Wednesday, April 10, 2019

කාළයකට පස්සේ යමක් කියන්න හිතුණා

--- කාළයකට පස්සේ යමක් කියන්න හිතුණා ---

ඉස්සර තරම් ලියන්න විවේකය අඩු වුනාට පුරුද්දකට වගේ ඉඩ තියෙන වෙලාවට බිත්තියේ බඩගාමින් යද්දි මේ පොටෝ එක දැක්කා...මේක දකිද්දී මට එකපාරටම මා දිහා හැරිලා බැලුවා...කතාව 100% ඇත්ත...අපි වටේටම කොච්චර නම් පිරිසක් ඇස් ගහගෙන ඉන්නවාද...


   ආදරයට ආදරය දීලා මුලු ජිවිතයම දෝතට දීලා පුදසුනකට කියලා හිතලා බිලි දුන්නේ කාටද...?හැරිලා බලපන් මොහොතක් සොයුරියේ...තනිකම මකාගන්න කියලා හිතලා උබ ජිවිතය බලන්න දුන්නේ කාටද...නග්න නුඹේ ජිවිතය කාගේ දෝතටද දුන්නේ...හැව අරින සර්පයෙකුට ඇයි කිරි පෙවුවේ කියලා නුඹට තාම තේරුණේ නැ නේද...?


  එදා දුන්නා වගේ කිසිම උපදෙසක් දැන් මට දෙන්න බැ..." අවවාදයට වඩා ආදර්ශය විශාලයි " කියලා මම හැමදාම හිතුවෙ...ඉතිං ආදර්ශයක් දෙන්න බැරි මම තවත් කොහොමද  උබලට මෙහෙම ඉදපන් කියලා කියන්නේ...ඒත් වැටෙන ජිවිතයකට අත දෙන්න මම කවදාවත් පසුබ⁣ට වෙන්නේ නැ...එදා වගේම හෙටත් නුඹේ කතාව අහගෙන නුඹලා එක්කම කඳුළුකැට ගනින්න මම ඉන්නවා...නමුත් වරදින්න තියෙන ඉඩකඩ හොඳින් හදුනාගැන්මට මාර්ගය තියෙද්දීත් ඇයි මේ ඒවට ඇහුම්කන් නොදි නිහඩව බලාගෙන ඉන්නෙ...අපේ ජිවිතයෙන් තවත් අපේම කෙනෙකුගේ ජිවිතය ගලවාගන්නට ඇයි පසුතැවෙන්නේ...?

අපට අප වෙනුවෙන් කල හැකි දැ බොහොමයි...ඉතිං නැවත අවදිවෙමු...!!!

**දුර්ගා**

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link