Bonus Mamme(premio nascita)
අනාගත මව්වරුන් උදෙසා ඉතාලි රජය මගින් පිරිනැමෙන තවත් එක් සත්කාරයක් වශයෙන් හදුන්වාදිය හැක..
මෙමගින් € 800ක දීමනාවක් ඔබට ලබාගත හැක.
~Bonus Mamma domani සහනාධාරය සඳහා අයදුම් කළ හැක්කේ ගර්භණී සමයේ 7 වන මස සම්පූර්ණ වීමෙන් පසුවය.
~ඔබගේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයා විසින් සහතික කරන ලද (ගර්භණී විස්තර හා දරු ප්‍රසූතිය සිදු වන දින අවමයෙන්) ලිපිය අත්‍යවශ්‍යය වේ.
~දරු ප්‍රසූතියෙන් පසු අයදුම් කරන්නේ නම් රෝහලෙන් පිටවන විට ලබා දුන් දරුවාගේ වෛද්‍ය ලියකියවිලි අවශ්‍ය වේ.
~ඉතාලියේ අදාල නගරය තුළ ලියාපදිංචිව සිටීම අනිවාර්ය වේ.
~ඉතාලිය තුළ රැඳී සිටීමේ නීත්‍යානුකූල බලපත්‍රය තිබිය යුතුය.
(Permesso di soggiorno/carta di soggiorno)
(Permesso di soggiorno/carta di soggiorno)
~මෙය අයදුම් කළ හැක්කේ INPS ආයතනය හරහා පමණකි.
~වාර්ෂික ආදායම ගණනය කරන ලියවිල්ලෙහි (ISEE) අවම අගය 13,000 ට වඩා අඩු නොවිය යුතු අතර උපරිම අගයක් දක්වා නැත.
~මෙම €800 ලබාදීම තුළින් රජය බලාපොරොත්තු වන්නේ මූලිකවම ආර්ථික අපහසුතා ඇති පවුල් හට සහනයක් වීමටත් ගර්භනි කාලය තුල පවත්වන සමහරක් වෛද්‍ය හමු, ස්කෑන්, පරීක්ෂණ සඳහා වැයවෙන මුදල් මෙන්ම අලුත ඉපදෙන දරුවාට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහාත්ය.
~ අයදුම් කිරීම සඳහා Caf,CGIL වැනි ආයතනයකින් සහාය ලබාගත හැක.
~ අයදුම් කිරීමෙන් පසුව උපරිම මාස 3 වැනි කාලයක් තුළ අදාළ මුදල බැංකු ගිණුමට හෝ චෙක් පතකින් ලබාගත හැකි බවද සදහන්වේ.
ගයනි සුධීරා ලියනගේ
No comments:
Post a Comment