ඔන්න එක වයිෆ් කෙනෙක් දවසක් හස්බන්ඩ්ගෙන් කීයක් හරි ඉල්ලගන්න කියල හිතාගෙන මේ විදිහට බොරුවක් කිව්වලු..
"ඩාලින්..ඔයා විශ්වාස කරන එකකුත් නෑ..මගෙ යාළුවෙක්ගෙ ගෙවල් ළඟ තැනක් තියෙනව..එතන බල්ලන්ට කතා කරන්න පුරුදු කරනවලු..."
"අෆ්ෆටසිරි මරුනෙ බබා..ඉතින් කොහොමද ඕක වෙන්නෙ.."
"ඕක වෙන්නෙ කියන්නෙ ඩාලින් රුපියල් 10000ක් විතරයි ඕනෙ..සතියක් බල්ලව එතෙන්ට එක්කන් ගියාම බල්ල හොඳට කතා කරනවලු"
මොනව උනත් බල්ලෙක් කතා කරනව නම් කොච්චර ෂෝයිද කියල හිතල හස්බන්ඩ් වයිෆ්ට සල්ලි ටික දුන්නලු,
හස්බන්ඩ් වැඩට යන නිසා බල්ලව අරන් යනවද නැද්ද කියල හස්බන්ඩ් හරියටම දන්නෙත් නෑනෙ..ඒක නිසා වයිෆ්ටත් කිසිම ප්‍රශ්නයක් උනේම නෑලු..වයිෆ් ඒ සතියෙ හස්බන්ඩ් දුන්න සල්ලි වලින් ෂොපිං කරල හෙන සතුටින් හිටියලු..
ඒත් සතිය ඉවර වෙන අන්තිම දවසෙ හස්බන්ඩ් වැඩ ඇරිල ගෙදර ආව ගමන් ඇහුවලු,
"හරියටම අදින් සතිය ඉවරයි..කෝ දැන් අපේ බල්ල කතා කරනවද...මට පෙන්නන්නකෝ.."
ඒපාර වයිෆ් ටිකක් කල්පනා කරල හස්බන්ඩ් දිහා බලල මෙහෙම කිව්වලු,
"බලන්නකො ඩාලින් අද බල්ල අරහෙ ඉඳන් මාත් එක්ක කතා කර කර ගෙදර ආවා..ඒ එන ගමන් මහ පුදුම හිතෙන කතාවක් කිව්වනෙ.."
"ඒ මොකක්ද ඩාලින්.."
"ඌ මගෙන් අහනව කොහොමද ඔයා මේ තරම් කැත මෙලෝ වැඩකට නැති හස්බන්ඩ් කෙනෙක් එක්ක ජීවත් වෙන්නෙ කියල.."
"මොනවා....ඌ මට එහෙම කිව්වද..දෙන්න එපැයි ඔය පර බල්ලට දෙකක්.."
"ආ ඔයා ගහන්න යන්න එපා..මන් හොඳටම ගැහුව..ඒ තරහට ඌ දැන් කතා කරන්නෙත් නෑ.."
පෝස්ට් එක චතිනි ප්‍රනාන්දු
උපුටා ගැනීම වස්කෝද ගාමා
No comments:
Post a Comment