ආදරයනීය නෙතුමි නංගියාට...
නංගියා මේ ලෝකයේ ආදරය කරල පැරදුණ,වැරදුන පලමු හෝ අවසාන එකම කෙනා උබ නෙවෙයි...මේ ලෝකයේ ආදරය නිසා විදවපු,විදවන නතුමිලා ඕනෑ තරම් ඇති..ඒත් ආදරය කරල ඒ ආදරයටම වෛර කරන උබ කියන ආදරය නම් ඕක නෙවෙයි.
මුලු ලෝකයක් ඉස්සරහ උබේ ආදරය දිග ඇරල වෙන්දේසි කරන්න යන්න එපා.මුලින්ම ඔයාගෙ ආදරයට ඔයා වටිනාකමක් දෙන්න,වටිනාකමක් තියාගන්න.ඔයාගෙ ආදරය ලෝකයක් ඉස්සරහ හෑල්ලු කර ගන්න එපා.
උබට හිතෙනව ඇති මුලු ලෝකයක් එක්ක උබේ වේදනාව දිග ඇරල දාන්න.කවමදාවත් හිතන්න එපා ලෝකයක් උබ එක්ක එයි කියල උබේ දුක බෙදා ගන්න.උබගෙ හිතට දැනෙන වේදනාව,දුක දරා ගත යුත්තේ උබමයි.ඒ වෙනුවෙන් කිසිවකු බලාපොරොත්තු වෙන්න එපා..
උබේ හිත හුගක් රිදිල ඇති.ඒක උබට විතරක්ම උරුම වුන දෙයක් නෙවෙයි. නොහඩපු ඇස්,නොරිදුන හිත් මේ ලෝකයේ කොහේවත් නැහැ.අන්න ඒ නිසා වෛර කරන්න නෙවෙයි දරා ගන්න පුරුදු වෙනින්.
අමතක කරන්න එපා ලැබීම්,නොලැබීම් කියල දෙයක් මේ ජීවිතයේ තියෙනවා.ඒ දේවල් එක්ක හැල හැප්පෙමින් තමයි අපිට මේ ජීවිතයේ යන්න තියෙන්නේ.අපි දැන ගත යුතුයි ජීවිතයේ නිවැරැදි ඉසව්ව තෝරා ගන්න.ගැහැණිය කියන චරිතයට මේ ලෝකයේ දරා ගත නොහැකි දෙයක් නැත.
ඒ වගේම මේ ලෝකයේ හැමතැනම රවීන්ල නැහැ නංගියා...ඒක උබෙ හිතට කියල දීපන්. තමන්ගේ කෙල්ල වෙනුවෙන් නොවෙනස්ව මැරීගෙන,වැටීගෙන ආදරය කරන රත්තරන් කොල්ලො තවමත් ඉන්නව.තමන්ගේ කෙල්ලට පන වගේ ආදරය කරන,ආරක්ෂා කරන කොල්ලො තවමත් ඉන්නව.
ඉතින් ජිවීතයේ අත හැරුණු,මග හැරුණු එක දෙයක් වෙනුවෙන් මුලු ජීවිතයම ආපස්සට ගන්න එපා.උබේ ගමනේ තවත් දොරටු දහසක් උබ වෙනුවෙන් තියෙයි.නැති වුන දේවල් නෙවෙයි උත්සහ කරපන් තියෙන දේවල් රැක ගන්න.
වැස්සට ඇවිල්ල යන එන රවීන්ල නෙවෙයි ලංකර ගනින් ජීවිතේට උබත් එක්කම වැටිල මුලු ජීවිතයේම උබත් එක්ක එකට යන්න පුලුවන් කෙනෙක්ව.එදාට උබට පැහැදිලි වෙයි සමහර දේවල් අපිට නැති වෙන්නෙ ජීවිතයේ සොදුරු හමුවීම් වලට කියල...👸
සුබ දවසක්....☕
🖊️.....ප්‍රියනගි නිරෝෂා
No comments:
Post a Comment