Saturday, April 6, 2019

මනුරගේ සංචාරය 1

සංචාර සටහන්.....
අප සිටින්නෙ ඉතාලියේ සංචාරකයන්ට සංචාරයට යම් කිසි හෝ පොඩි ආසාවක් තියන අයට මේ බිමේ බලන්න තියන දේවල් අපේ ජීවිත කාලෙටම ඉවර කරන්න නම් බැරි වෙයි....සංචාරයට ආසාව තියන අයට පුංචි ආරාධනාවක් ඔයාලා යන එන තැන් ගැන පොඩි හෝ විස්තරයක් අපිත් එක්ක බෙදා හදා ගන්න..මම ගිය පොඩි ස්තානෙකින් මේ වැඩේ පටන් ගන්නවා...
   සිසිලි දූපතට අයිති පුංචි දූපත් සමූහයක් තියනවා දූපත් 7ක් පමන අයෝනියානු දූපත් නමින්, සිසිලි දූපතට ලගම දූපත තමා වුල්කානෝ කියන දූපත මෙය දූපතක් උනාට සක්‍රීය ගිණි කන්දක්,සිසිලි දූපතෙන් මේ දූපත් වලට ගමනාගමනයට මගී නැව් සහ අධිවේගී යාත්‍රා සේවයක් පවත්වාගෙන යනවා,,නැවේ නම් වාහනත් එක්කම යන්න පුලුවන්.මේ දූපත් සමූහය ලෝකෙ එක් සංචාරක පුරවරයක්,,ලෝකෙ ප්‍රසිද්ද මිනිස්සු සෑහෙන පිරිසකගේ නිවාස පවා පිහිටා තියනවා,,ඒ එක්කම  බිල් ගේට්ස් පවා මේ දූපත්වලට එන්න පුරුදු වෙලා ඉන්නවා ඒ තරම්ම ප්‍රසිද්දයි.
   මගේ චාරිකාව උනේ වුල්කානෝ දූපතට,අධිවේගී යාත්‍රාවකින් තමා ගියේ,දූපතේ පිහිටා තිබෙන්නේ කුඩා අවන්හල්,නවාතන් පොලවල් කුලියට දෙන නිවාස තමා,,මම දවසින් ආපු නිසා ගිණි කන්ද නගින්න නම් බැරි උනා,එයට විශේස සපත්තු පවා ඒ අසල කුළියට දෙනවා කදු නගින උපකරනත් සමග,අපි ඉතින් දූපතේ වාහන රෙන්ට් කරන ස්තානෙකින් වාහනයක් අරන් දූපත පුරා ඇවිද්දා,මේ පහල තියෙන්නේ ගිණි කන්ද..
  ඉතාලියේ තිබෙන තවත් සක්‍රීය ගිණිකන්දක් තමා
මේ..

                                                              මේ දූපතේ විශේශ දෙයක් තියනවා කුඩා සල්පර් කන්දක්,සිංහලෙන් කිවුවොත් ගෙන්දගම් කන්දක්,මේක ඇති වෙලා තියෙන්නේ මේ ගිණි කන්ද නිසා,මේ කුඩා ගෙන්දගම් කන්ද පාමුලම තියෙන්නේ කුඩා විලක්,,මඩ පිරෙන,,අර කන්දෙන් ගලන ගෙන්දගම් මේ කුඩා විලට එකතු වෙනවා,ගෙන්දගම් මිශ්‍ර වන මඩ නාන්න මේ දූපතට යන සේරම සංචාරකයන් පුරුදු වෙලා ඉන්නවා,,විශේශයෙන් මේ ගෙන්දගම් මිශ්‍ර මඩ ශරීරයේ චර්ම රෝග වලට අස්ථි රෝග වලට ඉතා ගුනදායකයි කියලා කියනවා.
  මඩ නාගන්න මිනිස්සු එතනම මූදට බහිනවා වතුර ඉතා රස්නයක් තියනවා.බුබුලු දමන්නම.හේතුව ගිණිකන්ද තමා...අනෙක තමා මූදු වෙරළ කලුම කලු පාටයි..වැලි මිනිරන් මිශ්‍රයි..මට මතක් උනේ අපේ රටේ පුල්මුඩේ වෙරළ තීරය...පුංචි දවසක සංචාරක සටහනකින් ඔයාලට ආරාධනය මතක් කලා ඔන්න වැඩකට නැති පෝස්ට් සෙයා කරනවට වඩා වැදගත් පොඩියට ලියලා පෝස්ට් කරන්න අක්ශර වින්‍යාස,අකුරු හරි වැරදි බලන්න කිසි කෙනෙක් නෑ..

(මනුර තමෙල්)

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link