මේ අවවාදය ⚠️
අනතුරු ඇඟවීම fake account තමන්ගේ ගිණුම තුළ තබා ගන්නා පුද්ගලයින්ට සහ
ඔවුන් සමඟ
සුහදව හැසිරෙන.
සබඳකම් පවත්වා ගන්නා පුද්ගලයින්ටයි,
උදව් උපකාර කරනා ගනුදෙනු කරනා පුද්ගලයින්ටයි☝️
නොදැනුවත් කමින් හැසිරෙන පුද්ගලයින්ටයි☝️
ඊයේ දිනයේදී මිලානෝ අපි සමූහයට
යම්කිසි දරුවෙක් සම්බන්ධයෙන් ආධාර ඉල්ලා පැමිණි පුද්ගලයින් සමග බුද්ධිමත් ලෙස හැසිරුණු මගේ admin මණ්ඩලයේ සියලු දෙනාට මුලින්ම ස්තූති කරනවා.
ඒ වගේම කියන්න තියෙන්නේ
තමන්ගේ බාහිර සමාජයේ සිදුවන වංචනික ක්‍රියා සම්බන්දයෙන් වගේම
සමාජ ජාලා තුළ සිදුවන වංචනික ක්‍රියා සම්බන්දයෙන් ක්‍රියා කිරීමේ දී ඔබ සැලකිලිමත් විය යුතුයි.
ඉතා සැලකිලිමත් විය යුතුයි ☝️
fake කියන්නේ වංචාවක්
fake account මගින් එන වංචනික පුද්ගලයින් සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමේදී
ඔබ ඔබගේ බුද්ධිය නුවණ පාවිච්චි කිරීම අනිවාර්යයි.
සති කීපයකට කලින් මගේ ළඟම මිතුරෙකුට ඇති වූ ප්‍රශ්නයත් සමග
මෙතෙක් ෆේක් ගිණුම් සම්බන්ධයෙන් අපි කළ යුත්තේ කුමක්ද කියන එක ගොඩක් දෙනෙක් ට හිතාගන්න බැරුව ගියා.
ෆේක් පුද්ගලයින්ව තමාගේ ගිණුම් තුල රඳවාගෙන ඔවුන් සමග ඇසුරු කළ පසු,
ඇතිවන ගැටලුකාරී තත්වයන් තුලදී කෝපයට පත් ඔබ සමාජ මාධ්‍ය භාවිතා කරමින් මොනා කිව්වත් වැඩක් නැහැයි කියන එක තමයි මගේ මතය.
ඒ වගේම කවුරු කොයි විදියට ලොකු වීර කතා කිව්වත්
ඔවුන් සම්බන්ධයෙන් ඇතිවන මානසික ගැටලු වලදී
පසුතැවීම් වලදි ඇතිවන කෝපය තුළදී කරකියාගත හැකි දෙයක් නොමැති බවයි මගේ පෞද්ගලික මතය.
ඉතින් අපි දැන් කතා කරමු ඊයෙ සිදු වූ දරුවෙක් සම්බන්ධයෙන් ආධාර ඉල්ලා පැමිණි ෆේක් පුද්ගලයින්ගේ ගැටලු සම්බන්ධයෙන්.
ඔවුන් fake ගිණුම් භාවිතා කරමින් මුදල් වංචා කිරීමට පැමිණි පුද්ගලයින්.
ලැජ්ජාවට හා කණගාටුවට කරුණ කුඩා දරුවන්ගේ රෝග ඉදිරිපත් කිරීමෙන් මේ වගේ පහත් ක්‍රියා සිදු කිරීමයි.
ඉතින්
යම් සමූහයක් තුළින් හෝ
යම් කෙනෙක්ගේ ගිණුමක් තුළින් හෝ යම් පිටුවක් (page) එකක් තුලින් හෝ කෙනෙකු තවත් කෙනෙක් සම්බන්ධයෙන් ඉදිරිපත් වෙනවා නම්
කෙනෙකු තවත් කෙනෙක් සඳහා ආධාර ඉල්ලා සිටිනවා නම්
මුලින්ම කළ යුත්තේ තමන්ගේ අනන්‍යතාවය අනිත් අයට ඉදිරිපත් කිරීමයි.
ඒ වගේම රෝගියෙක් සඳහා හෝ අසරණ පවුලක් සඳහා යම් ආධාර මුදලක් හෝ උපකාරයක් ඉල්ලා සිටිනවා නම්
ඒ යටහත් පුද්ගලයින් සම්බන්ධව ලියකියවිලි ඉදිරිපත් කිරීම අනිවාර්යයයි.
එසේ නොමැතිව සමූහයන් තුළ හෝ
යම් අයගේ පෞද්ගලික ගිණුම් තුල තමන්ගේ දුක්ගැනවිලි කියා මඩිය තරකරගන්නට පැමිණෙන
වංචාකාරයන් පිළිබඳ ඔබ හැමෝම දැනුවත් විය යුතුයි
ඒ වගේම ඒවාට ප්‍රතිචාර දැක්විය යුතුයි.
මිලානෝ අපි සමූහය ගැන කතා කරනවනම්
මේ සමූහය තුළින් කිවහැකි කිව නොහැකි උදව් උපකාර ගොඩක් අපි කලා.
මේ සමූහය ඇත්තටම අපි නිර්මාණය කලේ මිනිස්සුන්ට උදව් කරන්න නෙවෙයි.
අපි සාමාජිකයින් අතර සතුටු වෙන්න විතරයි.
හැබැයි සමූහය ගොඩනගා ගත් පසු අපේ ඇඩ්මින් මණ්ඩලය ඇතුළු සියළුදෙනා තීරණය කළා මේ
සමූහය තුලින් ගොඩක් අයට අපිට උදව් කරන්න හැකියාව තියෙනවා නේද
අපි උදව් කරමුයි කියන එක
ඉතින් අපි ඒක පටන් ගත්තා.
හැබැයි මතක තියාගන්න.
අපි හැම කෙනෙක්ටම (හැම ඇඩ්මින් කෙනෙකුටම)
තමන්ගේ පෞද්ගලික වැඩ රාජකාරි තියෙනවා.
ඒ අතර තමයි ඒ හැම කෙනෙක්ම ඔබ වෙනුවෙන් කැප වෙන්නේ.
ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ.
ඒකට ගෞරවයක් සෑම සාමාජිකයෙක්ම තැබිය යුතුයි.
ඔවුන් යම් මතයක් ඉදිරිපත් කරනවා නම්
එම මතයට ඔබ එකඟ නම්
ඔබ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම ඔබේ වගකීමක්.
ඉතින් සැලකිලිමත් වෙන්න
ඔබගේ ගිණුම් තුල හෝ
ඔබ දන්නා සමූහයන් තුළ ෆේක් ගිණුම් තුලින් හැසිරෙන පුද්ගලයින් සහ ඔවුන්ගේ යටි අරමුණ පිළිබඳව දැනුවත් වෙන්න.
ඔබ මෙන්ම සමාජය ද දැනුවත් කරන්න.
සමූහයක ඇඩ්මින්වරුන් ඉදිරිපත් වෙන්නෙ මිනිස්සුන්ට අවංකව උදව් කරන්න.ඒකට ගරු කරන්න.
රැවටෙන්න එපා කිසිම නන්නාදුනන අනන්‍යතාවය ඔප්පු කරන්නට බැරි කිසිම පුද්ගලයෙකුට.
හැමෝටම ජය
ඇඩ්මින්.
ඩිෂාන් ලියනගේ.
No comments:
Post a Comment