Sunday, March 31, 2019

මොකක්ද මේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක.

උපුටා ගැනීම Thimira Madusanka Thenuwaraගෙන්.
(ටය්ම් බේස් කතාව ඉතාලියනම් අදාල වෙන එකක් නෙමෙ නමුත් අනිත් තොරතුරු ලෝකෙටම පොදුය්) .
Time base පැකේජ් වල data limit එක exceed කරාට පස්සේ දෙන ස්පීඩ් එක ගැන අපි හැමෝම දන්නවා. ඒත් 90%ක් දෙනා හිතාගෙන ඉන්න දේ වැරදි. ඒකට හේතුව වෙන්නේ තියෙන අනවබෝධය.
අද මං කතා කරන්න හදන්නේ පොදුවේ භාවිතා වන මේ internet speed එකේ තියෙන අනවබෝධය ගැන
මුලින්ම බලමු මොකක්ද මේ KB/s සහ Kb/s (kp/s කියන්නෙත් මේකටමයි) කියන්නේ මොකක්ද කියල. KB/s සහ kp/s තියෙන්නේ data transfering වර්ග දෙකක ස්පීඩ් එක මනින්න.
01. KB/s - Kilo bytes per second
මේක භාවිතා වෙන්නේ ෆයිල් සයිස් එක measure කර ගන්න. පරිගණක තාක්ෂණයේදී K කියන එක භවිතා වෙන්නේ 1024 කියන value එක නියෝජනය කරන්න. ඒ අනුව අපිට බලා ගන්න පුළුවන් කොහොමද file size හැදෙන්නේ කියන එක.
1KB (KiloByte) = 1024 Bytes (ආසන්න වශයෙන් 1000 Bytes)
1MB (MegaByte) = 1024 KB (ආසන්න වශයෙන් 1000 KiloBytes or 1 million Bytes)
1GB (GigaByte) = 1024 MB (ආසන්න වශයෙන් 1000 MegaBytes or 1 billion Bytes)
1TB (TerraByte) = 1024 GB (ආසන්න වශයෙන් 1000 GigaBytes or 1 trillion Bytes)
02.Kb/s නැත්තම් kbps - kilo bits per second
මෙන්න මේක තමයි data transfering speed එක මනින එක. Internet එකේ වේවා local network වේවා පාවිච්චි වෙන්නෙ මේ Kb/s, එහෙමත් නැත්තම් kb/s මිසක් KB/s නෙවෙයි. අපි දැන් බලමු කොහොමද මේ ස්පීඩ් එක හැදෙන්නේ කියල. පරිගණක තාක්ෂණයේදී k භාවිතා වෙන්නේ 1000 කියන value එක නියෝජනය කරන්න.
1 kb/s (kilo bits per second) = 1000 bits per second
1 Mb/s (mega bits per second) = 1000 kilo bits per second.
1 Gb/s (giga bits per second) = 1,000 mega bits per second.
Internet service provider සහ Internet speed එක
බොහොමයක් අයට පැටලෙන තැනක් තමයි මේක. ඉස්සරවෙලා මම කිව්වා වගේම ගොඩක් අය අනවබෝධය සහ නොදැනුවත්කම හේතුවෙන් KB/s සහ kb/s කියන දෙක එකක් කියන එක හිතාගෙන ඉන්නවා. ඔව් යම් තාක් දුරකට මේක අපැහැදිලියි තමයි ගොඩක් අයට.
උදාහරණයකට ගමු ලකාවේ එක්තරා ISP කෙනෙක්ගේ timebased packages. ඒ පැකේජස් වල එක්තරා ඩේටා ලිමිට් එකකට පස්සේ transfering speed එක අඩුවෙනවා 512Kb/s වලට. ඔය ස්පීඩ් එකට ආවට පස්සේ මිනිස්සු ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි ආපෝ ස්ලෝනේ, කියන ස්පීඩ් එක දෙන්නේ නෑනේ කියන එක.
ඇත්තටම එතනදි වෙන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ 512KB/s ස්පීඩ් එක මිසක 512kb/s නෙවෙයි. ඒකට හේතුව මම උඩ කියපු හේතුව තමයි. ඔය 512kb/s කියන ස්පීඩ් එක එක මිනිස්සු ඇත්තටම බලාපොරොත්තු වෙන KB/s වලින් මැන්නොත් කොහොම අගයක් වේවිද? 
ඕකට සරල සමීකරණයක් තියෙන්නේ.
Download KB/S speed = (Kbps value*1000) /8)) / 1024.
උදාහරණයට උඩ කියපු 512kb/s එහෙමත් නැත්තම් 512Kb/s කියන එකම ගමු.
512 * 1000 = 512000
512000 / 8 = 64000
64000 / 1024 = 62.5 KB/s
අන්තිම උත්තරය ආවේ 62.5KB/s කියල. ඒ කියන්නේ අපිට 512Kb/s ස්පීස් එකේදී අපිට ඇත්තටම තප්පරයකදී ට්‍රාන්ස්ෆර් වෙන kilo byte (කිලෝ බයිට් ගණන) 62.5ක්. ඕක MB, එහෙමත් නැත්තම් මෙගා බයිට් වලින් මැන්නොත් ආසන්න වශයෙන් මෙගා බයිට් 0.0625 වගේ අගයක් එන්නේ.
ඔය අතරේ සිගන්ල් ලොස් වෙන එකෙන් අඩු වෙන ස්පීඩ් එකත් එක්ක ගත්තම තවත් ස්පීඩ් එක අඩු වෙනවා.
ඔය දේම අපි ආයේ හැරෙමු broadband connections වල තියෙනවා කියන 4Mb/s කියන ස්පීඩ් එක ගැන කතා කරන්න. 4Mb/s හැදෙන්නේ 1Mb/s ඒවා 4ක් එකතු වෙලානේ. ඇත්තටම 1Mb/s කියන ස්පීඩ් එකෙදි තප්පරේකට කොච්චර ඩේටා ප්‍රමාණයක් එනවද? 
උඩ සමීකරණයට දාල හැදුවම
1Mb/s = 122.1KB/s
ඒ කියන්නේ තප්පරේකට 1Mb/s ස්පීඩ් එකක් ආවොත් අපිට තප්පරේකට හම්බෙන ඩේටා වල සයිස් එක 122.1KB වෙන්නේ. නැතුව 1Mb/s කියන එකෙන් තප්පරේකට 1MB (mega byte) හම්බෙන්නේ නෑ.
ඔන්න ඕකයි ඇත්ත කතාව. දැන් ගොඩක් අයට තේරෙනවා ඇති මොකක්ද මේ Kbps සහ KB/s කියන එකෙයි, Mb/s සහ MB/s කියන එකෙයි වෙනස.
අපි මේ ගැන තවත් කතා කරමු පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ශන් එකේ. මොනව හරි වැරැද්දක් තිබ්බොත් ඒක ගැනත් කතා කරමු. ශෙයාර් පාරක් දාල කට්ටියට කියන්න

Reposting.








Viman Wiswajith

ඉතාලියට වසන්ත කාලය

ඉතාලියට වසන්ත කාලය
️
(Primavera)
ඉතාලියේ සෑම වසරකම මාර්තු මස අවසන් සතියේ සෙනසුරාදා රාත්‍රියේ මැදියම් රැය පසුවී හරියටම පැය දෙකකට පසු පැයක් ඉදිරියට තබා ඉතාලියේ වෙලාව සංශෝධනය වීමක් සිදු වේ .
සුපුරුදු ලෙස මෙම අවුරුද්දේ ද මාර්තු මස අවසන් ඉරු දිනයේ ඉතාලියේ වෙලාව වෙනස් වීමක් සිදු වෙනවා.
ඒ අනුව පාන්දර 2.00 කියන්නේ පාන්දර 3.00 ට තමයි. ඉතිං එදාට ඉතාලියේ සිටින හැමෝටම නිදි යන්න වෙන්නෙ පැයක් අඩුවෙන් තමයි.
යුරෝපා සංගමයට අයත් රටවල මාර්තු අවසාන ඉරිදා සිට ඔක්තෝම්බර් අවසාන ඉරිදා දක්වා මෙම වේලාව සංශෝධනය වීම සිදු වේ.
මෙම වේලාව වෙනස් වීමේ ක්‍රියාවලිය (DST) Day Light Saving Time යනුවෙන් හඳුන්වනු ලබන අතර යුරෝපා සංගමයට අයත් රටවල් මෙම DST ක්‍රමය අනුගමනය කරයි.
ඒත් සමගම ඉතාලිය හා ලංකාව අතර වේලාව වෙනස පැය 3.30 විදියට වෙනස් වීමක් සිදු වෙනවා.
මෙම වේලාව වෙනස් වීමත් සමග ඉතාලියේ වෙසෙන සියළුම දෙනාගේ ජීවිත රටාව කිසියම් වෙනසක් සිදුවන සිදු වන අතර එයින් පලවෙනි තැනක් ගන්නේ අපගේ නිදා ගැනීමේ කාල වේලාව වෙනස් වීමයි.
ඉතාලියේ මෙම වේලාව වෙනස් වීමත් සමග ඉතාලියේ සුන්දරම කාලය ඒ කියන්නේ වසන්ත කාලය එළඹුණා කීවොත් ඉතාම නිවැරැදියි.
මාර්තු මාසය අවසාන වනවිට පටන් ගන්නා වසත් කාලය සමඟම මුළු පරිසරයම අප හා සිනාසෙන්නාක් මෙන් අපට දැනෙයි.
වැඩ කරන අපට පමණක් නෙවෙයි සතා සිවුපාවන් පවා ඉතාලියේ වසන්ත කාලය පිළිගන්නේ ඉතාම සතුටිනි.
උදෑසනින්ම නොඇසුන කුරුල්ලන්ගේ නාදය වෙනදාටත් වඩා කලියෙන්ම නුඹේ සවනට ඇහෙන්නට පටන් ගනීවි.
කොළ හැලී තිබූ ගස් කොළන් යළි පණ ලැබුණාක් මෙන් අතුපතර විහිදෙමින්,දළු ලමින්,මල් පිපෙමින් හා වේලාසනින්ම මුළු පරිසරයම වසාගත් අඳුරු කාලය නිමා කර වෙනදාට වඩා කලියෙන් හිරු පායා ඒ මෙන් ද අපට කියා පාන්නේ ඉතාලියට වසත් කාලය පැමිණි බවයි.
සීතල කාලය නිමා කර පැමිණෙන මේ වසන්ත කාලයත් සමග මුලු ඇඟම වසාගෙන කබාය වල් වලින් සැරසීගෙන,සීතලේ ගුලි වී උන් කාලය නිමාවට පත්වෙයි. 朗
මේ හැමදෙයකින්ම කියවෙන්නේ සුන්දර ඉතාලියට අප කවුරුත් බලා සිටි වසන්ත කාලය පැමිණි බවයි.
ඉතින් වසත් කාලය අපි නුඹව ආදරයෙන් පිලිගනිමු.
සුභ දවසක් 













️...ප්‍රියංගි නිරෝෂා

Saturday, March 30, 2019

ගැහැනිය මෙවලමක් කලේ ඔබයි

අැත්තටම ගැහැනියක වු අප හරිම කැමතියි සුදුස්සන්ගේ තැන සුදුස්සන්ට දිමට...අද ඒ තත්ත්වයයෙන් අපිව ඈතට විසි කලේ පිරිමින් විසින්ම නොවෙද?...සියුමැලි ළදක් සේ ආදරය දෙමින් කෑම බීම පිස දෙමින්...ගේදොර වැඩ කරගෙන දරුවන්ට / සැමියට ආදරය රැකවරණය දීගෙන සිටිමට අපි නිරන්තරයෙන්ම ඇප කැප වූ වෙමු...නමුත් අද මුදල් උපයන ලොව වඩාත්ම වේගවත්ම ,බලවත්ම මෙවලමක් ලෙස කාන්තාව ලොවට දායාද වී ඇත...?
   ගේ දොර බලාගෙන...දරුවන්ට උගන්වමින් රස ආහාර පාන සෑදු මව...බිරිද අද නැත... ගැහැනුන් වන අපි සෑම රැයකම කඳුළු සලන්නේමු...ඒ ඇයි දැයි කීයනවා නම්... මේ වෙහසකාරි ජිවිතයට   මුණ දෙන්න තරම් අපිට ශක්තිය නොමැති විමෙනි...
    නමුත් ආරූඪ කරගත් චරිතයක් අප මවා ගෙන ශක්තිමත් ගැහැනියක ලොවට බිහි විය...වරද සම්පූර්ණම කාටද දිය යුත්තේ.???
   තාත්තෙක් ලෙස ඔහු ඔහුගේ යුතුකම් පැහැර හැරියේය...
සැමියෙකු ලෙස මුදල් උපයන යන්ත්‍රයක් සේ තම බිරිදව යොදා ගන්නේය...
    කීමට බොහොමයක් දේ ඇත....
කාන්තාවන් වු අප ආදරය පමණක් නොව සියුමැලි ජිවිතයක්ද ලැබෙනතුරු බලා සිටින්නෙමු....!!!

**දුර්ගා**





Family

වඩා වැදගත්ම දේ...
ඒක මෙහෙම පටන් ගන්නම්.
ඒක ඇතුලේ කතාවකුත් තියෙනවා දැනට අවුරුදු එකොළහකට දොළහකට විතර කලින් මම දේවස්තානයේ වැඩ වලට ටිකක් ක්‍රියාකාරීව සහභාගි වුනා.
ඒ කාලේ දේවස්ථාන හිටපු පියතුමා හැමදේම දැක්කේ ටිකක් අලුත් විදිහට
එයාට ඕන කලා අපේ කතෝලික ආගමේ තියෙන පවුල් පොත කියන එක තව වැඩිදියුණු කරන්නත්,
පල්ලියට අයිති හැම පවුලක්ම බැහැදකින්න යන්නත්.ඒ අයගේ සුවදුක් විමසා බලන්නත්
ඒ අයගේ තොරතුරු ක්‍රමනුකූලව එක්රැස් කොට ලේකන ගත කරන්නත්.
මේ කතාව ටිකක් දිගට ආවට මේකේ වර්තමානයක් එක්ක ගලපද්දි හිතට දැනෙන දේ හරිම කනගාටුදායකයි.
ඒ කොටස අන්තිමට කියන්නම්.
ඉතින් දෙවස්තානයෙ පියතුමාට අවශ්‍ය වුණා අර බැහැ දකින්නට යන සියලුම පවුල් වල තොරතුරු ගබඩා කරන්න software එකක් නිර්මාණය කරන්න.
ඒ කටයුත්ත බාර වුනේ මට
ඒ කාලෙ ඔය අනං මනං ලොකු ලොකු software තිබුන් නෑ.
මම ඉගෙනගෙන තිබුනේ C++ සහ visual basic විතරයි.
ඉතින් මම visual basic උපයෝගී කරගෙන සොෆ්ට්වෙයා එකක් නිර්මාණය කළා.
මේ පවුල් වල තොරතුරු ගබඩා කරන්නට.
පසුව මට වඩා ගොඩක් දැනුම තියෙන මගේ හොඳම යාළුවා ජාවා වලින් නිර්මාණය කළා ඊට වඩා වැඩි දියුණු කළ software එකක් මේ තොරතුරු සඳහා.
ඉතින් අර කලින් කිව්වා වගේ සොෆ්ට්වෙයා එක නිර්මාණය කරන්න බාර වුනේ මට නිසා මට සිද්ධ වුණා ඒ පියතුමාලා දෙන්නත් එක්කලා ගමේ හැම ගෙදරකටම යන්නට.
අපි බන්ඩිරිපුව දේවස්ථානයට අයත් ලුණුවිල,ගාලවත්ත,මහවත්ත,පතිමාවත්ත, සහ ඒ අවට දේවස්ථානයට අයිති හැම නිවසකටම ගියා පවුල්වල තොරතුරු එක්රැස් කරන්න.
මට මතක හැටියට පවුල් 1000 කට වැඩි සංඛ්‍යාවක් පියතුමන්ලා බැහැ දැක්කා.
ඒ පවුල් බැහැදකීමේ කාර්යයේ දී
ඒ පවුල්වල තියෙන
ප්‍රශ්න
ගැටලු
ඒගොල්ලො අත් විඳින දේවල් ඒගොල්ලන්ගෙ ආර්ථික අපහසුතා දුක්ගැනවිලි හැම දෙයක්ම පියතුමන්ලා එක්ක පවසනවා.
මමත් ඒ බැහැදැකීමට මගෙත් එක්ක ගිය මගේ අනිත් යාලුවො දෙන්නත් ඒ දෙවල් දැක්කා ඇහුවා.
ඉතින් හරි පුදුමයි මිනිස්සුගෙ පවුල්වල තියන ප්‍රශ්න
විවිධාකාරයි..
සමහර අය පිටතට පෙන්වන ඉන්නවාට වඩා ඇතුළාන්තය තියන ප්‍රශ්න හිතාගන්න බැරි තරම්.
ඒ වගේම ලැජ්ජාසහගත හරි පිළිකුල්සහගත ප්‍රශ්නත් ඒ අතර වුණා.
මිනිස්සු ඒවට මුහුණ දෙන විදිය
ඒ හැම දෙයක්ම එක්ක දුක් විඳින විදිය
හරි පුදුමාකාරයි
ශෝචනීයයි.
මේ කතාවත් එක්ක මට කියන්න ඕන වුනේ
මේ කතාව උදාහරණයට අරගෙන මට කියන්න ඕන වුනේ
මම සමූහයක් නිර්මාණය කළා මිලානෝ අපි කියලා.
මේ සමූහය තුළ බැලූ බැල්මට විහිළු තහළු කිරීම සහ එක් එක්කෙනාගේ අදහස් ප්‍රකාශ කිරීම් පෙනුනත්
මේක යට කිවහැකි
කිව නොහැකි ගොඩක් අයගේ ප්‍රශ්න පෞද්ගලිකව විසඳන්නට මට හැකිවුණා.
සමහර දේවල් එළිපිට කිව්වත්
එළිපිට කිවනොහැකි පෞද්ගලිකත්වයට හානි වන දේවල් සද්ද නොකර විසඳන්නටද  සිද්ධ උන අවස්ථා වැඩී.
ඒවා ගොඩක් කනගාටුදායක සිදුවීම්.
අර ඉහත කිව්ව පවුල්
බැහැ දැකීමෙ අත්දැකීම උපුටා ගත්තේ
ඒ පවුල් දහසකට අධික සංඛ්‍යාවක් බැහැදැකල ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැටලු ඇහුනත්.
පුදුමාකාර දේ නම්
මේ හැමදේටම වඩා මේ ටිකට මේ ඉතාලියෙ ඉන්න සමහර අයගේ ජීවිත
සමහර අයගේ ප්‍රශ්න වලට එබිලා බලපුවම
සුපිරි රටවල්වල ජීවත්වෙන මිනිස්සු කියල කිව්වට
සල්ලි මිටි ගණන් හම්බ කරනවා කියලා කිව්වට
අර ලංකාවේ තියෙන ප්‍රශ්න වලට වඩා ප්‍රශ්න මේ ඉතලියෙ ඉන්න ලංකාවේ මිනිස්සුන්ට තියෙනවා.
හිතාගන්නත් බෑ.
කොටින්ම සමහර දේවල් අහපුවාම මටම පුදුමයි.
පිටතට ලස්සනට පේන ජීවිත ඇතුලෙන් සීසීකඩ වෙලා.
විනාශවෙලා
facebook එකේ ලස්සන චරිත ලස්සන ජීවිත.. හිතාගන්නවත් බෑ.
ඒවා ඇතුළාන්තයෙන් හරියට දුක් විඳින ජීවිත
කඳුළු හලන ජීවිත බවට පත්වෙලා හරිම දුකයි.
සමහර දේවල් අහද්දී හරිම පිළිකුල්.
මොනාද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ.
මොනාද මේ මිනිස්සුන්ගෙ ජීවිත වලට වෙලා තියෙන්නෙ.
මිනිස්සු තමන්ගේ ජීවිත වලට සිද්දකර ගෙන තියෙන්නෙ මොනාද
කියලා අහද්දී
දකිද්දී
දැනගන්න ලැබෙද්දි හරිම කනගාටු දායකයි.
පවුල් ජීවිතය කියන දේ විහිළුවක් වෙලා
සම්බන්ධකම් තියන දේ හෑල්ලුවට ලක් වෙලා
ආදරේ කරන මිනිස්සු
ආදරෙන් ඉන්න ඕන මිනිස්සු තැන් තැන් වල විසිරිලා ගිහිල්ලා.
මෙවැනි ප්‍රශ්න තියෙන්නෙ ඉතාලියෙ ඉන්න විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට විතරක් නෙවෙයි.
මං හිතන්නේ අනිත් රටවල් වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින්ටත් මේ වගේම ගැටළු  මේ වගේම ප්‍රශ්න ඇති.
මේ වගේම දුක්බර කතා ඕන තරම් ඇති.
කොහොම උනත් හැම කෙනෙක්ම මෙතනදී පොදුවේ තේරුම් ගත යුතු දෙයක් තියනවා.
ඒ තමයි තමකෙනක්ගේ ජීවිතයක වටිනාකම
බැඳීමක වටිනාකම
විස්වාසයේ වටිනාකම
ආදරයේ ස්නේහයේ වටිනාකම
ඔය ඉහත කී දේවල් විනාශ කරගෙන
තමන්ට හිතුමතේ ආසවන් පස්සේ බුද්ධිය පසකලා හදවතට ඉඩදී ඔබ මුලාවේ ගියත් දිනක ඔබ ඔබවම විනාශය කරා ගෙනගියායැයි හැගෙයි.
කනගාටුවට කරුණ එහෙම හිතෙන මොහොතේ ඔබ විනාශකරගෙන ඇත්තේ ඔබව පමනක් නොවීමයි.
පව්කාරයෙක් උන ඔබ
.. ඔබහා බැදුන සෑම දෙයක්ම කෙනෙක්ම ඒ මොහත වනවිට විනාශ කර තිබීමයි.
ඉතින් සැලකිලිමත් වන්න අවට සමාජය,අවට පරිසරය මෙන්ම පුද්ගල ඇසුර පිලිබඳ.
වඩා වැදගත් ඔබේ පවුලයි
ඔබ හා බැඳුන සබදකම් සහ ඔබ කෙරෙහි ඒ අය දක්වන ආදරයයි විස්වසයයි.
මේ සමාජය විෂ වැඩී..
ඒ නිසා රැකෙන්න ඔබේ පවුල තුළ.
රැක ගන්න ඔබේ පවුල.
පවුල කියන්නේ අංක එක.

ඩිෂාන් ලියනගේ.

Bonus Bebe

~2019 වසර සදහා Bonus bebe දීමනාව~

මේ වසරේදි ඉතාලි රජය මගින් අඩු ආදායම් ලාභී මව්වරුන්ට  ලැබෙන Bonus bebe සහනාදාරය මෙසේ ප්‍රකාශ කර ඇත.

~01-01-2019 සිට 31-12-2019
යන කාලය අතරතුර ඉතාලියේ බිහිවන හෝ දරුකමටහදා වඩා ගැනීමට ගන්නා දරුවන් සදහා ඉතාලි රජය මගින් අඩු ආදායම් ලාභී දෙමව්පියන්ට ලබාදෙන සහනාධාරය මසකට යුරෝ 80 බැගින් මාස දොළහකට දරුවාගේ වයස අවුරුද්දක් වනතුරු (මුළු මුදල €980) ලබා ගත හැක.
යම්හෙයකින් මීළග දරු උපත හෝ  දරුකමට හදා ගැනීමට භාරගන්නා දරුවකු  01-01-2019  සිට 31-12-2019 යන කාලය අතර තුර සිදුවුවහොත් (එනම් දරුවන් දෙදෙනාම එකම අවුරුදු තුළ උපතලද හොත්)
අදාළ කාලය සඳහා ප්‍රකාශිත මුදලට  20% අමතර එකතු වීමක් සිදුවේ.
~රජයෙන් ලබාදෙන මෙම සහනාධාරය ලබා ගැනීමට නම් ඔබ පවුලේ වාර්ෂික අදායම, පෙන්නුම් කරන අදාල ලියවිල්ලෙහි  (ISEE) උපරිම අගය €25,000 නොඉක්මවිය යුතුය.
~තවද ඔබගේ වාර්ෂික ආදායම (ISEE) €7000 ට වඩා අඩු නම් අදාළ මුදල මෙන් දෙගුණයක් ලබා ගත හැක.
(€ 160 මසකට බැගින්)
~මෙම Bonus Bebe දීමනාව ලබා ගැනීම සදහා ඉල්ලුම් කළ හැක්කේ INPS ආයතනය හරහා පමණකි.
ගයානි සුධීරා ලියනගේ..
https://www.periodofertile.it/essere-mamma/sostegno/bonus-2019-bebe-e-per-la-famiglia-cosa-ce-di-nuovo-e-cosa-e-confermato?utm_source=newsletter-947&utm_medium=email&utm_campaign=Magazine

Friday, March 29, 2019

Bonus Mamma

Bonus Mamme(premio nascita)
අනාගත මව්වරුන් උදෙසා ඉතාලි රජය මගින් පිරිනැමෙන තවත් එක් සත්කාරයක් වශයෙන් හදුන්වාදිය හැක..
මෙමගින් € 800ක දීමනාවක් ඔබට ලබාගත හැක.
~Bonus Mamma domani සහනාධාරය සඳහා අයදුම් කළ හැක්කේ ගර්භණී සමයේ 7 වන මස සම්පූර්ණ වීමෙන් පසුවය.
~ඔබගේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයා විසින් සහතික කරන ලද (ගර්භණී විස්තර හා දරු ප්‍රසූතිය සිදු වන දින අවමයෙන්) ලිපිය අත්‍යවශ්‍යය වේ.
~දරු ප්‍රසූතියෙන් පසු අයදුම් කරන්නේ නම් රෝහලෙන් පිටවන විට ලබා දුන් දරුවාගේ වෛද්‍ය ලියකියවිලි අවශ්‍ය වේ.
~ඉතාලියේ අදාල නගරය තුළ ලියාපදිංචිව සිටීම අනිවාර්ය වේ.
~ඉතාලිය තුළ රැඳී සිටීමේ  නීත්‍යානුකූල බලපත්‍රය  තිබිය යුතුය.
(Permesso di soggiorno/carta di soggiorno)
~මෙය අයදුම් කළ හැක්කේ INPS ආයතනය හරහා පමණකි.
~වාර්ෂික ආදායම ගණනය කරන ලියවිල්ලෙහි (ISEE) අවම අගය 13,000 ට වඩා අඩු නොවිය යුතු අතර උපරිම අගයක් දක්වා නැත.
~මෙම €800 ලබාදීම තුළින් රජය බලාපොරොත්තු වන්නේ මූලිකවම   ආර්ථික අපහසුතා ඇති පවුල් හට සහනයක් වීමටත්  ගර්භනි කාලය තුල පවත්වන සමහරක් වෛද්‍ය හමු, ස්කෑන්, පරීක්ෂණ සඳහා වැයවෙන මුදල් මෙන්ම අලුත ඉපදෙන දරුවාට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහාත්ය.
~ අයදුම් කිරීම සඳහා Caf,CGIL වැනි ආයතනයකින් සහාය ලබාගත හැක.
~ අයදුම් කිරීමෙන් පසුව උපරිම මාස 3 වැනි කාලයක් තුළ අදාළ මුදල බැංකු ගිණුමට හෝ චෙක් පතකින් ලබාගත හැකි බවද සදහන්වේ.
ගයනි සුධීරා ලියනගේ

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link