වඩා වැදගත්ම දේ...
ඒක මෙහෙම පටන් ගන්නම්.
ඒක ඇතුලේ කතාවකුත් තියෙනවා දැනට අවුරුදු එකොළහකට දොළහකට විතර කලින් මම දේවස්තානයේ වැඩ වලට ටිකක් ක්‍රියාකාරීව සහභාගි වුනා.
ඒ කාලේ දේවස්ථාන හිටපු පියතුමා හැමදේම දැක්කේ ටිකක් අලුත් විදිහට
එයාට ඕන කලා අපේ කතෝලික ආගමේ තියෙන පවුල් පොත කියන එක තව වැඩිදියුණු කරන්නත්,
පල්ලියට අයිති හැම පවුලක්ම බැහැදකින්න යන්නත්.ඒ අයගේ සුවදුක් විමසා බලන්නත්
ඒ අයගේ තොරතුරු ක්‍රමනුකූලව එක්රැස් කොට ලේකන ගත කරන්නත්.
මේ කතාව ටිකක් දිගට ආවට මේකේ වර්තමානයක් එක්ක ගලපද්දි හිතට දැනෙන දේ හරිම කනගාටුදායකයි.
ඒ කොටස අන්තිමට කියන්නම්.
ඉතින් දෙවස්තානයෙ පියතුමාට අවශ්‍ය වුණා අර බැහැ දකින්නට යන සියලුම පවුල් වල තොරතුරු ගබඩා කරන්න software එකක් නිර්මාණය කරන්න.
ඒ කටයුත්ත බාර වුනේ මට
ඒ කාලෙ ඔය අනං මනං ලොකු ලොකු software තිබුන් නෑ.
මම ඉගෙනගෙන තිබුනේ C++ සහ visual basic විතරයි.
ඉතින් මම visual basic උපයෝගී කරගෙන සොෆ්ට්වෙයා එකක් නිර්මාණය කළා.
මේ පවුල් වල තොරතුරු ගබඩා කරන්නට.
පසුව මට වඩා ගොඩක් දැනුම තියෙන මගේ හොඳම යාළුවා ජාවා වලින් නිර්මාණය කළා ඊට වඩා වැඩි දියුණු කළ software එකක් මේ තොරතුරු සඳහා.
ඉතින් අර කලින් කිව්වා වගේ සොෆ්ට්වෙයා එක නිර්මාණය කරන්න බාර වුනේ මට නිසා මට සිද්ධ වුණා ඒ පියතුමාලා දෙන්නත් එක්කලා ගමේ හැම ගෙදරකටම යන්නට.
අපි බන්ඩිරිපුව දේවස්ථානයට අයත් ලුණුවිල,ගාලවත්ත,මහවත්ත,පතිමාවත්ත, සහ ඒ අවට දේවස්ථානයට අයිති හැම නිවසකටම ගියා පවුල්වල තොරතුරු එක්රැස් කරන්න.
මට මතක හැටියට පවුල් 1000 කට වැඩි සංඛ්‍යාවක් පියතුමන්ලා බැහැ දැක්කා.
ඒ පවුල් බැහැදකීමේ කාර්යයේ දී
ඒ පවුල්වල තියෙන
ප්‍රශ්න
ගැටලු
ඒගොල්ලො අත් විඳින දේවල් ඒගොල්ලන්ගෙ ආර්ථික අපහසුතා දුක්ගැනවිලි හැම දෙයක්ම පියතුමන්ලා එක්ක පවසනවා.
ප්‍රශ්න
ගැටලු
ඒගොල්ලො අත් විඳින දේවල් ඒගොල්ලන්ගෙ ආර්ථික අපහසුතා දුක්ගැනවිලි හැම දෙයක්ම පියතුමන්ලා එක්ක පවසනවා.
මමත් ඒ බැහැදැකීමට මගෙත් එක්ක ගිය මගේ අනිත් යාලුවො දෙන්නත් ඒ දෙවල් දැක්කා ඇහුවා.
ඉතින් හරි පුදුමයි මිනිස්සුගෙ පවුල්වල තියන ප්‍රශ්න
විවිධාකාරයි..
සමහර අය පිටතට පෙන්වන ඉන්නවාට වඩා ඇතුළාන්තය තියන ප්‍රශ්න හිතාගන්න බැරි තරම්.
ඒ වගේම ලැජ්ජාසහගත හරි පිළිකුල්සහගත ප්‍රශ්නත් ඒ අතර වුණා.
මිනිස්සු ඒවට මුහුණ දෙන විදිය
ඒ හැම දෙයක්ම එක්ක දුක් විඳින විදිය
හරි පුදුමාකාරයි
ශෝචනීයයි.
ශෝචනීයයි.
මේ කතාවත් එක්ක මට කියන්න ඕන වුනේ
මේ කතාව උදාහරණයට අරගෙන මට කියන්න ඕන වුනේ
මම සමූහයක් නිර්මාණය කළා මිලානෝ අපි කියලා.
මේ සමූහය තුළ බැලූ බැල්මට විහිළු තහළු කිරීම සහ එක් එක්කෙනාගේ අදහස් ප්‍රකාශ කිරීම් පෙනුනත්
මේක යට කිවහැකි
කිව නොහැකි ගොඩක් අයගේ ප්‍රශ්න පෞද්ගලිකව විසඳන්නට මට හැකිවුණා.
කිව නොහැකි ගොඩක් අයගේ ප්‍රශ්න පෞද්ගලිකව විසඳන්නට මට හැකිවුණා.
සමහර දේවල් එළිපිට කිව්වත්
එළිපිට කිවනොහැකි පෞද්ගලිකත්වයට හානි වන දේවල් සද්ද නොකර විසඳන්නටද සිද්ධ උන අවස්ථා වැඩී.
ඒවා ගොඩක් කනගාටුදායක සිදුවීම්.
අර ඉහත කිව්ව පවුල්
බැහැ දැකීමෙ අත්දැකීම උපුටා ගත්තේ
බැහැ දැකීමෙ අත්දැකීම උපුටා ගත්තේ
ඒ පවුල් දහසකට අධික සංඛ්‍යාවක් බැහැදැකල ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැටලු ඇහුනත්.
පුදුමාකාර දේ නම්
මේ හැමදේටම වඩා මේ ටිකට මේ ඉතාලියෙ ඉන්න සමහර අයගේ ජීවිත
සමහර අයගේ ප්‍රශ්න වලට එබිලා බලපුවම
සුපිරි රටවල්වල ජීවත්වෙන මිනිස්සු කියල කිව්වට
සල්ලි මිටි ගණන් හම්බ කරනවා කියලා කිව්වට
අර ලංකාවේ තියෙන ප්‍රශ්න වලට වඩා ප්‍රශ්න මේ ඉතලියෙ ඉන්න ලංකාවේ මිනිස්සුන්ට තියෙනවා.
හිතාගන්නත් බෑ.
කොටින්ම සමහර දේවල් අහපුවාම මටම පුදුමයි.
පිටතට ලස්සනට පේන ජීවිත ඇතුලෙන් සීසීකඩ වෙලා.
පිටතට ලස්සනට පේන ජීවිත ඇතුලෙන් සීසීකඩ වෙලා.
විනාශවෙලා
facebook එකේ ලස්සන චරිත ලස්සන ජීවිත.. හිතාගන්නවත් බෑ.
ඒවා ඇතුළාන්තයෙන් හරියට දුක් විඳින ජීවිත
කඳුළු හලන ජීවිත බවට පත්වෙලා හරිම දුකයි.
සමහර දේවල් අහද්දී හරිම පිළිකුල්.
මොනාද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ.
මොනාද මේ මිනිස්සුන්ගෙ ජීවිත වලට වෙලා තියෙන්නෙ.
මිනිස්සු තමන්ගේ ජීවිත වලට සිද්දකර ගෙන තියෙන්නෙ මොනාද
කියලා අහද්දී
දකිද්දී
දැනගන්න ලැබෙද්දි හරිම කනගාටු දායකයි.
දකිද්දී
දැනගන්න ලැබෙද්දි හරිම කනගාටු දායකයි.
පවුල් ජීවිතය කියන දේ විහිළුවක් වෙලා
සම්බන්ධකම් තියන දේ හෑල්ලුවට ලක් වෙලා
ආදරේ කරන මිනිස්සු
ආදරෙන් ඉන්න ඕන මිනිස්සු තැන් තැන් වල විසිරිලා ගිහිල්ලා.
මෙවැනි ප්‍රශ්න තියෙන්නෙ ඉතාලියෙ ඉන්න විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට විතරක් නෙවෙයි.
මං හිතන්නේ අනිත් රටවල් වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින්ටත් මේ වගේම ගැටළු මේ වගේම ප්‍රශ්න ඇති.
මේ වගේම දුක්බර කතා ඕන තරම් ඇති.
කොහොම උනත් හැම කෙනෙක්ම මෙතනදී පොදුවේ තේරුම් ගත යුතු දෙයක් තියනවා.
ඒ තමයි තමකෙනක්ගේ ජීවිතයක වටිනාකම
බැඳීමක වටිනාකම
විස්වාසයේ වටිනාකම
ආදරයේ ස්නේහයේ වටිනාකම
බැඳීමක වටිනාකම
විස්වාසයේ වටිනාකම
ආදරයේ ස්නේහයේ වටිනාකම
ඔය ඉහත කී දේවල් විනාශ කරගෙන
තමන්ට හිතුමතේ ආසවන් පස්සේ බුද්ධිය පසකලා හදවතට ඉඩදී ඔබ මුලාවේ ගියත් දිනක ඔබ ඔබවම විනාශය කරා ගෙනගියායැයි හැගෙයි.
කනගාටුවට කරුණ එහෙම හිතෙන මොහොතේ ඔබ විනාශකරගෙන ඇත්තේ ඔබව පමනක් නොවීමයි.
පව්කාරයෙක් උන ඔබ
.. ඔබහා බැදුන සෑම දෙයක්ම කෙනෙක්ම ඒ මොහත වනවිට විනාශ කර තිබීමයි.
.. ඔබහා බැදුන සෑම දෙයක්ම කෙනෙක්ම ඒ මොහත වනවිට විනාශ කර තිබීමයි.
ඉතින් සැලකිලිමත් වන්න අවට සමාජය,අවට පරිසරය මෙන්ම පුද්ගල ඇසුර පිලිබඳ.
වඩා වැදගත් ඔබේ පවුලයි
ඔබ හා බැඳුන සබදකම් සහ ඔබ කෙරෙහි ඒ අය දක්වන ආදරයයි විස්වසයයි.
ඔබ හා බැඳුන සබදකම් සහ ඔබ කෙරෙහි ඒ අය දක්වන ආදරයයි විස්වසයයි.
මේ සමාජය විෂ වැඩී..
ඒ නිසා රැකෙන්න ඔබේ පවුල තුළ.
ඒ නිසා රැකෙන්න ඔබේ පවුල තුළ.
රැක ගන්න ඔබේ පවුල.
පවුල කියන්නේ අංක එක.
ඩිෂාන් ලියනගේ.
No comments:
Post a Comment