Wednesday, April 17, 2019

ප්‍රංශයේ ගින්නෙන් ශුද්ද වු වස්තුනට හානියක් නෑ

ප්‍රංශයේ ගින්නෙන් ශුද්ද වු වස්තුනට හානියක් නෑ..... තුවාල වු ගිණි භටයාට ඉක්මන් සුව පතමු.


පැරිසියේ පිහිටි නොට්රීඩෑම් කතෝලික දේවස්ථානයේ ඇති වූ හදිසි ගිනි ගැනීමක් හේතුවෙන් මේ වන විට දේවස්ථානය බොහෝ සෙයින් විනාශයට පත්ව ඇත.ක්‍රි.ව 1238 එවකට ප්‍රංශයේ පාලකයා වු 9 වන ලුයිස් රජතුමා ජේසුතුමාගේ හිස පැලදි කටු ඔටුන්න ප්‍රංශයට ගෙනවිත් පැරිසියේ මෙම දේවස්ථානයේ සාදවා තැන්පත් කරන ලදි.මුලික කරුණු අනාවරණ වලට අනුව, ප්‍රතිස්ථාපන කටයුතු සඳහා භූමියේ ඇති පලංචියක් සිට ගින්න වර්ධනය වී ඇති බව පවසයි. පළමුවැනි ගිනි ජාලා ප්‍රංශ වේලාවෙන් සවස 6.45 ට පමණ හටගෙන ඇත.

ප‍්‍රංශයේ හදවත ලෙස සලකන මෙම දේවස්ථානය ප‍්‍රංශ ගෘහ නිර්මාණ ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවී ඇති නිර්මාණයකි. ඉපැරණි ප‍්‍රංශ ගොතික් කලාවෙන් පරිපූර්ණ අති විශිෂ්ඨ ගෘහ නිර්මාණාත්මක ලක්‍ෂණ වලින් යුත් මෙම දේවස්ථානයේ ඉදිකිරීම් වර්ෂ 1163 දී ආරම්භ කර වර්ෂ 1345දී අවසන් කර ඇත්තේය. මේ සඳහා වසර 200 කට කාලයක් වැය කොට ඇත.


ලෝක ප‍්‍රසිද්ධ ප‍්‍රංශ ජාතික නවකතාකරුවෙකු, කවියකු, නාට්‍ය රචකයකු වන වික්ටර් හියුගෝ විසින් රචිත, වර්ෂ 1831දී ප‍්‍රකාශයට පත්කෙරුණු, නෝත්ර දාම් ඬේ පැරී (පැරීසියේ අපේ මව) නම් ලෝක ප‍්‍රසිද්ධ ඵෙතිහාසික නව කථාව හේතුවෙන් මෙම දේවස්ථානයතව තවත් ලෝක අවධානය දිනා ගත්තේය.


දැනට සිදුවී ඇති අලාභය පිළිසකර කිරීම සඳහා යුරෝ මිලියන 150 ක් (රුපියල් කෝටි 30,000 ක් ) පමණ වැය වන බව බලධාරීන්ගේ මතයයි. පැරීසියේ අයිෆල් කුළුනට පසුව සංචාරකයන් වැඩිම ප‍්‍රමාණයක් නරඹන ස්ථානය මෙම දේවස්ථානය පත්ව තිබේ. වසරකට සංචාරකයෝ ලක්ෂ 140 ක් පමණ මෙය නැරඹීමට පැමිණෙන බව සංචාරක වාර්තාවල සඳහන්වේ.


යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මෙම දේවස්ථානය යළි ගොඩ නැගීම සඳහා මුදල් පරිත්‍යාග කරන ලෙස ප්‍රංශයේ පුණ්‍යායතනයක් වන du Patrimoine ආයතනය ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබේ. Gucci සහ Yves Saint Laurent නමැති සමාගම් අයත් Kering සමූහයේ සභාපතිවරයා වන ප්‍රංශුවා හෙන්රි පිනෝල්ට් දේවස්ථානය ගොඩ නැගීම සඳහා යුරෝ මිලියන 100ක් දැනටමත් පරිත්‍යාග කර ඇති බවය.


ගිණි භටයන් 500 ක් පමණ දායකත්වය ලබා දී සිදුකල මෙම මහා මෙහෙයුමෙ දී එක් භටයකු දරුණු ලෙස ගින්නට මැදිව තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු. තවද මෙම දේවස්ථානය නැවත අළුත්වැඩියාවවෙනුවෙන් හැකි පමණ දායක වෙමු .


කැළුම්  - ඉතාලිය

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link