නුඹ නොවිඳපු ආදරයද ඒ...❤️
නුඹ නොවිඳපු විරහවද
ඒ 😰
මා සැමදාමත් අසා තිබුණේ මිනිස්සු වැඩියෙන්ම සංවේදී වෙන්නෙ තමන්ගෙ වේදනාවට විතරක්මයි කියලා. එය යළිත් වරක් සිහි ගන්වමින් මෙය ලිවීමට තරම් මා පෙළඹවූයේ පසුගිය කාලයේ සිදුවූ එක්තරා සිදුවීමකි.
එනම් කුවේට් රටේ දැනට සේවය කරන එක ශ්‍රී ලාංකික තරුණියක් හඬා වැලපෙමින් ඇයගේ ආදර කතාවත් සමග සමාජ ජාලා තුලින් ඉදිරියට පැමිණීමය.
එම කතාව විශාල මාතෘකාවක් වෙමින් ෆේස් බුකිය තුල බොහෝ පෝස්ට් පවා හුවමාරු වූ අයුරු මා දුටුවෙමි.අප ද කිසියම් අවස්ථාවල යම් වචන වලින් අපගේ යහළුවන්ට පවා විහිලු,තහලු කලේය...නුමුදු කිසිම විටෙක අප ඇයට සිනාවූයේ නැත.ඇයගේ දුකට , වේදනාවට සිනාවූයේ නම් නැත.
මාගේ වෑයම එම තරුණිය නිර්දෝශී කිරීම හෝ එයට අයත් අනෙක් පාර්ශ්වය වැරදිකරු කිරීම හෝ නම් නොවේ.
මා දුටු ඇය කළ එකම වරද නම් ඇයගේ පෞද්ගලික ජීවිතය සමාජ මාධ්‍ය හරහා එළියට දැමීමය. ඇය ඔහු වෙනුවෙන් කළ දේවල් ලෝකයක් ඉදිරියේ පැවසීම ද සැබෑ ආදරය ලෙස මම කිසිවිටෙක නොදකිමි.ඇය කළ අනුවණ කම කිසිම විටෙක සාධාරණීකරණය කළ නොහැකිය.කිමද එය දුක තුනී කරගැනීමට සාර්ථක ක්‍රමයක් නොවන බැවිනි.එය එසේ වුව ද ඇයගේ වේදනාව අපගේ උපහාසයට හෝ සිනහවට ලක් නොවිය යුතු ය.
වරද එසේ වුවද සමාජ මාධ්‍ය ජාලා තුල ඇයට සිනාසෙමින්, බැන වදිමින් ලියූ ,කියූ බොහෝ දෙනෙකු මා දුටුවේ ය.එයිනුත් වැඩිම පිරිසක් වූයේ ගැහැනුන්ය.😞ගැහැනියකට විරුද්ධව පළමු අවිය ඔසවන්නේ ගැහැනියක්ම බව මා දනිමි.එහෙත් එය ගැන බොහෝ අටුවාටිකා ලිවීමට මෙය අවස්ථාවක් කර නොගනිමි.කිමද මා ද ගැහැනියක නිසාවෙනි .
ඇයට සිනාසුනු ,ඇයට බැණ වැදුණු සියල්ලන්ටම මතක් කර දිය යුතු පළමු කාරණය නම් ප්‍රේමය නිසාවෙන් ජීවිතයේ කිසියම් අවධියක නොහඩපු ඇස්, නොරිදුනු හිත් සේම මෙවැනි ලද බොළඳ, මෝඩකම් නොකළ කෙනෙක් මේ ලෝකයේ සොයා ගැනීමට අසීරු බව ය.ඒ තරුණිය සේම තමා ආදරය කළ කෙල්ලන් පසුපස, කොල්ලන් පසුපස නොගිය කෙනෙක්ද නැති තරම් ය.☺️
සම( හරක්) පිරිමි ඇත්තෝ ද බොහෝ දේවල් ඉතා ඉක්මනින් අමතක කරමින් ලියා තිබු සැටි මා දුටුවෙමි.එහෙත් ගෙදර ගෑනි සිටින විට වෙන ගෑනු වෙනුවෙන් බෙල්ලේ වැල දාගෙන මැරුණු පිරිමිද ලංකාවේ සිටි බව ඔවුන්ට අමතක වී එම තරුණිය කල ,කී දේවල් වලට පමණක්ම බැන වැදී තිබූ අයුරු හා සිනහ වූ අයුරු මා දුටුවෙමි. මෙවැනි දේවල් සිනාසෙන්නට නොව අපට හිතන්නට දෙයක් ඉතිරි කර ඇත.
බොහෝ පිරිමි අයට මතක් කර දිය යුතු එක කාරණාවක් ඇත...එනම් ගැහැනියකගේ කඳුළු මතින් යන පිරිමියෙකුගේ ගමනක් කිසිම දිනක සාර්ථක නොවන බවයි.
පසුපස හැරී බැලුවොත් ජීවිතයේ කොතැනක හෝ වැරදුණු ගැහැණු ද ඇත, පිරිමි ඇත. ඇයට බැණ වදිමින් සුදු හුණු ගා ගන්නට හැදූ බොහෝ දෙනා මා දුටුවේ ජීවිතේ කිසිම දිනක වරදක් නොකල, වේදනාවක් නොවිඳපු,ආදරයක් නොවිඳපු අය ලෙස නම් නොවේ...
අනුන්ගේ දේවල් කරේ තබාගෙන යෑමට අපේ මිනිස්සු තරම් දක්ෂ කිසිවෙක් මේ ලෝකයේ මා දැක නැත.මිනිස්සු සැදී පැහැදී සිටින්නේම තවකෙකුගේ දෙයක් අසා බලා සිනා සීමට හා උපහාසයට ලක් කිරීමටය. අනුන්ට ඇඟිල්ල දිගු කිරීමට පෙර තමා දෙසට ඇඟිල්ල දිගු කර ගෙන බැලුවහොත් දැකගැනීමට බොහෝ දේවල් ඇත.
ආදරේ නොමැතිව මිනිස්සු ජීවත් වන්නේ නැත. අප මිනිස්සු වන්නේම ඒ නිසාය.
ඉතින් මා නැවතත් නුබට කියන්නේ ප්‍රේමය නිසා හඬා දොඩා බොළඳකම් නොකෙරූ කෙනෙකු නැති තරම්ය....මේ තරුණිය සේම වේදනාවට පත් නො වූ කෙනෙකු නැති තරම්ය ....
නුඹලාගේ අතීතයටද ගොස් හැරී බැලුවොත් නුඹලාට ද මතක් කර කර සිනාසෙන්නට ඇති කාරණා බොහොමයක් ඇතැයි මා සිතමි....තවත් කෙනෙකු උපහාසයට ලක් කිරීමට පෙර තමා දෙසට හොඳින් හැරී බලන්න.එවිට ඔබට බොහෝ දේවල් පෙනේවි.😀
කෙනෙකුගේ වේදනාවකට නුඹ කිසිම දිනක හේතුවක් වන්නට එපා.
එසේම කෙනෙකුගේ වේදනාවක් කිසිදිනක නුඹගේ සිනහවට හෝ උපහාසයට ලක් කරන්න එපා...බුකී වාසි සියල්ල දත් මිනිසුනේ නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වන්න උත්සාහ කරන්න එපා.🙏🙏
ප්‍රියංගි නිරෝෂා
No comments:
Post a Comment