Tuesday, April 9, 2019

මිනිසුන් වෙසින් දෙවියන් සිටියි

මිනිසුන් වෙසින් දෙවියන් සිටියි...


මේ ඡායාරූපය පසුපස ඇත්තේ ඉතා සොඳුරු කතාවකි.. මේ ස්ථානය හෝමාගම ඩිපෝවට යන පාරට ඉදිරිපසය.. එතැන මේසයක් තබාගෙන දොඩම් බීම විකුණන මැදිවයස පසුකරමින් සිටින මහත්මයෙකි..ඔහු ඉතා පිරිසිදුවට තම රැකියාව කරන්නෙකි.... ඊයේ සවස හෝමාගමට යන අතරතුර දැනුනු මහන්සිය නිසා මම ද දොඩම් වීදුරුවක් බොන්නට එතැන නතර වීමි.. මම දොඩම් වීදුරුවක් මිලට ගෙන එය පානය කරමින් සිටින අතරතුර බෑගයක් කරේ එල්ලාගත් පිරිමි ළමයෙකු මා සිටි තැන පසු කරමින් ගමන් තරන්නට විය.. 


මද දුරක් ගොස් ආපසු හැරී බීම වෙළෙන්දා අසලට ආ තරුණයා බීම වීදුරුවක් කීයදැයි වෙළඳ මහතාගෙන් වීමසීය.. 


රුපියල් හැටයි...........ඒ වෙළඳ මහතාගේ පිළිතුරයි... 


ළමයා ආපසු හැරී යන්නට සූදානම් වීය... 


එන්න පුතේ බීම එකක් බීලා යන්න ... වෙළඳ මහතා දරුවාට නැවත ආමන්ත්‍රණය කලේය.. 


මගේ ලඟ තියෙන්නේ රුපියල් පනහයි.. දරුවාගේ කීය... 


කමක්නෑ සල්ලි එපා .. පුතා බීම එකක් බොන්න... පන්ති ගිහින් එන ගමන්නේ...  මහන්සියි නේ ..........කියමින් වෙළඳ මහතා ලහි ලහියේ දරුවාට බීම වීදුරුවක් සකසන්නට විය.. 


මිනිසුන් වෙසින් සිටින දෙවියන් එහෙමය.. එම වෙළඳ මහතා පිපාසය, කුසගින්න , වෙහෙස හොඳින් හඳුනන කෙනෙකැයි මට සිතේ... ඒ නිසාම දරුවා වෙනුවෙන් නොමිලයේ බීම වීදුරුවක් දෙන්නට තරම් ඔහු පොහොසත්ය... 


මිනිසුන් වෙසින් සිටින දෙවියන් එහෙමය......


හෝමාගම නගරය පසු කර පිටිපන හන්දිය දෙසට ඔබ යමින් සිටිනවා නම් මෙතැන විනාඩියක් නවතින්න... බීම වීදුරුවක් බී වෙහෙස නිවාගන්න... මේ උතුම් මිනිසාට සවියක් වෙන්න...


මිනිසුන් වෙසින් සිටින දෙවියන් එහෙමය....... 

පෝස්ට් එක ශානි ගුනරත්න

උපුටා ගැනීම ෴සංජීවන් ගුණතිලක෴

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link