ඉක්මනට පහසුවෙන් ටින් කල කඩල තෙම්පරාදුවක් හදාගමු 😊
විශේෂයෙන්ම පිටරට ඉන්න යාලුවන්ට..
~ හැමදාම සුපුරුදු විදියට කන කඩන ටින් එක මේ විදිහට හදා ගත්තම ආසාවෙන් කන්න පුලුවන් හරිම රසයි ඔයාලත් උත්සහ කරලා බලන්න..
~ පෑන් එකකට තෙල් ටිකක් දාල රත් වෙද්දි අබ ටිකක් දාලා පුපුර ගන්න.
~ කරපිංචා අහුරක් දාලා ඒ ටික බැඳෙද්දී රට ලූනු ගෙඩියක් ලියලා දාන්න.
~ ඒක හොඳට තෙම්පරාදු වෙද්දි තොන්නො ටින් එකක් එකතු කරන්න (තෙල් ඉවත් කරලා)
දැන් ගින්දර ටිකක් වැඩි කරලා තොන්නො ටික තෙලෙන් හොඳට බැදගන්න. (පරිස්සමට තෙලෙන් බැඳෙද්දී tonno පුපුරන්න බලනවා. ~ විනාඩි තුනක් හතරක් විතර බැඳුනට පස්සෙ වියළි මිරිස් කරල් දෙකක් තුනක් විතර කපලා (ඇට ඇරලා) ලිපේ තියෙන මිශ්‍රණයටම එකතු කරන්න. (වියලි මිරිස් කරල් වෙනුවට අමු මිරිස්ද එකතු කරන්න පුළුවන්)
මම ගෙදරට පොල් ගෙඩියක් ගෙනාවම කෑලි ටිකක් උලුප්පලා අරන් පුංචි පුංචියට කපලා freeze කරලා තියා ගන්නවා මේ වගේ කඩල හදන වෙලාවට ඒකෙන් කෑලි ටිකකුත් එකතු කරනවා එතකොට තවත් රසයි..(අද තිබුන් නෑ, ඉවර වෙලා)
~ තව විනාඩි දෙකක් විතර බැදෙන්න ඇරලා කෑලි මිරිස් ටිකක් එකතු කරලා ඒකත් බැදෙන්න අරින්න.
ලුණු කුඩු ටිකක් මේ වෙලෙදි එකතු කරගන්න, එතකොට මිරිස් වලින් එන සැර නැති වෙනවා.
~ සියල්ල හොඳින් තෙම්පරාදු උනාට පස්සෙ ටින් එකේ ඇති වතුර ඉවත් කරලා කඩල ටික එකතු කරගෙන තවත් විනාඩි හතරක් වගේ සියල්ල හොඳින් තෙම්පරාදු වෙන්න ඇරලා ලුණු බලලා ලිපෙන් බාගන්න..
~ කාර්යබහුල කෙනෙකුට කලින්දා රෑටම හදලා තියා ගන්න පුළුවන්. (මං වගේ😊)
උදේට සම්පූර්ණ කෑම වෙලක්..
ගයානි සුධීරා ලියනගේ
No comments:
Post a Comment