකට ඉතාමත් කෙටියෙන් කරුණු ස්වල්පයක් ගොනු කෙරුවෙමි.ඔබ ඔබේ හිතට වදදෙන මානසික ආතතියෙන් මිදීමට යහළුවෙකු/ යෙහෙලියකු සොයා ගැනීමේදී ඉතාමත් බුද්ධිමත් විය යතුමය.


      බල්ලන් සමග නිදාගත් කල බලු මැක්කන් එක්ක නැගිටින්නට සිදුවෙන බව පැරැන්නන් කියා ඇත. ක්ෂ්නිකයකින් ඔබේ චරිතය විනාශ විය හැකිය.එම නිසා සිහි බුද්ධියෙන් පුද්ගලයන් තෝරා බේරා ගන්න.නැතිනම් ඔබේ නමද අනියම් වේවි.?


      ලිවීමට බොහෝ කරුණු කාරණා ඇත,මා කියූ දේට අමතරව ඔබටද කීමට බොහෝ දේ තිබෙන බව මා දනිමි. ගල්මුල්, මල් මාලා පහලින් සටහන් කර යන්න තරම් කාරුණික වන්නේ නම් ඉතා අගය කොට සලකමි. සමාජය සම්මත නොකරන, ඔබත් මමත් මුළු මහත් සමාජයම සම්මත නොකරන, මෙය අද වන විට පැතිරී අවසානය...එයට වග කිව යුත්තා, ඔබත් මමත්ය.?

       සැමට ආදරය හා සතුට නොඅඩුව ලැබේවා...!!!

**දුර්ගා**

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link