Sunday, March 31, 2019

ඉතාලියට වසන්ත කාලය

ඉතාලියට වසන්ත කාලය
️
(Primavera)
ඉතාලියේ සෑම වසරකම මාර්තු මස අවසන් සතියේ සෙනසුරාදා රාත්‍රියේ මැදියම් රැය පසුවී හරියටම පැය දෙකකට පසු පැයක් ඉදිරියට තබා ඉතාලියේ වෙලාව සංශෝධනය වීමක් සිදු වේ .
සුපුරුදු ලෙස මෙම අවුරුද්දේ ද මාර්තු මස අවසන් ඉරු දිනයේ ඉතාලියේ වෙලාව වෙනස් වීමක් සිදු වෙනවා.
ඒ අනුව පාන්දර 2.00 කියන්නේ පාන්දර 3.00 ට තමයි. ඉතිං එදාට ඉතාලියේ සිටින හැමෝටම නිදි යන්න වෙන්නෙ පැයක් අඩුවෙන් තමයි.
යුරෝපා සංගමයට අයත් රටවල මාර්තු අවසාන ඉරිදා සිට ඔක්තෝම්බර් අවසාන ඉරිදා දක්වා මෙම වේලාව සංශෝධනය වීම සිදු වේ.
මෙම වේලාව වෙනස් වීමේ ක්‍රියාවලිය (DST) Day Light Saving Time යනුවෙන් හඳුන්වනු ලබන අතර යුරෝපා සංගමයට අයත් රටවල් මෙම DST ක්‍රමය අනුගමනය කරයි.
ඒත් සමගම ඉතාලිය හා ලංකාව අතර වේලාව වෙනස පැය 3.30 විදියට වෙනස් වීමක් සිදු වෙනවා.
මෙම වේලාව වෙනස් වීමත් සමග ඉතාලියේ වෙසෙන සියළුම දෙනාගේ ජීවිත රටාව කිසියම් වෙනසක් සිදුවන සිදු වන අතර එයින් පලවෙනි තැනක් ගන්නේ අපගේ නිදා ගැනීමේ කාල වේලාව වෙනස් වීමයි.
ඉතාලියේ මෙම වේලාව වෙනස් වීමත් සමග ඉතාලියේ සුන්දරම කාලය ඒ කියන්නේ වසන්ත කාලය එළඹුණා කීවොත් ඉතාම නිවැරැදියි.
මාර්තු මාසය අවසාන වනවිට පටන් ගන්නා වසත් කාලය සමඟම මුළු පරිසරයම අප හා සිනාසෙන්නාක් මෙන් අපට දැනෙයි.
වැඩ කරන අපට පමණක් නෙවෙයි සතා සිවුපාවන් පවා ඉතාලියේ වසන්ත කාලය පිළිගන්නේ ඉතාම සතුටිනි.
උදෑසනින්ම නොඇසුන කුරුල්ලන්ගේ නාදය වෙනදාටත් වඩා කලියෙන්ම නුඹේ සවනට ඇහෙන්නට පටන් ගනීවි.
කොළ හැලී තිබූ ගස් කොළන් යළි පණ ලැබුණාක් මෙන් අතුපතර විහිදෙමින්,දළු ලමින්,මල් පිපෙමින් හා වේලාසනින්ම මුළු පරිසරයම වසාගත් අඳුරු කාලය නිමා කර වෙනදාට වඩා කලියෙන් හිරු පායා ඒ මෙන් ද අපට කියා පාන්නේ ඉතාලියට වසත් කාලය පැමිණි බවයි.
සීතල කාලය නිමා කර පැමිණෙන මේ වසන්ත කාලයත් සමග මුලු ඇඟම වසාගෙන කබාය වල් වලින් සැරසීගෙන,සීතලේ ගුලි වී උන් කාලය නිමාවට පත්වෙයි. 朗
මේ හැමදෙයකින්ම කියවෙන්නේ සුන්දර ඉතාලියට අප කවුරුත් බලා සිටි වසන්ත කාලය පැමිණි බවයි.
ඉතින් වසත් කාලය අපි නුඹව ආදරයෙන් පිලිගනිමු.
සුභ දවසක් 













️...ප්‍රියංගි නිරෝෂා

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link