Wednesday, April 10, 2019

රූපය රැක ගැනීමට උනන්දු වන ගැහැනුන් රූපයටත් වඩා වටිනා චරිතය රැක ගැනීමට මැළි වීම තුළින් පිරිහී යන ගැහැනුකම

🙎 - රූපය රැක ගැනීමට උනන්දු වන ගැහැනුන් රූපයටත් වඩා වටිනා චරිතය රැක ගැනීමට මැළි වීම තුළින් පිරිහී යන ගැහැනුකම.🙎


- ගතවී යන හැම දවසක් ගානෙම අහන්නට,දකින්නට ලැබෙන කාන්තා චරිත අතර හංසයා දියෙන් කිරි වෙන් කරන්නා සේ හොඳ, නරක කාන්තාවන් වෙන් කිරීම අසීරු කටයුත්තක්ව ඇත.

- එය අසීරු වන්නෙ මුලින් පෙන්වන හොඳ මුහුණ පසුකාලීනව වෙනස් වීමත් පිටතින් පෙන්වන මුහුණ ඇතුළතින් නොමැතිවීමත් නිසාය.

- මිතුරු,සතුරු අතර මිතුරුකමක් හෝ සතුරු කමත් යන දෙකටම නැතිවුන්ද මේසා කාළයට ඇසුරු කිරීමට හැකිවිය. 

- කාලය ගත වී ගොස් දශක තුනක් පිරුණු තැන ද වෙනස් නොවූ ගැහැනු කම අතර ගැහැනුන්ගේ හැසිරීම වීඩියෝ, හඬ පට, හා ලියූ  පණිවිඩ නන් අයුරින් ගබඩා කරගත හැකි අන්දමට  තාක්ෂණයක දියුණු වී තිබේ.

- එනිසා කටුසු  වෙස් ගන්න සමහරක් ගැහැණුන්ගේ ක්‍රියාවන් ගබඩා කරගත හැකිවන ලෙස තාක්ෂණය දියුණු වී තිබීම එක් අතකින් වර්තමාන සමාජය ලැබූ ජයග්‍රහණයකි.

- ගැහැනියක් වැටුන තැන නැගිටීමට අත දිය යුත්තේ ප්‍රථමයෙන්ම ගැහැණිය වුවද යම් අවස්ථාවක එයට ප්‍රතිවිරුද්ධ දේ සිදු වන තැන එයටද කතා හැදීමට ගැහැණුන්ම ඉදිරිපත් වීම ලැජ්ජාවට කරුණකි.

- වර්තමාන මුහුණු පොත තුළ ජීවිතයට උපදෙස් ගෙන එන ගැහැනුන් බොහොමයකි.

- මෙයින් අල්පයක් ආදර්ශමත් ගැහැණුන් වන අතර බහුතරයක්

බොරුවෙන් ජීවත් වන්නවුන් වේ.

- මෙවන් වූ බොරුකාර ගැහැනුන් මුලා කරන්න උකසට ගන්නේද  තවත් ගැහැණියකගේ ජීවිතයකි.

- ඊර්ෂ්‍යාව, කුහකකම, කෙනෙකු අභිබවා නැගීසිටීමේ චේතනාව, මමත්වය, යන හැගීම ගැහැණිය තුළට කා වැදී මුළු මහත් සමාජයට එය පිළිලයක්ව ඇත.

- අතපසුවීමක්, වැරැද්දක් වූ තැන සමාව ගැනිල්ලක් හඳුනන්නේ නැති තරමට ගැහැණියගෙ මනස මාන්නයෙන් පිරී ඇත.

- වැටුනු වෙලේ නැගිටින්න අත දුන් කෙනාවත්,

අද තමා ඉන්නා තැනට එන්නට උදව් වූ කෙනාවත් අමතක කරලන්නට තරම් ස්ත්‍රීත්වය පිරිහී ඇත.

- සමහරුන් තමා පොර යන මානසිකත්වයෙන් අතේ පැළවෙන බොරු ඇද බාති.

- බොරු හෙළි වූ පසු එයද පිළිනොගෙන බොරුව තවත්  බොරුවකින්ම වසති.

- නිවැරදි  සිංහල ව්‍යාකරණය පැත්තකට කොට ගැහැනුන් යන ස්ත්‍රී ලිංග බහු වචනය මම මෙසේ සංධි කරමි.

ගෑ + හුණු

- ඔව්, ඔබ තේරුම් ගත්තා හරිය,

ඇතුලතින් තමා සෑදී ඇති වර්ණය වැසි යන පරිදි පිටතින් හුණු ගා ඇතිය යන්න  මෙහි අර්ථය වේ.

එනිසා කෙනෙකුට බැලූ බැල්මට, 

-සුදු-හොඳ

-කලු-නරක

-අලු- හොද නරක සම්මිශ්‍රව 

කියා වෙන් කිරීමට නොහැක වන ලෙස බහුතරයක් ස්ත්‍රීන් සුදුහුණු ආලේප කරගෙන ඇත.

- මෙය කියවන ඔබ කිසි කලෙකත් සුදු හුණු ගෑ චරිතයකට සමාන නොවන්න.

- කතෝලිකයෙකු වන මාහට ශු. බයිබලයේ සඳහන්ව ඇති මෙම වැකිය මෙතැනට ආදේශ කරගත හැක. එනම්,

- ඔබ සුදු හුණු ගෑ සොහොන් කොතකට සමාන නොවන්න..

ඔව්,එය සැබෑවක්ය,

- මක්නිසාදයත් සුදු හුණු ගෑ සොහොන් කොතට යටින් දුගඳ හමමින් දිරාපත්ව යන මළ සිරුරක් ඇත.

- ඉතින් අර්ථ ශූන්‍යය හෝ බොල් දෙයක් හමුවෙ ඔබ සුදුහුණු ගෑ චරිතයක් නම් ඉන් කිනම් ඵලක්ද? 

- ඔබ කපන්න බැරි අත ඉඹින ගැහැණියකට සමාන නොවන්න.

- කියන්න තියෙන දේ කෙලින් පැවසීමටත්, පැවසූ දේ කිරීමටත් මැලි නොවන්න.

- ඔබ චරිත වාදී ගැහැනියක් විය යුතු අතර ඔබ පවසන දේ සැබෑවක් වියයුතු වන අතරම සැබෑව පැවසීමට නොහැකි තැන බොරු කීමට වඩා නිශ්ශබ්ද වීම වඩා උචිත බවත්, යෝග්‍ය බවත් මතක තබාගන්න.

- ඔබ බොරු කරන බව ලෝකයා දැන ගත් විට ඔබ සාදාගෙන ඇති ප්‍රතිරූපයට  හානිවන අතර ඔබ ආයාසයෙන් තනාගත් ලෝකයද ඔබ ඉදිරියේ දී ම බිඳ වැටීමට පටන් ගනී.

- බොරුවට ආයුෂ බොහොම අඩුය.

- තවකෙකු රවටා, තලා-පෙලා, වංචනිකව ඔබ යන ගමනෙහි අවසානයට ඔබද ලබා ගන්නා යහපතක් නැත.

- මන්දයත්, කිරිඳි වගාකර තිරිඟු අස්වැන්න ලෙස නෙළිය නොහැකි බැවිනි, ඔබ නෙළාගන්නේ ඔබ වැපිරූ  දෙයය.

- ඔබ වඩාත් කල්පනාකාරී විය යුත්තෙ විශේෂන ආමන්ත්‍රණ යොදා ඔබව අමතන පුද්ගලයන්ගෙනි,

මන්දයත්

- ඉතා ඉහළ ආමන්ත්‍රණ වලින් ඔබ අමතන සමහරුන් ඉතා ඉක්මනින්ම ඔබව වඩාත් පහළට ඇද දමීමට උත්සහ කරන අයුරු මා දැක ඇති බැවිනි.

- මගේ සමීප හිතවතියක් මෑතකාලීනව මට පැවසූ දෙයක් මම මෙතන සටහන් කරමි.

මම නම් දැන් කෙනෙක් දෙයක් කීවම එයා කියන දෙයින් ගන්න තියෙන හොඳ විතරක් ගන්නවා, ආපස්සට හැරිලා එයා ගත කරන ජීවීතේ ආදර්ශවත් ද නැද්ද කියලා අදාල කර ගන් නැතුව.

- කතාව ඇත්තය, මොකද 

' ඔවා දෙනු පරහට - තමා සම්මතයෙහි පිහිටා සිට..

යැයි පුරාණ සාහිත්‍යයේ සඳහන් වූවත් සම්මතෙහි සිට උපදෙස් දෙන්න වුන් සෙවීම වර්තමානයේ කළුනික සෙවීමටත් වඩා අතිදුෂ්කර බැවිනි.

- ඉතින්  ඔබත් යමෙකුට උපදෙසක් දීමට පෙර ඔබ ඒ උපදෙස තුළ පිහිටා වැඩ කරනවාදැයි මඳකට කල්පනා කර බලන්න.

නැත්තං ඔබ කියනා දේ වැදි බණට සමාන වේ.

- කලු සුදු ගැහැනුන් අතර අළු ගැහැනුන් සේ ජීවත් වීම වඩා සුදුසු බව මම හිතන්නේ, අප කිසිවෙක් සර්ව සම්පූර්ණ නොවන බැවිනි.

- නමුත්  සිතාමතා හෝ ඉහත කී  පාහර,අධම ගති ඉවත් කරගත හැකිනම් ස්ත්‍රීයට මීට වඩා වටිනාකමක් සමාජය තුල නිර්මාණය කරගත හැක.

- ලෝකය ලස්සන වන්නෙ මිනිසා-මිනිසත්කම හදුනාගත් විටය.


ගයානි සුධීරා ලියනගේ

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link