කුහක කම කියන්නේ මනුෂ්‍යයෙක් නිහතමානී නැති එක.
ඊර්ෂ්‍යාව කියලා කියන්නේ තව කෙනෙක් සතුටින් ඉන්නවා දකින්න බැරිකම.
මනුස්සයෙක්ට තරහව වෛරය ඇති වෙන්නේ තමන්ට වඩා අනිත් අය සතුටින් ඉන්නවා දකින්න බැරි කම නෙමෙයි...ඒ බැරිකම තවදුරටත් දරා ගන්න බැරිකම.
කෙනෙක් සතුටු වෙනවා ,කෙනෙක් දියුණු වෙනවා දකිද්දි ඇතිවන කුහකකම ඉරිසියාව විඳ දරා ගන්න බැරි උනහම හිතේ වෛරය උපදිනවා..
ඒ වෛරය නිසා
තමන්ගේ සැනසීම තමන් විසින්ම නැති කරගන්නවා.
මම මගේ ෆේස් බුක් එකවුන්ට් එකේ හතර දෙනෙක් දැක්කා ඒ හතර දෙනාගෙන් තුන් දෙනෙක් ලංකාවේ නෙමෙයි ජීවත් වෙන්නේ එක්කෙනෙක් ලංකාවේ.
දෙන්නෙක් ඉතාලියේ..එක්කෙනෙක්
ඩුබායි.
මේ හතර දෙනාම මාරුවෙන් මාරුවට මම කියන පෝස්ට් ශෙයා කරල තිබුණා.....
😂
යන යන තැන ෆොටෝ අරන් ෆේස්බුක් දැම්මේ නැති උනාට අපිත් ලෝකෙ වටේ සවාරි යනවා.
😂
කන කන දේ ෆොටෝ දැම්මෙ නැති වුණාට අපිත් හොඳට කන බොන මිනිස්සු.
😂
කපල් ෆොටෝ අරන් profile එකට නොදැම්මට මටත් ඉන්නවා ආදරය කරන්න ලස්සන ගෑනු ළමයෙක්.
කියන්න කණගාටුයි මේ කිසිම විදියක පොටෝ එකක් මුන් හතරදෙනාගේ ප්‍රොෆයිල් වල නැති උනාට අර උඩින් තියෙනව වගේ පෝස්ට් අනන්තවත් ශෙයා වෙලා තියෙනවා.
මේ හතර දෙනාගේ profile වලට ගියාම දකින්න තියෙන්නේ එකම එක දෙයයි..කුහකකම ඉරිසියාව තමන්ට කරන්න බැරි දේවල් වලට, තමන්ට ලබා ගන්න බැරි දේවල්වලට ප්‍රසිද්ධියේ පෙන්නනවා එයාලා වෛර කරනවා කියලා.
මේක ෆේස්බුක් එකේ විතරක් නෙමෙයි facebook එකෙන් පිට සමාජයේත් තියෙන ප්‍රශ්නයක්.
මිනිස්සු තමන්ට කරන්න බැරි, තමන්ට ලබා ගන්න බැරි දේවල්වලට වෛර කරන්න ගියාම නිකම්ම පිරිහෙනවා ඒක ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.
අපිට කරන්න බැරි දෙයක්,අපිට ලබාගන්න බැරි දෙයක් තව කෙනෙක් කරනවනන් ලබාගන්නවා නම්, අපිට ඒක අගය කරන්න බැරිනම් ඇයි අපි ඒක විවේචනය කරන්නේ.
ඒක අපිට අදාල නැති දෙයක් විදියට අපිට ඉන්න පුළුවන්කම තියනවනෙ.
අපි ඒක විවේචනය කරනවා කියන්නේ.අපේ හිත කුහකයි.
ඒක ගැන අපිට බලන් ඉන්න බෑ කියන එකනේ.
අපේ සිංහලයට කවදාවත් දියුණුවක් වෙන්න බැහැයි කියලා කියන්නේ ඔය කියන කුහකකම, වෛරය,ඉරිසියාව හින්දා තමයි.
වෙලා තියෙන ලැජ්ජා නැතිම වැඩේ තමයි සමහර මිනිස්සු ඒ මිනිසුන්ගේ ගති පැවතුම්වලින් අරගෙන එන ඉරිසියාව කුහකකම එහෙමපිටින්ම facebook එක ඇතූලෙත් පවත්වගෙන යන එක.
සතුටින් ඉන්න මගේ නිහතමානී යාළුවන්ට කියන්න තියෙන්නෙ ඕගොල්ලො ගොල්ලන්ට කැමති දේ කරන්න.
ඔයාලට සතුටු හිතෙන දේ කරන්න.
ඔයාලගේ ජීවිතේට දියුණුවක් වෙන ඔයාගේ ජීවිතේට සතුටක් ගෙන ඕනම දෙයක් කරන්න.
නමුත් කවුරු හරි ඔයාලාව විවේචනය කරනවා නම්,ඔයාලට හින්ට් පාස් කරනවා නම් ඒ මිනිස්සු දිහා බලලා කට කොනින් හිනා වෙලා ඔයාලා ඔයාලගේ ගමන යන්න.
මොකද ඔයාල හැමදාම දිනනවා. අර කුහකකමින් පිරිච්ච මිනිස්සුන්ගේ ජීවිතේ හැමදාමත් පරාජය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.
ඩිෂාන් ලියනගේ
No comments:
Post a Comment