Wednesday, April 17, 2019

ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන නෝත්‍රෙදාම් දෙව් මැදුරේ ඇති වූ ගින්න

ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන නෝත්‍රෙදාම් දෙව් මැදුරේ ඇති වූ ගින්න හේතුවෙන් එහි තැන්පත් කර තිබූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කටු ඔටුන්න ඇතුළු ශුද්ධ වූ වස්තුන් කිසිවකට හානි සිදුව  නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ දේවස්ථානය යළි පෞරාණිකත්වය රැකෙන අයුරින්ම ගොඩනැගීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි. රාජ්‍ය නායකයින් රැසක් මෙම විනාශය සම්බන්ධයෙන් ශෝකය පළකර තිබෙනවා.


ප්‍රංශයේ හදවත ලෙස සැළකෙන නෝත්‍රේඩාම් දේවස්ථානයේ ගින්න හට ගත්තේ ඊයේ රාත්‍රියේයි. ගින්නෙන් දේවස්ථාන ගොඩනැගිල්ලට දැඩි හානි සිදු වුණා. එය යළි පෞරාණික ස්වරූපයෙන් ගොඩනැගීමට අවශ්‍ය මූල්‍ය පරිත්‍යාග කිරීමට ප්‍රංශ ජාතිකයන් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. බර්නාඩ් අර්නෝල්ට් යුරෝ මිලියන 200 ක් සහ ෆ්‍රැන්කොයිස් හෙන්රි යුරෝ මිලියන  100 ක මුදලක්ද ලබාදීමට කැමැත්ත පල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දේවස්ථානයේ ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ. ඒ පිළිබද පරීක්ෂණ පැවැත්වීමට විශේෂඥ දැනුමකින් යුතු කණ්ඩායමක් පත්කර තිබෙනවා.


ප්‍රංශයේ හදවත වෙනුවෙන් ලොවම හඬයි


ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන නෝත්‍රේදාම් දෙව් මැදුරේ ඇති වූ ගින්න හේතුවෙන් එහි තැන්පත් කර තිබූ ජේසුස් ක්‍රිස්තුත් වහන්සේගේ කටු ඔටුන්න ඇතුළු ශුද්ධ වූ වස්තුන් කිසිවකට හානි සිදුව නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


මෙම දෙව් මැදුර වසර 850 කටත් වඩා ඉපැරණියි. ප්‍රංශයේ නෝත්‍රේදාම් දෙව් මැදුරේ ගින්න හට ගත්තේ ඊයේ රාත්‍රියේයි. දෙව් මැදුර පිහිටි ගොඩනැගිල්ලට ගින්නෙන් දැඩි හානි සිදු වුණා.


කතෝලික දේවස්ථානයේ වහලය පිහිටි ප්‍රදේශයේ හටගත් ගින්න හේතුවෙන් වහලයට අයත් කොටස් ගින්නෙන් දැවී ගොස් තිබෙනවා.දේවස්ථානයේ ප්‍රධාන සීනුවද ගින්නෙන් විනාශයට පත් වුණා. අද අලුයම වන විට ගින්න පාලනය කිරීමට හැති වුවද දේවස්ථාන ගොඩනැගිල්ලේ පෞරණික කොටසට දැඩි හානි සිදුව තිබෙනවා.


දේවස්ථානයේ වහලය මත සිට අහසට විහිදෙන ඊ තලය වැනි පෞරාණික කොටස සම්පූර්ණයෙන් දැවී විනාශයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.පැරීසියේ ගිනි නිවන භටයින් 500 කට වැඩි පිරිසක් ගින්න මැඩ පැවැත්වීම සදහා කටයුතු කළා. දෙවන ලෝක යුද්ධයෙන් පසු පිහිට වූ පස්වන ජන රජයේ ප්‍රථම ජනාධිපති ජෙනරාල් චාර්ල්ස් ඩිගෝල්, හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් පොමිපිඩු මෙන්ම ප්‍රංශුවා මිතතෝන් මිය ගිය පසු ඔවුන්ගේ අවසන්  ආගමික කටයුතු සිදු කළේද මෙම දේවස්ථානයේයි.


ප්‍රංශයේ හදවත ලෙස සැළකෙන මෙම දේවස්ථානය ප්‍රංශ ගෘහ නිර්මාන ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇති නිර්මාණයක් වනවා. වසරකට මිලියන 13 කට වැඩි බැතිමතුන් මෙම දේවස්ථානය වැද පුදා ගැනීමටද පැමිණෙනවා. දේවස්ථානයේ ගින්න හටගත් 15 වන සඳුදා රාත්‍රියේ ප්‍රංශ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට සූදානම්ව සිටිය ද මෙම සිදුවීමත් සමඟ එය අවලංගු කෙරුණා. එහෙත් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ,අගමැති එඩුවා පිලිප් ඇතුලු මැතිඇමතිවරුන් පිරිසක් දේවස්ථානය වෙත පැමිණ සිද්ධිය පිළිබඳ සොයා බැලුවා.


ප්‍රංශ ජනාධිපතිවරයා විශේෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ දේවස්ථානය යළි පෞරාණිකත්වය රැකෙන අයුරින්ම ගොඩනැගීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි. ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා විශේෂ පණිවුඩයක් යොමු කරමින් සඳහන් කරන්නේ 14 වන ශතවර්ෂයේ සිට පැවත එන මෙය ලෝක උරුමයක් ලෙස තමන් සලකන බවයි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් , ජර්මන් චාන්සලර් ඇන්ග්ලා මර්කල් මෙන්ම බ්‍රසීල ජනාධිපතිවරයා ඇතුලු රාජ්‍ය නායකයින් රැසක් සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.


ගින්න හට ගැනීමට හේතුව සොයා බැලීම සඳහා විශේෂඥ දැනුම සහිත කණ්ඩායම් කිහිපයක් පරික්‍ෂණ ආරම්භ කර තිබෙනවා. ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන නෝත්‍රේදාම් දෙව් මැදුර ඉදිරිපිට බැතිමතුන් අතිවිශාල පිරිසක් මේ වන විටත් යාඥා කරමින් සිටින ආකාරය දක්නට ලැබුණා.

ලෙව්මිත නාගහවත්ත👉



No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link