--- සල්ලි ගත්තේ මම නෙමේ නැන්දම්මා ---
ඔන්න එකමත් එක ගමක ලස්සන නෝනා කෙනෙක් හිටියා...ගමේ හැමෝගෙම හිත ගන්න මේ ලස්සන නෝනට පුලුවන් වුණා...ඉතිං ඊට පස්සේ ගමේ අයට උදවු කිරිමේ අදහසිනි " සති සමිතියක්" මැය විසින් ආරම්භ කලා,ගමේ දුප්පත් කාන්තාවන්ගේ උදව්වට කියලා...
ඉතිං මේ ලස්සන නෝනා හරිම උනන්දුවෙන් මේ සති සමිතිය කරගෙන ගියා...සති පතා එක් කෙනෙකුට රු 20000/= හෝ 50000/= ක් මෙම සති සමිතිය මගින් මුදා හැරියා...ගමේ අයට මේසති සමිතිය දිව්‍ය ලෝකයක් වගේ වුණා...මේ විදියට මේ නෝනාගේ මහගු කැපවිමෙන් ගම තුළ යම් දියුණුවක් ඇතා වුණා...ස්වයං රැකියා වල නිරතවන අයට හරිම සතුටක් මේ සති සමිතිය...
මේ නෝනා ගමේ කාන්තාවන්ගේ හිත හරි ඉක්මනින් දිනා ගත්තා...නැතිබැරිකම ඉදිරියේ මැය දේව දුතිකාවක් වුණා...මේ හොද නම නිසාම ගමේ බොහෝ පිරිසකට කියලා සති සමිතියෙන් මේ නෝනා මුදල් ගත්තා...තමන්ගේ ගෙදරට අවශ්‍ය කරන ආම්පන්න හරි හරියට ගත්තා මේ නෝනා...කණකර හදා ගත්තා...
හිටි හැටියේම මේ ලස්සන නෝනා ලෙඩ වුණා...කිසිම දොස්තර මහතෙකුට ඇගේ ලෙඩේ හොයා ගන්න බැරි වුණා...අවසානයේ ඇය කපු මහත්තයාගේ උදවු පැතුවා...දවසක් කපු මහත්තයා හරි හරියට සියල්ල සුදානම් කරලා සෙත් සාන්තියක් කලා...ඇය ආවේශ වුණා...
මට යන්න බැ...මාව අරින්න එපා කිය කිය මේ ලස්සන නෝනා විලාප දුන්නා...ඒත් කපු මහත්තයා ඇය තුළ සිරවි සිටි ඇගේ නැන්දම්මාව කෲර ලෙස පන්නා දැමුවා ඇයගේ ශරිරයෙන්ම...දැන් මේ ලස්සන නෝනාට හොදටම හොදයි...ගමේ අය ආවා "නෝනා සති සමිතියෙන් අරන් දිපු සල්ලි බදින්න ඕනෑ, මේ මාසෙම මම දඩ බැන්ද...නෝනා අසනිප නිසා නෝනට කරදර කලේ නැ... දැන් නෝනා ඒ සල්ලි බදින්නම ඕනෑ...?
දැන් ඉතිං මොකද වුණේ...අහංකාරයෙන් සිට ගත් මේ නෝනා කියාපි..." පිස්සු කතා කරනවද මම සල්ලි ගත්තේ නැ ඔයාලගෙන්...ගමේ දුප්පතුන්ගේන් මුදල් කොල්ල කන්න තරම් ජරා කෙනෙක් නෙමේ මම...මගේ ඇගේ ඉදලා තියෙන්නේ මගේ නැන්දම්මා...ඒ ගෑනි මා එක්ක තරහයි...එයා තමා ඒවා කරලා තියෙන්නේ...මම සල්ලි ගත්තේ නැ...!!!
-------------අනේ හනිච්චං...දැන් මක්කටෙයි කතා--------
( සත්‍ය සිදුවීමක් ඇසුරිනි )
** දුර්ගා**
No comments:
Post a Comment