*ඉදිරිපත් කර ඇති ඉතාලි පුරවැසි අයදුම්පත් සලකා බැලීමේ ක්‍රමවේදයට අදාළව දුන් නවතම නඩු තීන්දුව*
ඉතාලියේ පැවැති legge n. 91 del 1992 ඉතාලි පුරවැසි පුරවැසිභාවයට අදාල පනත සංශෝධනය කරමින් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Matteo Salvini විසින් ගෙනෙන ලද decreto legge 113 del 2018 සංශෝධිත පනතට ප්‍රකාරව පැරණි පනතට අනුව දින 730ක කාලයක් සම්පූර්ණ වී ඇති පුරවැසි භාවය සම්බන්ධව අයදුම්පතට පිළිතුරක් ලැබිය යුතුව තිබූ අයවලුන් හට හා දින 730 කාලය සම්පූර්ණ වී නැති සියලුම අයදුම්පත්ලාභීන් ඇතුළුව සියලුම අයගේ අයදුම්පත් මාස 48 ක අයදුම්පත පිළිබඳව සළකා බැලීමේ නව කාල සීමාවට යටත් විය යුතුව තිබිය යුතු බව ප්‍රකාශ වුවත්
ඉතාලියේ විශේෂිත වූ අභියාචනාධිකරණ වලින් එකක් වූ il tribunale amministrativo per il Lazio මගින් ලබාදුන් නඩු තීන්දුවක් එනම් අයදුම්පත ඉදිරිපත් කළ දින සිට අවුරුදු දෙක 2018 ඔක්තෝම්බර් 04 (decreto Salvini ප්‍රකාශයට පත්වූ දිනය) දින වන විට සම්පූර්ණ වී සිටි අයදුම්පත් ලාභීන් හට බලපැවැත්විය යුතු වන්නේ දින 730 කාලසීමාව බව තීරණය කරමින් ප්‍රකාශයට පත් වූ මෙම නඩු තීන්දුව ඉතාලියේ ජනප්‍රිය තරුණ අමාත්‍යතුමාගේ මෙම ඉතාම කතාබහට ලක්වූ ආගමන විගමන හා ආරක්ෂක කටයුතු වලට අදාල decreto salvini පනතට අදාළ කරුණක් සංශෝධනය වීමට හේතු කාරණා ඇතිවන ලෙස ලබාදුන් බව පසුගිය දිනවල ප්‍රකාශයට පත්වුණි.
මෙහිදී නඩු තීන්දුව දීමට හේතු වූ කාරනා පිළිබඳව විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ මේ සඳහා මානුෂීය හේතූන් මත අයදුම් කරන ලද සරණාගත තත්ත්වයේ රැඳී සිටීමේ බලපත්‍රය සම්බන්ධ ප්‍රශ්නයේ නාපෝලි නගරයේ උසාවියේ ප්‍රතික්ෂේප වූ අයදුම්පත පසුව නැවතත් ධනාත්මක තීන්දුවක් බවට පත්වූ il tribunale amministrativo per il Lazio හි නඩු තීන්දුවට අදාළවූ සිද්ධාන්තය නොවේ. එනම් ඉතාලි ජනරජයේ ව්‍යවස්ථාවේ සඳහන් කරුණක් වන (principio di irretroattività) සෑම නීතියක්ම අදාළ වන්නේ අනාගත කාලය සඳහා යන්න පාදක කරගෙන නොවේ.
මෙය සඳහා පරිශීලනයවී ඇත්තේ ඉතාලියේ පුරවැසිභාවය සඳහා අයදුම්කර පසුගිය කාලයන්හිදී දින 730 සපුරා පිළිතුරක් නොමැති ව සිටි අයවළුන් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම්වලට ලැබුණු ධනාත්මක තීන්දු සමූහයයි.
අන්තර්ජාල ලිපි අනුසාරයෙනි.
වර්ණකුලසූරිය ශෂි ,
මිලානෝ නුවර සිට.
No comments:
Post a Comment